දිවයින පුරා ඩෙංගු රෝගය දිනෙන් දින සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් අධි අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පැවතීම හේතුවෙන් , එය අධි වසංගත තත්ත්වයක් බවට පත්වීම වැළැක්වීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන මෙන්ම රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මෙම නියෝග නිකුත් කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ගනු ලැබූ තීරණ ප්‍රකාරව , 2026 ජුනි මස 24 දින සිට 26 දින දක්වා දින තුන "විශේෂ ඩෙංගු මර්දන දින" ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, එම දින තුන තුළ දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වලට අනුව මේ වන විට බස්නාහිර පළාත අධි අවධානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇත.
චක්‍රලේඛය මඟින් අවධාරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පහත පරිදි වේ.
- ආයතනික වගකීම: සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍රයන් මදුරුවන් බෝවන ස්ථාන වලින් තොර බවට සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ සෘජු වගකීමක් වන අතර , ජුනි 24 සිට 26 දක්වා කාලය තුළ සියලු සේවකයින්ගේ දායකත්වයෙන් ආයතන පරිශ්‍ර පිරිසිදු කළ යුතු වේ.
- අධ්‍යාපන ආයතන සුරක්ෂිත කිරීම: පාසල්, පිරිවෙන් සහ උසස් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සහය ලබාගත යුතුය. එමෙන්ම සෑම සතියකම සඳුදා සහ සිකුරාදා දිනවල විනාඩි 30 බැගින් වූ කාලයක් වෙන් කර පාසල් පරිශ්‍ර පරීක්ෂා කළ යුතු අතර , සිසුන් සංඛ්‍යාව මත පදනම්ව පාසල් ඩෙංගු මර්දන කමිටු වහාම ස්ථාපිත කළ යුතුය.
- ප්‍රජා මට්ටමේ ක්‍රියාකාරකම්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිවිල් සහ ස්වේච්ඡා සංවිධානවල සහය ඇතිව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
- දැඩි නීතිමය පියවර: මදුරුවන් බෝවන පරිදි නොසැලකිලිමත්ව පරිශ්‍රයන් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන, ඉදිකිරීම් භූමි හිමිකරුවන් සහ සිවිල් වැසියන්ට එරෙහිව පවතින සෞඛ්‍ය ආඥාපනත සහ පළාත් පාලන නීතිමය ප්‍රතිපාදන ප්‍රකාරව කිසිදු තරාතිරමකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පියවර ගත යුතුය.
මෙම සියලු මර්දන ක්‍රියාකාරකම් පිළිබඳව මාසික ප්‍රගති වාර්තා අදාළ අංශ හරහා ජනාධිපති ලේකම්වරයා වෙත සහ "ක්ලීන් ශ්‍රී ලංකා" ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට ද ආයතන ප්‍රධානීන්ට නියෝග කර ඇත.





රුහුණු විශ්වවිද්‍යාලයේ කෙල්ලෙක් මළා ඩෙංගු හැදිලා, ඒකයි මේ නටන්නේ, ගණන් ගන්ඩ එපා, මෙව්ව මේ කෙරෙන මඟුල් නෙවේ. පොඩ්ඩක් තදියම් වෙලා පෙන්නන්ඩ එපැයි අන්තරේ කෙල්ලෙක් නේ මළේ.
ReplyDelete''බිල් ගේට්'' විසින් දැවැන්ත අරමුදල් සපයා පවත්වාගෙන යන ''බයෝ ලැබ්'' මාරාන්තික මදුරැවන් බෝ කරනා අප්‍රිකානු සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල ස්ථාපිත කර පවත්වාගෙන යනු ලබනා ජනඝාථක මදුරැ ෆාම්වල නව මදුරැ ප්‍රභේද රට තුලට ශූකෂමව රැගෙනවිත් මුදා හරිනා බවත්,. සියල්ල සූකෂම ලෙසට සංචාරක වේසයෙන් පැමිනෙනා බටහිර ඵ්ජන්තයන් විසින් සිදුකරනා බවත්, අති විශාල සංචාරක නිවාසහිමියන්, සංචාරක මගපෙන්වන්නන් සැකකටයුතු ක්‍රියාකාරකම් පිලිබඳව විශාල වශයෙන් වාර්තා කර සිටිනා අතර,.රෝග කාරක මදුරැවන් රටට පැමිනෙන ගුවන්යානා මගින්ද මුදාහරිනා බවට තොරතුරැ වාරථා පවතින අතර, මදුරැ ෆාම් තුල වැඩිදියුනු කරනා රෝගකාරක මදුරැවන්, බටහිරයන්ගේනවතම ජෙෙව අවිය බවට පත්වී ඇති බැවින්,.
ReplyDeleteඅප්‍රිකාව තුල ජෙෙව අවි ෆාම් තුල මාරාන්තිකලෙසට වැඩිදියුනුකර වරධනය කරනා, මදුරැ කීටයන් රටතුලට සූකෂමලෙසට රැගෙනවිත් රට තුලට මුදාහරිනා
කූඨ බටහිර නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව අවබෝධය, සහ සිදුකරනා කූඨ කෘෘර ක්‍රියාන්විතයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!
එහෙම මඟුලක් නෙමේ බං. අන්තිමටම කෙල වෙනකන් ජෙප්පො මොකුත් කරපු නැති නිසා මෙහෙම උනේ.
Deleteවෙනදා ඩෙංගු ලෙඩ්ඩු 5000 පනිනකොටම රටපුරා මෙහෙයුම් දියත් කරනවා. මේපාර 40,000 වෙලා, හොස්පිටල් පිරිලා දොස්තරලා බනින්න ගත්තම තමයි මුන්ට පුක රත් උනේ.
දිට්වා එකේදි කීපදෙනෙක් මැරිලා, වාන් දොරටු පැලෙන මට්ටමට වතුර පිරුනම ඔක්කොම ඇරල මැරෙන්න ඇරිය වගේ තමයි.
ඌ "රු" ලියන්ඩ දන්නෑ "රැ" ලියන්නේ, කොහෙ හරි යන පිස්සෙක්, ගණන් ගන්ඩ එපා. ඉංග්‍රීසි වදනක් බෑ කථා දෙකක් නෑ. ඒ වුණාට බිල් ගේට්ස් ගැන කියවනවා, දන්න රෙද්දක් කථා කොරපන්, හන්දියේ කඩේ මුදලාලිගෙ කසිප්පු ගුබ්බෑයම ගැන කථා කරපන්.
Deleteපතිරණ ගලප්පත්ති, උඹ කියන විදියට ඉංග්‍රීසි වදනක් බෑ නං ඕකා සුවර් එකටම හඳුන්නෙත්ති වෙන්ඩ ඕනේ.
Deleteමතක නේ ඉලෝන් මස්ක් ගැනත් කාලෙකට ඉස්සර කතා කළා, ඌත් ඉතින් හැමදාම දන්න රෙද්දක් ගැනම නේ කථා කළේ , හන්දියේ කඩේ මුදලාලිගෙ වගේ සීනි කඩේකුත් දාල .
2019 ඉදන් ඔය බිල් ගේට්ස් කියන මිනීමරුවා ඔය මදුරුවො බෝ කොරනව. බොරලැස්ගමුව කේන්ද්‍ර කරගෙන ඕකුන් මදුරුවන් මුදා හැරියෙ. ඒ මදුරු ප්‍රභේදයට ගොදුරු වුනොත් ඩෙංගුවල මාරාන්තික බව වැඩි වෙනවා. මේ පාර වැඩිපුර රෝගීන් වාර්තා වෙන්නෙ දැන් ඉන්න ප්‍රභේදය බිල් ගේට්ස්ගෙ ප්‍රභේදය නිසා.
Deleteඅන්තිමටම 30ක් මැරෙනකන් ඉන්න උනා චක්‍රලේක ගහන්න.
ReplyDeleteනෙදකින් මෙහෙම මරි මෝල් ආන්ඩු.
මදුරුවා චක්‍රලේඛයට බය වෙලා පලා යයි
Deleteඅපරාදෙ දැන්ම ඕක ගැහුවේ.
ReplyDeleteතව 40ක් 50ක් මැරෙනකන් ඉන්නනේ තිබුනේ.
මිනිස්සු එක පිට මැරෙන්න අරගෙනත් සතියක් යනකන් මොන ලබ්බක්ද කරේ?
කෝ අර Clean Sri Lanka කියල නාටකයක් නැටුව නේ.
ReplyDeleteඒකෙ අන්තිමට නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැනේ.
බෙරේ ජෙප්පෙක් හොරකං කරලා.
Deleteලැජ්ජාවට කියන්නේ නෑ
හැකර් වරයෙක් ලු!!
හැක හැක !!!!!