ලබන ජූලි මස 06 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ එකඟතාවයකට පැමිණි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
නව සංශෝධනයට අනුව බස් රථයක අවම ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළ යනු ඇත.
මීට අමතරව, කිලෝමීටර් 100 දක්වා දුර ප්‍රමාණයන් සඳහා සියයට 12ක ගාස්තු වැඩිවීමක් ද, කිලෝමීටර් 100 ඉක්මවන දීර්ඝ ගමන් සේවා සඳහා සියයට 20ක ගාස්තු වැඩිවීමක් ද සිදු කිරීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළේය.
මෙම නව ගාස්තු වැඩිකිරීම සාමාන්‍ය සේවා සහ සුඛෝපභෝගී (Luxury) සේවාවන් සඳහා වලංගු වේ.
මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ, මෙතෙක් ක්‍රියාත්මක වූ අර්ධ සුඛෝපභෝගී (Semi-luxury) සහ අධි සුඛෝපභෝගී (Super-luxury) බස් සේවාවන් ඉදිරියේදී පවත්වාගෙන නොයෑමට තීරණය කර තිබීමයි.
ඒ අනුව එම සේවා කාණ්ඩ ඉදිරියේදී මෙරට බස් ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් වනු ඇත.
පවතින පිරිවැය ඉහළ යාම හමුවේ බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය වූ බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ආඩම්බරයි ! ඔහොමම යන් !!
ReplyDeleteලියන්න ආමි. බොහො දනා අන්ධ නිසා. පලක් නොවී. මුකුත් නොලිමී.
ReplyDeleteබස් රථ කර්මාන්තය රැක ගැනීමට ඉතා අවම වැඩි කිරීමක් පමණයි ලබා දීලා තිබෙන්නේ. මගී ජනතාවට අපහසුවක් නොවන පරිදි සිදු කල මෙම ඉතා සීමිත වැඩි කිරීමපසුගිය වසර 76ක් තිස්සේ සිදු කල බස් ගාස්තු සංශෝධන සමඟ සසඳන විට ප්‍රශස්ථ මට්ටමක තිබෙන බව පෙනේ. කෙසේ නමුත් බස් රථ කර්මාන්තයේ පැවැත්ම සඳහා ටයර් මිල පාලනයකින් යුතුව පවත්වා ගැනීමට ඒ සඳහා ඇති බදු අඩු කිරීමට, එන්ජින් හා වෙනත් අමතර කොටස් සඳහා පනවා ඇති බදු අවම කිරීමට, සහ ව්‍යාජ අමතර කොටස් වෙනුවට ඉහල තත්වයෙන් යුතු අමතර කොටස් වෙළඳපලට ලැබීම තහවුරු කිරීමට රජය ක්‍රියා කල යුතුයි.
ReplyDelete