වාහන ගේන්න දුන් LC තොගයට සල්ලි දුන් ගමන් ඩොලරය යලි අහසට..


 ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේදී තවත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවැකි පළ කළේය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළ විශ්වාසය කඩිනමින් ගොඩනැඟිය යුතු බවයි.

වාහන ආනයනය සඳහා නිකුත් කර ඇති ණයවර ලිපි (LC) වෙළෙඳපොළට පැමිණීමත් සමඟ ඉදිරියේදී ඇමෙරිකානු ඩොලර් සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"මගේ මෑතකාලීන විදේශ සංචාරයෙන් පසුව මම වහාම පාර්ලිමේන්තුවට පැමිණ වෙළෙඳපොළ විශ්වාසය ගොඩනැඟීමේ අවශ්‍යතාව අවධාරණය කළා. දැනට වෙළෙඳපොළ තුළ කිසිදු විශ්වාසයක් නැහැ. ආනයනකරුවන් තමන් සතු රුපියල් කඩිනමින් ඩොලර් බවට පත් කර ගැනීමට උත්සාහ කරන්නේත්, අපනයනකරුවන් තමන් උපයන ඩොලර් රුපියල් බවට පත් නොකර තබා ගැනීමට පෙලඹෙන්නේත් මේ නිසයි. මහ බැංකුව වැනි ආයතන සුවිශේෂී වෙනස්කම් සිදු කරමින් මෙම වෙළෙඳපොළ විශ්වාසය නැවත ගොඩනැඟීමට පියවර ගත යුතුයි."

පොලී අනුපාත මීට පෙර ඉහළ දැමීමට තිබූ බව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රජය විසින් ඉන්ධන සහනාධාර කප්පාදු කිරීමට සූදානම් වීමත් සමඟ ඉදිරියේදී ඉන්ධන මිල තවත් ඉහළ යාම වැළැක්විය නොහැකි බව හර්ෂ ද සිල්වා මහතා පැවසීය. "ඉන්ධන මිල ඉහළ යයිද කියා ප්‍රශ්න කළ යුතු නැහැ. එය අනිවාර්යයෙන්ම සිදුවන්නක්," යැයි ඔහු සඳහන් කළේය.

එමෙන්ම, අපනයන සෙස් බද්ද ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබීම දේශීය නිෂ්පාදකයන්ට දැඩි අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවීය. මෙම බලාපොරොත්තු වන ආර්ථික දුෂ්කරතා මඟහරවා ගත හැකි වුවත්, ඒ සඳහා දැඩි කැපවීමකින් සහ විචක්ෂණශීලීව කටයුතු කළ යුතු බව හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.

8 Comments

  1. ඩොලරය 1000 පැන්නත් අපි මාස හයෙන් රට හදනවා. අම්මප.
    පොඩ්ඩක් හිතල බලන්න අපි ගොඩ දැම්මෙ බංකොලොත් රටක්

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති (Real)June 5, 2026 at 2:30 AM

      ඩොලර් එක රුපියල් 1000 පලෝ පලෝ කියලා 108 වාරයක් මතුරලා පඬුරක් ගැට ගහපන් බැසිල් රාජපක්ෂ දෙයියන්ට.

      Delete
    2. රජයේ නියාමන සහ නීති ක්‍රියාත්මක කරන ආයතනවලට 2022 ජන අරගලය කාලේ ලැබූ විදේශ ආධාරවල සිට බිලියනපතියන්ගේ හා පාතාලයින්ගේ ආධාර, ඩයස්පෝරා ආධාර, 2024 නොවැම්බර් බලය ගත් දා සිට කරන ලද ගැහිලි වලින් හොයන ලද මුදල්, ජවිපෙ උන්ඩියාල් මුදල් පිළිබඳ නොපෙනෙන්නේ ඇයි?

      Delete
  2. පතිරණ ගලප්පත්තිJune 5, 2026 at 12:18 AM

    එව්වට එකෙක්වත් කලබල වෙන්ඩ ඕනෙ නෑ, ට්‍රම්ප් කාරය ලඟදිම කියුබාව ඇමරිකාවට ඈඳාගන්නව එතකොට උඹලගෙ ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි. 

    ReplyDelete
    Replies
    1. පතිරණ හලප්පත්ති (Real)June 5, 2026 at 2:35 AM

      අනිවාර්යයෙන් කියුබාවට පහර දිය යුතුයි. 100%. ලංකාව කියුබාව ආසන්නයේ තිබුණා නම් ත්‍රිකුණාමල වරාය දිය යුතුයි ඇමරිකන් යුධ නැව් වලට සේවා සපයා ගැනීමට. රත්මලාන සහ මත්තල දිය යුතුයි ඇමරිකන් ගුවන් හමුදාවේ භාවිතයට. කෙසේ නමුත් ලංකාව කියුබාව හෝ ඇමරිකාව ආසන්නයේ නැති නිසා එහෙම අවශ්‍යතාවයක් පැන නඟින්නේ නෑ.

      Delete
  3. ලංකාවට සල්ලි එවන්න එපා. පච කොට අතුල මාලිමා ජවිපාවුන් හොරකම් කරලා මාලිගාවල් හදාගෙන සැප ගන්නවා අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් උපයපු සල්ලිවලින්. පච කොටා ජනතාවගේ සල්ලි හොරාකාලා ලැට්වියාවේ (ලැට් එකේ) හන්ගනවලු #srilanka #theft #accountability #transparency #change #WeNeedNewGovernment #Elections

    ReplyDelete
  4. ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් සහ විවිධ පුද්ගලයන් විසින් විදේශ රටවල සඟවා ඇති බවට සැක කෙරෙන වත්කම් සහ මහජන මුදල් නැවත පවරා ගැනීම සඳහා නව පනත්, විශේෂිත පොලිස් ඒකක සහ ජාත්‍යන්තර සහයෝගීතාව මුල් කරගත් විධිමත් නීතිමය ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වේ.මෙම විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සිදු කෙරේ:1. අපරාධයකින් උපයාගත් දේපළ පවරාගැනීමේ පනත (Proceeds of Crime Act)නව නීතිමය රාමුව: 2025 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ⁠Proceeds of Crime Act සම්මත කරන ලදී.නඩු තීන්දුවකින් තොරව රාජසන්තක කිරීම (Non-conviction-based forfeiture): මෙම නව නීතිය හරහා පුද්ගලයෙකුට එරෙහිව අපරාධමය වරදක් ඔප්පු වීමට පෙර වුවද, අනීතිකව උපයාගත් බවට සැකකෙරෙන දේපළ සහ විදේශීය වත්කම් තහනම් කිරීමට සහ රාජසන්තක කිරීමට බලධාරීන්ට හැකියාව ලැබේ.2. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය (PCID) ක්‍රියාත්මක වීමවිශේෂිත පොලිස් ඒකකය: අනීතික සහ විදේශීය වත්කම් පිළිබඳ විමර්ශන කඩිනම් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය යටතේ අපරාධයකින් උපයාගත් දේපළ විමර්ශන කොට්ඨාසය (Proceeds of Crime Investigation Division - PCID) පිහිටුවා ඇත.ඒකාබද්ධ මෙහෙයුම්: මෙම ඒකකය ⁠අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) ඇතුළු රාජ්‍ය ආයතන 34ක් සමඟ එක්ව දේශීය හා විදේශීය වත්කම් සෙවීම සිදු කරයි.3. ජාත්‍යන්තර සහයෝගීතාව සහ StAR මුලපිරීමලෝක බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සහය: දූෂණය සහ මූල්‍ය අපරාධ හරහා විදේශයන්හි සඟවා ඇති වත්කම් ලුහුබැඳීම සඳහා ලෝක බැංකුව (World Bank) සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ඒකාබද්ධව පවත්වාගෙන යන StAR (Stolen Asset Recovery Initiative) ආයතනයේ තාක්ෂණික සහ විශේෂඥ සහය ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී ඇත.රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධීකරණය: අධිකරණ අමාත්‍යාංශය හරහා විදේශීය බැංකු ගිණුම්, දේපළ සහ අක්වෙරළ (offshore) වත්කම් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට අදාළ විදේශීය රජයන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වේ.4. වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඩිජිටල්කරණය⁠අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ දේශීය මෙන්ම විදේශීය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා ගැනීම සඳහා මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (Centralized Electronic Assets and Liabilities Declaration System) හඳුන්වා දී ඇති අතර, එමඟින් වත්කම් සත්‍යාපනය කිරීම වඩාත් පහසු කර ඇත.මෙම සමස්ත ක්‍රියාවලිය හරහා විදේශ රටවල පවතින නීතිවිරෝධී වත්කම් මෙරටට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය පදනම සකස් වෙමින් පවතී.

    ReplyDelete
    Replies
    1. මෙම ආයතනවලට 2022 ජන අරගලය කාලේ ලැබූ විදේශ ආධාරවල සිට බිලියනපතියන්ගේ හා පාතාලයින්ගේ ආධාර, ඩයස්පෝරා ආධාර, 2024 නොවැම්බර් බලය ගත් දා සිට කරන ලද ගැහිලි වලින් හොයන ලද මුදල්, ජවිපෙ උන්ඩියාල් මුදල් පිළිබඳ නොපෙනෙන්නේ ඇයි?

      Delete
Previous Post Next Post