රට කළඹන අපචාර රහස එලිවෙන්න ළගයි.. පල්ලේගම හිමිගේ DNA ගනී...


 DNA පරීක්ෂණයක් සඳහා ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සිකුරාදා (ජූනි 12) නියෝග කළේ ය.

සැකකාර හිමිනම සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේ ය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ, නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය අධිකරණයට කියා සිටියේ, අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 4 වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව ය.

ඒ අනුව, නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බව ද අධිකරණයට කියා සිටි පොලිසිය, දැරියගේ ඇඳුම්වල "DNA ඇලීල අන්තර්ගතව ඇති බව" DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බව ද සඳහන් කළේ ය.

ඒ අනුව, අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට පවසා සිටි පොලිසිය ඒ අනුව, රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙස අයැද සිටියේ ය.

දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමග සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ගැළපේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා සිදුකෙරෙන DNA පරීක්ෂණයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලෙස ද පොලිසිය තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට නියෝග කළේ, ලබන 16 වන දින රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ලබාදෙන ලෙස ය.

සැකකාර හිමිනමගේ රුධිර සාම්පල සම්බන්ධයෙන් සිදු කෙරෙන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට එහිදී නියෝග කළේ ය.

බාල වයස්කාර දැරිය බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මීට පෙර බන්ධනාගාරගත කර සිටි අතර, පසුව උන්වහන්සේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිණි.

සැකකාර හිමියන් දරමින් සිටි අටමස්ථානාධිපති තනතුර සහ නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටවූයේ ඉකුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී ය.

BBC Sinhala

9 Comments

  1. මේ අපයෝජනේට අත්පුඩි ගහන මෙතන comment කොටන pedophileලා ටිකත් ඉක්මනට හොයලා උල තිබ්බානම් හරි.

    ReplyDelete
    Replies
    1. ක්වාසිවරයාගේ අවසරය අරගෙන අවුරුදු 12ට අඩු කෙල්ලොන්ව අපහරණය කරන නානලා ටිකවත් උල තියමුනේ?

      Delete
  2. බලමු බාල ගල් අඟුරු හැකර් වංචා වහගන්න පුලුවන්ද කියල.

    ReplyDelete
  3. 2022 වුන සිදුවීමකට අද DNA අරගෙන පුලුවන්ද.දන්න කෙනෙක් කියන්න. මාලිමා නිරාගමික කාලකන්නි. මාලිමාවේ එවුන්ටත් ගනිකාවො දම්මල චෝදනා කරන්න ඕන.

    ReplyDelete
  4. මේකට කියන්නේ හනිට්‍රැප් කියලයි. කුරුසයෝ ටික මේ කෙල්ලගේ අම්මට සල්ලි දුන්නා, ළමයා යැව්වා, හාමුදුරු උගුලට අහුවුනා, ඊට පස්සේ උන් ඔක්කොම ටික පොලිසියට දුන්නා. මේන්න මේකයි උනේ. මට මතකයි ඉස්සර බැලුම් ගල භික්ෂු දඩයම ගැන වාර්තාවක් ගියා. ඒකේ හැටියට කුරුසයෝ හාමුදුරුලාව නොමග යවන වැඩ කරනවා, ඊට පස්සේ ඔක්කොම ටික වාර්තා කරගෙන පොලිසියට දැනුම් දෙනවා. උන්ට ඕනේ බෞද්ධයන්ව බුද්ධාගමෙන් ඈත්කරලා, කුරුසකරන්නයි. යටත් විජිත සමයේත් මේක ජයටම උනා, දැනුත් ඒක වෙනවා. හාමුදුරුලාත් දැනගන්න ඕනේ තමන්ගේ හැගීම් පාලනය කරගන්න.

    ReplyDelete
    Replies
    1. එතකොට සාදු කපුව එක්ක දඩ මස් කාල තිරිහන් වෙන්න යාග කරපු එක? ඒක කපු ට්‍රැප් ද?

      ඔය කොයි පුජකයත් චාන්ස් එක ආපු ගමන් බිජ්ජ කෙලින් කරගෙන උලා කන්න යන ඇරියස් එකේ ඉන්නෙ. ලොකු ට්‍රැප් දෙන්න දෙයක් නෑ.
      උඹලත් තව ගිහිං පරලොව ගිය ආච්චිට පිං පිණිස කියල පිං කැටේට දාහේ දෙදහෙ පටි බස්සල වරෙං. එතකොට මුං වගෙ අපතයොන්ට තව හොඳ හොඳ සුදි ගන්න පුළුවන්.

      Delete
  5. අහිංසක ගෝපල්ලෙක් අවුරුදු ගානක් අනීවාරතේ හිරේ වැටුණා DNA වාර්තාවක් නිසා. මේ සිද්ධිය කාටද මතක ?

    ReplyDelete
  6. මේක සම්පුර්ණ රෙද්දපල්ලේ ශ්‍රමණ වෙෂධාරියා බේරගන්න ගහන ගේමක්. අවුරුදු දෙකකට කලින් වලලපු ගවුමක DNA ගන්න බැහැ. නොයෙකුත සවාභාවික හේතු උඩ (වර්ෂාව ගංවතුර) ආදිය නිසා එම DNA සම්පුර්ණ වෙන්නේ නැහැ.මතකනේ සාරා ජස්මින්ගේ DNA තුන් සැරයක් චෙක් කරලත් අන්තිමේදී 4 වෙනි සැරේ තමයි ඒවා සාරා ජස්මින්ගේ කියලා ඔප්පු වුනේ. DNA චෙක් කරන ජින් ටෙක් ආයතනය කියන්නේ හොර ගුහාවක්. බුදුවෙන්න ෆයිනල් ඉයර් එකේ ඉන්න සමන්ත බඩ්ඩ නම් සිවිල් නඩුවක් නිසා DNA දෙන්න බැහැ කිව්වා නිසා දරුවාගේ කේස් එකෙන් ලිස්සලා ගියා. අනෙක නඩුවට කතාකරෙත් විජේදාස රාජපක්ශනේ. මොනවා වුනත් මම ඕන ඔට්ටුවක් දානවා බාලවයස්කාර දරිවියන්ගේ පෙට්ටිකඩන රෙද්ද පල්ලේ හාමුදුරුවෝ මේ නඩුවෙන් නොදහස් වෙනවා. මුලදී බොරුවට රෙදෙපල්ලේ ගේ පාපිස්සේ පිහිදාපුවා පසුව මිල්ක් මේඩ් ටින්කිරි වෙනවා. අපරාදේ කෙල්ල සහ කෙල්ලගේ අම්මා හිරේ යයි. අනෙක මේ රෙද්දෙපල්ලෙමනේ ලක්ෂයක් දීලා තියෙන්නේ පෙට්ටිය කඩන්න. නැතිව අම්මා ඉල්ලලා නැහැ. අමගේ පෙට්ටියත් කඩලා තියෙන්නේ ආචිචිට ගානක් දීලලු. ආච්චිටත් තරුණ කාලේ ලේ ඇට මස් දැන් දීලා තියෙනවලු. රෙද්දෙපල්ලේ හොඳට ඉබි මස් එහෙම කන නිසා දැරිවියගේ අකමැත්තෙන් වුනත් දවස් තුනෙන් තුනට දැරිවිය ආවාස ගෙට ගෙන්නාගෙන එක්ක අස්සයා ගෝන් ටික් ටික් පැදලා හොඳට දර පලලා තියෙනවා. පාර්ලිමේන්තු සංසදයේ ගැනිටත් චුන් වෙලා මේක යටගහන්න හදන්නේ එයාටත් රෙද්දෙපල්ලේට පොල් ලෙලි ගහන්න ඕනේ නිසාලු.

    ReplyDelete
Previous Post Next Post