O/L ප‍්‍රතිඵල සතියක් කල් යයි..


 පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පවත්වන ලද 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට තවත් සතියක පමණ කාලයක් බලා සිටීමට සිදුවන බව වාර්තා වේ.

මුලින් සැලසුම් කර තිබුණේ ජූනි මාසයේ මැද භාගය වන විට මෙම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට වුවද, එම ඉලක්කගත දිනය තවත් සතියකින් පමණ ප්‍රමාද වන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.

මේ වන විට ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් මට්ටමට පැමිණ ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිවයින පුරා විසිරී සිටින අපේක්ෂකයින් 451,463 දෙනෙකු සහභාගී වී ඇත.

Previous Post Next Post