අම්බුළුවාව රජයට පවරාගනී...?


 ඉදිරි මාස කිහිපය ඇතුලත අම්බුළුවාව රක්ෂිතය එහි පාරසරික වටිනාකම් ආරක්ෂා කරමින් එහි සිටින ජනතාවට සාධාරණයක් ඉටු කරමින් ද නැවත ජනතාවගේ අයිතියට පත් කරණු ලබන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පවසයි.

ඩෙංගු මර්දනය කිරීමේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන ශ්‍රමදාන වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී පැවැත්වුන අතර ඒ අවස්ථාවේදි මාධ්‍යෙව්දීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.

මහජනතාවගේ දේපළ යම් කිසිවෙක් නිතිවිරෝධි ආකාරයට සදාචාරාත්මක ආකාරයට තමන් සන්තකයට ගෙන ඇත්නම් එයට එරෙහිව ක්‍රියාත්මක වන බවත් අම්බුළුවාව එවන් පරිසර පද්ධතියක් බවත් එය ජනතාවට අයිති දෙයක් වන අතර එය නැවත ජනතාවට ලබා දිම සදහා ඒ සදහා අවශ්‍ය නීති කෘතයන් කර ඇති බව පැවසු අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය පත්‍රිකා කිහිපයකට අවසර ගැනිමට ඉදිරි සති දෙක ඇතුලත කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන බවද පැවසිය.

වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද කිය'

අම්බුළුවාව රජයට පවරා ගැනිම සදහා යම් නීති කෘත්‍යක් සදහා පාර්ලිමේන්තුවේ යම අවසරයක් ගැනිමට අවශ්‍ය වුවහොත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබාගෙන ඉදිරි මාස කිහිපය ඇතුලතදි අම්බුළුවාව කියන රක්ෂිතය නැවත එහි පාරසරික වටිනාකම් ආරක්ෂා කර ගිනිමින් සහ එහි සිටින ජනතාවට සාධාරනයක් කරමින් නැවත ජනතාවගේ අයිතියට පත්කරනු ලබන බවද අමාත්‍යවරයා මේ බව පැවසිය.

චමිල් රූපසිංහ

2 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 30, 2026 at 12:33 AM

    අම්බුළුවාවත් ඉවරයි, දැන් ඕකත් පාඩු ලබන්ඩ පටන් ගන්නවා, ඒ පාඩුව පියවන්ඩ බදු මුදල් යොදවන්ඩ වෙනවා, කවදා ද තේරුම් ගන්නේ පෞද්ගලික අංශයට ව්‍යාපාර කරන්ඩ දීලා රජය පැත්තකට වෙලා ඉන්ඩ ඕනෑ ගොන් කම් නොකර කියලා....! ලංකාවේ ආණ්ඩු ඕක තේරුම් ගන් නෑ. බොහෝ අවස්ථා වල පෞද්ගලික අංශය එක්ක තරඟකාරීව වෙළඳාම් කරණවා, දෙගොල්ලොන්ටම පාඩුයි.

    ReplyDelete
  2. ආණ්ඩුව මේක භාර ගත්තොත් හොඳට දියුණු කරලා ගනී.

    ReplyDelete
Previous Post Next Post