ශ‍්‍රී ලංකාව, සෝමාලියාව, ඇෆ්ගනිස්තානය දැඩි ආහාර අර්බුදයකට..- WFP


 මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර දේශපාලන හා යුදමය අර්බුදය හේතුවෙන් ලෝකයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල් කිහිපයකට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.

මේ යටතේ සිදුකරන ලද නවතම විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය වැනි දැඩි අවදානම් සහගත රටවල් පෙළට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර ඇති අතර, මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ අතිරේකව තවත් ලක්ෂ 13 කට (මිලියන 1.3 කට) ආසන්න ජනතාවක් මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව දැඩි කුසගින්නට මුහුණ දීමේ අවදානමක් පවතින බව එම සංවිධානය අනතුරු අඟවයි.

මැදපෙරදිග අර්බුදය අවදානමට ලක්වූ රටවලට බලපාන ආකාරය" නමැති මෙම නවතම වාර්තාව මඟින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ ගෝලීය වශයෙන් ඉන්ධන, පොහොර සහ ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

ලෝක ආහාර වැඩසටහන සිය අධ්‍යයනය සඳහා භූගෝලීය පිහිටීම සහ ආර්ථික මට්ටම් අනුව වෙනස් සන්දර්භයන් සහිත, නමුත් මැදපෙරදිග අර්බුදයට සෘජුවම නිරාවරණය වන රටවල් තුනක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඒ අනුව එම රටවල් මුහුණ දෙන අර්බුදයේ ස්වභාවය මෙසේය.

ශ්‍රී ලංකාව: දීර්ඝකාලීන ආර්ථික අර්බුදයකින් මිදෙමින් පවතින පසුබිමක, රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 63ක් මැදපෙරදිගින් ආනයනය කෙරේ. එමෙන්ම මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණවලින් සියයට 44ක් ගල්ෆ් කලාපයෙන් ලැබෙන අතර, තේ අපනයනයෙන් සියයට 45ක්ම යොමු වන්නේ ද එම කලාපයටයි. පවතින අර්බුදය හමුවේ 2026 වසර සඳහා දැනටමත් හඳුනාගෙන ඇති මිලියන 4.7 ක ආහාර අනාරක්ෂිත ජනගහනයට අමතරව, තවත් ලක්ෂ 13 ක ජනතාවක් අලුතින්ම මෙයට ගොදුරු වීමේ අවදානමක් පවතී.

සෝමාලියාව: දැනටමත් නියඟයෙන් සහ අභ්‍යන්තර ගැටුම්වලින් බැටකන සෝමාලියාව, තමන්ට අවශ්‍ය තෙල් සම්පූර්ණයෙන්ම (100%) සහ ධාන්‍ය වර්ගවලින් සියයට 90ක්ම ආනයනය කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස 2026 වසරේදී එරට අතිරේකව මිලියන 2.5 ක ජනතාවක් දැඩි ආහාර අර්බුදයකට ලක්වීමට නියමිතය.

ඇෆ්ගනිස්තානය: දැනටමත් මිලියන 13.8 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ඇෆ්ගනිස්තානයේ, අපනයනවලින් සියයට 60ක් සහ ආනයනවලින් සියයට 50ක් සඳහා ඉරානය මත යැපේ. මැදපෙරදිග අර්බුදයේ ව්‍යාප්තියත් සමඟ එහි අතිරේකව මිලියන 2.3 ක ජනතාවක් අලුතින්ම ආහාර අනාරක්ෂිතතාවයට ඇද වැටීමේ අවදානමක් මතුව ඇත.

ලෝක ආහාර වැඩසටහනේ ආහාර සුරක්ෂිතතා සහ පෝෂණ විශ්ලේෂණ සේවයේ අධ්‍යක්ෂ ජීන්-මාර්ටින් බවර් හතා ප්‍රකාශ කරන්නේ, මෙම අර්බුදයේ කේන්ද්‍රස්ථානයෙන් බැහැරව සිටින, ලෝකයේ දුප්පත්ම පවුල්වලට මෙයින් දැඩිම බලපෑම් එල්ල වී ඇති බවයි. "බොහෝ රටවල වෙළඳපොළවල්වල ආහාර ද්‍රව්‍ය තිබෙනවා. නමුත් පවුල්වලට ඒවා මිලදී ගැනීමට වත්කමක් නැහැ" යැයි ඔහු පවසයි.

විශේෂයෙන්ම නාගරිකව වෙසෙන අන්ත දිළිඳු ජනතාව සහ ග්‍රාමීය අන්තිම අසරණ කණ්ඩායම් මෙම අලුත් අවදානමට දැඩිව ගොදුරු වෙමින් පවතින බව වාර්තාව පෙන්වා දෙයි.

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ලෝක ආහාර වැඩසටහන ද දැඩි මූල්‍ය සහ මෙහෙයුම් පීඩනයකට ලක්ව ඇත. ආධාර සැපයීමේ පිරිවැය ඉහළ යාම සහ අරමුදල් හිඟකම හේතුවෙන් 2026 වසරේදී මුලින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා මිලියන 1.5 ක ජනතාවකට ආධාර සැපයීමට නොහැකි වනු ඇතැයි WFP ඇස්තමේන්තු කරයි. ඉදිරි මාසවලදී ද මෙම ගැටුම් මෙලෙසම පැවතුණහොත් ලොව පුරා මිලියන 9 කට අධික පිරිසකට ලැබෙන මානුෂීය ආධාර අහිමි වී යාමේ තර්ජනයක් ද මතුව තිබේ.

ලෝක ආහාර වැඩසටහන අවධාරණය කරන්නේ මැදපෙරදිග අර්බුදය හෙට දිනයේ අවසන් වුවද, ඉන්ධන, පොහොර සහ ආහාර මිල ඉහළ යාම නිසා ගොවිතැන් කටයුතුවලට සිදුව ඇති බලපෑම හේතුවෙන් මෙහි අහිතකර ප්‍රතිඵල තවත් දිගුකාලීනව රටවල් රැසකට විඳීමට සිදුවනු ඇති බවයි. එබැවින් ව්‍යසනකාරී සාගින්නකින් ලෝකය බේරා ගැනීමට ගෝලීය ප්‍රජාව වහාම ක්‍රියාත්මක විය යුතු බව එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

8 Comments

  1. මේවා විසඳන එක උගත් බුද්ධිමත් ඩෝබි (පජාත) සෙට් එකට සිම්පල් .. මාස 6න් රට දියුණු කරනවා කියල ඡන්ද ගත්ත උන් , ,, තාක්ෂණය භාවිතා කරලා ,, ඕවා විසඳනවා 😂😂😂😂😂

    ReplyDelete
  2. 68 ලස්සේ +159+1 ට නං ආහාර හිඟ වෙන්නේ නෑ ලොවෙත්
    තණකොළ ඕනෙ තරම් තියෙන්නෙ
    පුන්නක්කු නං හිඟ වේවි

    ReplyDelete
  3. තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න බුද්ධි මෙහෙයුම් වල ජීවිතය පරදුවට තියලා කටයුතු කල රටේ හමුදාවට පත්තර කොලේ බත් දාලා දෙන ආණ්ඩු තියෙනකොට රටේ මිනිස්සුන්ට කන්න වත් තිබුනොත් ලොකු දෙයක්. මට පුදුමේ මෙච්චර කාලයක් රටට හෙන ගහන්නෙ නැතුව තියෙන එකට.

    ReplyDelete
  4. 2015 ඉඳලා ලංකාවට නිමක් නැති ප්‍රශ්න.

    ReplyDelete
  5. ඕක පිටටම අවුරුදු එකසිය හතලිහකට පස්සේ එන්න සුපර්එල්නීනොව ආවහම ලංකාවට බඩු බනිස්.ලංකාවට දැඩි නියගයක සියයට අසූවක සමභාවිතාවක්.නියගය කියන්නේ දැඩි ආහාර හිඟයක්.දැනටමත් හාල් ඇතුළු බහුතර ආහාර වර්ග වලට මුහුදට දත නියාවගෙන ඉන්න ලංකාවට අර වගේ ලෝක කාලගුණ විපර්යාස තත්ත්වයකදී ගංවතුර හරි නියඟය හරි තත්ත්වයකදී ආහාර අපනයනය කරන රටවල් පළවෙනියෙන්ම කරන අපනයන තහනම් කරන තත්ත්වයක දී බඩගින්න තමයි උරුම.ලෝක සංවිධාන කියන්න ඔය වගේ තත්ත්වයකදී පොලොවේන් පහළ ඵලදාව ගත හැකි ආහාර භෝග වගා කරන්න කියලා.ලංකාවට නං මඤ්ඤොක්ක බතල වගේ දේවල්.ආපදාව ජූලි වලදී වගේ පටන් ගන්න තියෙන්නේ.අපි දැන් ඉන්නෙ කටමුලේ.අඩුම ගාණෙ ආණ්ඩුව ඉදිරි මෙහෙම ආපදාවක් තියෙනවා කියලවත් දැනුවත් කරාද?.නෑ මෙතන වෙන්නේ යන්නේ දිට්ටවලදී වෙච්ච දේ දෙවෙනි ඉනිම.ගිය ගමන මිනිස්සු මලේ ගංවතුරට පස් කඳුවලට යට වෙලා. මේ ගමන මැරෙන්න වෙන්නේ බඩගින්නේ.

    ReplyDelete
  6. මෙච්චර කාලයක් ආණ්ඩු කරපු කිසිම රජයකට කරන්න බැරි වුණ විප්ලවීය වෙනස සිදුකරන ජෙප්පද්දන් සමග එකතු වූ මාළුමාමලාට තවතවත් ක්‍රිප්ටෝ වැඩිවේවා, 159ටම පියානෝ සහිත සුඛෝපභෝගී මහල් නිවාස ලැබේවා, ඔවුන්ගේ පවුල්වල සැමටම වීඑයිට් ලැබේවා, හැට අට ලස්සේ අපිට තණකොළ හොඳායි. පුන්නක්කු මිල වැඩියි නේ. අවුරුදු දෙකක් යන්නත් පෙර මෙහෙමනම් 2029 වෙනකරට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්! නා නා නේ ලපේ ලපේ

    ReplyDelete
  7. hikz යකූ මුන්ගෙ ආතල් එක. අපිට නම් කන්න නැත්තෙත් නෑ, නැති වෙන්නෙත් නෑ, නැති උනත් ගානක් නෑ. නැති උනත් ගානක් නැත්තෙ තොපිට (අඩු කුලේ පර හැත්තට / මයිනගෙ, සීයාගෙ, නෝමල්ගෙ etc.) කෙල වෙනවා දකින්න තියෙනවා නම් අපිට ඊට වඩා දෙයක් නෑ ඕයි. විශේශෙන් විමලට, මයිනට, ඇල්ෆට, නානසාරට, ජොනී බට්ටට තව එකී මෙකී නොකී තනකොළ බුදින පජාත බයියන්ට නම් කෙල උන දවස​ට කිරිබත් හදලා ගමටම දීලා සමරනවා. තොපි සෙට් එකේ හත්මුතු පරම්පරාවටම මිනිස්සු මූනට තුක් ගාල සෙම තැම්බක් ගහන තත්වෙට පත්වෙනකම් මේක කරනවා. අපිට ආතල් ඕයි තොපේ මේ comment බලන එක. කොන්ද පන නැති පිම්පියො සෙට් එක බලන් ඉන්නවා රටට කෙළ වෙනක​ම්

    ReplyDelete
    Replies
    1. මෙච්චර කාලයක් ආණ්ඩු කරපු කිසිම රජයකට කරන්න බැරි වුණ විප්ලවීය වෙනස සිදුකරන ජෙප්පද්දන් සමග එකතු වූ මාළුමාමලාට තවතවත් ක්‍රිප්ටෝ වැඩිවෙනවා, 159ටම පියානෝ සහිත සුඛෝපභෝගී මහල් නිවාස ලැබෙනවා, ඔවුන්ගේ පවුල්වල සැමටම වීඑයිට් ලැබෙනවා, හැට අට ලස්සේ අපිට තණකොළ හොඳායි. පුන්නක්කු මිල වැඩියි නේ. අවුරුදු දෙකක් යන්නත් පෙර මෙහෙමනම් 2029 වෙනකොට මේ රට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්! නා නා නේ ලපේ ලපේ

      Delete
Previous Post Next Post