පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී බස් රථයක් විවෘත කරයි..


 ඩෙලික්ලෙයාර් වතුයාය සහ ඒ අවට වතු කිහිපයක ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් බරපතළ ප්‍රවාහන ගැටලුවට විසඳුම් ලබා දෙමින්, එම වතුයායේ සිට පතන හන්දිය දක්වා නව බස් රථ සේවාවක් (08) දින ආරම්භ කෙරිණි.

මෙම වතුයායේ ජීවත් වන 3000කට අධික ජනතාව මෙතෙක් කාලයක් සිය දෛනික ගමනාගමන කටයුතු සිදු කරගත්තේ කිලෝමීටර් පහක දුරක් පයින් ගමන් කරමින් හෝ අධික වියදමක් දරමින් ත්‍රීරෝද රථ භාවිත කිරීමෙනි.

නිසි ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් පාසල් සිසුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් අතර, හදිසි රෝගී තත්ත්වයකදී රෝහල් වෙත රෝගීන් රැගෙන යාම පවා එම ජනතාවට විශාල අභියෝගයක්ව පැවතිණි.

එම ජනතාවගේ අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම නව බස් රථ සේවාව ආරම්භ කිරීමට පියවර ගෙන තිබූ අතර, මෙම බස් රථය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියේදී රජයෙන් විශේෂ දායකත්වයක් හිමි වූ අතර, ඒ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මංජුල සුරවීර ආරච්චි මහතාගේ විශේෂ මැදිහත්වීම සහ සහයෝගය ලැබිණි.

මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලේසෙල්වි මෙනවිය, කොටගල ප්‍රාදේශීය සභාවේ උප සභාපති, තලවකැලේ නගර සභා සභාපති ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම බස් රථ සේවාව ආරම්භ කිරීමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාවට තම දෛනික ගමනාගමන කටයුතු පහසුවෙන් සහ අඩු වියදමකින් ඉටු කර ගැනීමට අවස්ථාව උදාවී ඇත.

- රංජිත් රාජපක්ෂ

13 Comments

  1. Puken hina 😹😹😹😹😹😹

    ReplyDelete
    Replies
    1. kiywala balapan booru gobbaya awurudu kiyak illapu deyakde labila thiyenne.thope maina dunnada na ne...gas nathi ratata edaru gahath gahak buruwo.

      Delete
  2. ගොන් හැත්ත. සෙල්ලං ගෙවල් ආණ්ඩුව. රට වලටම දාල තමයි ඕකුන් පැනල යන්නෙ

    ReplyDelete
    Replies
    1. Bala inna tikak amaru wage neda? NPP eka hariyata wada karanawa...Aye Upcountry Workers la wena katawath vote karanne na...NPP forever..very good

      Delete
    2. බස් එකක් පාරට දානව වගේ ඒවා තමයි මේ ආණ්ඩුවේ යෝධ සංවර්ධන ව්‍යාපෘති කියන්නෙ.

      Delete
  3. ජයවේවා. මාලිමා ආණ්ඩුවෙන් රට හැම තැනම සංවර්ධනය. මෙතන පෞද්ගලික බසයක් විවෘත කරලා. අපේ ගමේ වැසිකිළියක දොරක් හදලා. මයිනා මොනවද කළේ?

    ReplyDelete
    Replies
    1. ඇයි ටිල්වින් මයිනා නන්දන ගුණතිලකට වහ දුන්නෙ, ඒ මදිද?

      Delete
  4. මෝඩ චූන් ගන්නවා. පැවතීම අප්පා

    ReplyDelete
  5. මෝඩ චූන් ගන්නවා. පැවතීම අප්පා

    ReplyDelete
  6. Eyawa viurtha kale kauda?

    ReplyDelete
  7. Eyawa viurtha kale kauda?

    ReplyDelete
Previous Post Next Post