ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කයන් සපුරාලීමට ශ්‍රී ලංකාව සතු දළ නිල විදේශ සංචිත ප්‍රමාණය මෙතෙක් ප්‍රමාණවත් වී නොමැති බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 9.27ක් ලෙස පැවතිය යුතු වුවද, මෙතෙක් ඩොලර් බිලියන 7ක සීමාවට පවා ළඟා වීමට රජයට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම ලබන වසරේ මාර්තු මස 20 වන දිනෙන් අවසන් වීමට නියමිතය.
එම ගිවිසුම් කාලසීමාව අවසන් වන විට මෙරට දළ ජාත්‍යන්තර මූල්‍ය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 12.97ක් දක්වා වර්ධනය විය යුතු බවට මූල්‍ය අරමුදල දක්වා ඇති බවද හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඩොලර් බිලියන 7ක සංචිත ප්‍රමාණයක්වත් සපුරා ගැනීමට නොහැකි වී ඇති වත්මන් තත්ත්වය තුළ, ඉදිරි වසරක කාලය ඇතුළත නියමිත ඉලක්කයන් වෙත ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳව බරපතල අර්බුදයක් පවතින බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ අතර මෙරට දැනට දියත් කර ඇති මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ වත්මන් ප්‍රගතිය සහ එහි සාර්ථකත්වය පිළිබඳව පුළුල් ලෙස නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම විශේෂ කාර්ය මණ්ඩල නිල සංචාරය එළඹෙන ජුනි මස 24 වැනිදා ආරම්භ වී ජුනි මස 30 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපජෝර්ජියු මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් මෙම සංචාරය සඳහා එක්වීමට නියමිතව තිබේ.
මෙම නිලධාරී මණ්ඩලය දිවයිනට පැමිණෙන ප්‍රධානතම අරමුණ වන්නේ, ශ්‍රී ලංකාව විසින් දැනට අනුගමනය කරනු ලබන ආර්ථික ස්ථාවරත්වයේ වැඩපිළිවෙළවල් මේ වන විට ලබා ඇති දියුණුව සහ එහි වත්මන් තත්ත්වය සමීපව ඇගයීමට ලක් කිරීමයි.

No issue will arrest some one
ReplyDeleteඔවු රාජපක්සල කීප දෙනෙක් අත් අඩන්ගුවට ගනිල්ල, ඩෝබි ටික චූන් කරල තියන්න.
ReplyDeleteආණ්ඩුවේ හැමෝම සලේගෙ පුක දිහා බලාගෙන අත්පුඩි ගැහුවට ඩොලර් සංචිතය වැඩිවෙන්නෙ නෑ..
ReplyDeleteකාලකන්නි ටික රට ආයිත් බංකලොත් කළොත් ඔව්වන්ගේ කන්න ඕනෙ ඊරි මාංශේ.
ReplyDelete2500= ubata bbb
ReplyDeleteදැන් ඩොලර් බිලියන් තුනක වාහන කාපල්ලා
ReplyDelete