කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වැවන්ඩන් දෙමළ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් (08) දින කොත්මලේ රම්බොඩ තොන්ඩමන් සංස්කෘතික ශාලාව අසලදී උද්ගෝෂනයක නිරත විය.
පසුගිය දිට්වා සුළි කුණාටුවේදී නායයෑම් අවදානමට ලක් වූ වැවන්ඩන් වත්ත සහ පාසල නායයෑමේ සහ ගල් පෙරලීමේ අවධානමක් ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය මගින් නිර්දේශ කිරිමෙන් පසු, වැවන්ඩන් දෙමළ විද්‍යාලයේ සිසුන්ට රම්බොඩ තොණ්ඩමන් සංස්කෘතික ශාලාවේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට තාවකාලිකව අවසර ලබා දී ඇත.
පවත්නා තත්වය මත දැනට තොන්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන් කොත්මලේ අධ්‍යාපන කලාපය යටතේ පාලනය වන වෙනත් පාසල්වලට යොමු කිරිමට කලාප කාර්යාලයේ නිළධාරින් තීරණය කර ඇති බවත්, එවැනි දුරක් තම දරුවන් යැවීමට නොහැකි තම වතුයායට ආසන්නයේදි සුදුසු ස්ථානයක පාසලක් ඉදි කර දෙන ලෙසයි.
උද්ගෝෂණය අතරට පැමිණි නුවරඑලිය දිස්ත්රිත් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි කියා සිටියේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර කඩිනමින් විසදුමක් ලබා දෙන බවයි.
මෙම සාකච්ඡාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන්, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාර සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ භූවිද්‍යාඥ බුද්ධික බණ්ඩාර විජේකෝන් යන නිළධාරින් සහභාගි වී සිටියහ.
- රංජිත් රාජපක්ෂ

වැඩ බැරි පද්දො අනාගත පරපුර විනාශ කරනවා
ReplyDelete