පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තමන් පැවැත්වූ ජනමත විමසුමක් ප්‍රසිද්ධ කරමින්, ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවය 75% ඉක්මවා ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කළා. මේක කළේ අප්‍රේල් මාසේ පළවෙනිදා නම්, මෝඩයන්ගේ දිනයට කරපු විහිළුවක් කියලා අපට නොසලකා හරින්න තිබුණා. නමුත් මේක කළේ ජූලි මාසේ නිසා අපට එහෙම හිතන්න බැහැ. මේ වාර්තාව පිළිබඳව අපි නොසලකා හිටියොත්, මේ ටොම්පචයෝ 2029 දී ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවය 175% දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලත් වාර්තා කරන්න ඉඩ තිබෙනවා.
සමස්ත ජාතියම සම්බන්ධ වුණු ජනමත විමසුම් තුනක් වසරක් ඇතුළත පැවැත්වුණා.
2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී මාලිමාවට (අනුර ජනාධිපතිතුමාට) ලැබුණේ 42%ක ඡන්ද ප්‍රතිශතයක්. ඊට මාස දෙකකට පස්සේ, 2024 නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට 62%ක් ලැබුණා. ඒ තමයි ආණ්ඩුවේ ජනප්‍රියතාවය උච්චස්ථානයේ තිබුණු කාලය.
දැන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියනවා, ඒ ප්‍රතිශතය 75.5%ක් දක්වා වර්ධනය වෙලා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ තිබුණු ජනප්‍රියතාවයටත් වඩා 12%කින් වැඩි වෙලා.
හැබැයි, පාර්ලිමේන්තු මැතිවරණයේදී 62%ක් ලබාගත් මාලිමාව, ඊට මාස හයකට පස්සේ (2025 මැයි මාසයේදී) පැවති පළාත් පාලන (පුංචි ඡන්දයේදී) ලබාගත්තේ 43%ක් පමණයි. මාස හයක් ඇතුළත ආණ්ඩුවේ ජනප්‍රියතාවය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්වුණා.
දැන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියනවා පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ තිබුණු ආණ්ඩුවේ ජනප්‍රියත්වයටත් වඩා දැන් ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහල ගිහින් කියලා.
පුංචි ඡන්දය සහ මේ සමීක්ෂණය අතරතුර කාලයේදී, හිඟන්නෝ විදිහට රඟපාමින් ජනතාව රවටපු මැති ඇමතිවරුන්ගේ සැබෑ තත්ත්වය හෙළිදරව් වුණා
ගල් අඟුරු වංචාව හෙළිදරව් වුණා. භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක් අතුරුදහන් වුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 7ක් අතුරුදහන් වුණා. ගොවියාට සහතික මිලක් වී වලට ලබාගන්න බැරුව ගොවියව අතරමං කළා. කැකුළු හාල් හිඟය, පොල් හිඟය, ලුණු හිඟය, බෙහෙත් හිඟය සහ පොහොර හිඟය වැනි සෑම ආකාරයකම භාණ්ඩ හිඟයන්ට ජනතාවට මුහුණ පාන්න සිද්ධ වුණා.
එවැනි පසුබිමක, 43% තිබුණු ජනප්‍රියතාවය 75% දක්වා ඉහළ නගින්න කිසිම විදිහක් නැහැ කියන එක සාමාන්‍ය සිහිබුද්ධිය තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා.
මේ සමීක්ෂණයේ පරස්පර කතා ගොඩක් තිබෙනවා. වාර්තාවට අනුව, ජනතාවගෙන් 82%ක් කියනවා තමන්ගේ ආර්ථික මට්ටම එක්කෝ එකතැන පල්වෙනවා, නැත්නම් තිබුණටත් වඩා නරක අතට හැරිලා තියෙනවා කියලා. එහෙම වාතාවරණයක් යටතේ ජනාධිපතිතුමාට කැමති පිරිස 75%ක් වෙන්නේ කොහොමද?
වාර්තාවේ 18%ක් කියනවා තමන්ගේ ආර්ථික මට්ටම පසුගිය වසරට වඩා හොඳ අතට හැරිලා කියලා. අන්න ඒ 18%, අපි ජනාධිපතිතුමාට කැමතියි කියනවා නම්, ඒක තේරුම් ගන්න පුළුවන් කාරණයක්. විශේෂයෙන්ම, ජනතාවගෙන් 44%ක්ම කියනවා ආණ්ඩුව විසින් ජීවන වියදම කළමනාකරණය කිරීම පිළිබඳව අතෘප්තිමත් කියලා. ඒ එම ජනතාව ජනාධිපතිතුමාට කැමති කියලා තීරණය කළා කියන එක අපි විශ්වාස කරන්නේ කොහොමද?
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කරලා තියෙන සමීක්ෂණයේ බරපතළ අඩුපාඩු ගණනාවක් තියෙනවා. මිලියන 22ක ජනගහනයක මතය දැනගන්න, මේ අය නියැදිය විදිහට භාවිතා කරලා තියෙන්නේ පුද්ගලයන් 1,240ක් පමණයි. නියැදිය කුඩා වෙන්න කුඩා වෙන්න, මහජන මතය විකෘති වීමේ අවදානමක් තියෙනවා කියන එක සංඛ්‍යා ලේඛන විද්‍යාවේ උගන්වන වැදගත් මූලධර්මයක්. ඒ වගේම, මේ සමීක්ෂණයට අනුග්‍රහය දැක්වූයේ කවුදැයි වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ.
මෙවැනි සමීක්ෂණයක් කරන්න සල්ලි වියදම් කළ කෙනා දැනගත්තම, සමීක්ෂණයේ යටි අරමුණු තිබුණාද නැද්ද යන්න හොයා බලන්න තිබුණා.
මේ නියැදිය නියෝජිතත්ව නියැදියක් (Representative sample) නෙවෙයි. ඒ කියන්නේ රටේ ජනගහනයේ ලක්ෂණ මේ නියැදිය තුළ ප්‍රතිනිර්මාණය වෙලා නැහැ.
උදාහරණයක් ලෙස, ලංකාවේ බෞද්ධයන් 70%ක් ඉන්නවා. නියෝජිතත්ව නියැදියක් නම් අර 1,240න් 868ක් බෞද්ධ වෙන්න ඕනේ. නමුත් මේ අය කරලා තියෙන්නේ අහඹු ලෙස 1,240ක් සමීක්ෂණයට ගන්නවා. ඒ අය අතර බෞද්ධයන් ඉන්නේ 100යි නම්, ඒක අර 868ක් හිටියා විදිහට බර තැබීමකින් වැඩි කරනවා.එහෙම බර තැබීමක් කරද්දී, ඒ බර තැබීම කෙතරම් යථාර්ථවාදීද කියලා දැනගන්න ජාතිය, ආගම, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම වැනි නියැදියේ ලක්ෂණ වාර්තාවේ හෙළිදරව් කළ යුතු වුවත්, එවැනි හෙළිදරව් කිරීමක් වාර්තාවේ නැහැ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියන්නේ විදේශීය ආධාර ලබමින්, බලය බෙදීම වෙනුවෙන් දශක ගණනාවක් පුරාවට දැඩි ලෙස පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් (NGO). මට හිතෙන විදිහට නම් මේ අය ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න පැකිලෙමින් ඉන්න නිසා, "නැහැ නැහැ, ඕගොල්ලෝ මාර ජනප්‍රියයි, බය නැතුව පළාත් සභා මැතිවරණය තියන්න" කියලා ආණ්ඩුව ගොනාට ඇන්දීමට දක්වපු උත්සාහයක් විදිහටයි මේ සමීක්ෂණ වාර්තාව අපි දකින්නේ.
Survey Claims President's Popularity Surges Amidst National Challenges
In a recent press conference at the party headquarters, Anura Kumara Dissanayake, leader of the People's Liberation Front, made statements concerning the rising popularity of President Ranil Wickremesinghe. According to the Alternative Policies Center, a recent public opinion poll indicates that the President’s approval rating has surpassed 75%. Dissanayake emphasized that the timing of the survey, conducted in July, leaves no room for dismissing its significance, contrasting against the notion that it was merely an April Fool's joke.
The center disclosed that over the past year, three nationwide surveys were conducted, revealing a fluctuating approval for the President. In the upcoming presidential election scheduled for September 2024, early indicators show the President securing 42% of the votes. Notably, just two months later, in the November parliamentary elections, this figure increased significantly to 62%. This period marked the highest recorded popularity for the administration.
Now, the Alternative Policies Center asserts that the President’s approval has climbed further to 75.5%, indicating an increase of 12% from the previous parliamentary elections. Nonetheless, the approval rating saw a stark decline six months after those elections, with local government elections in May 2025 reflecting only about 43% support for the incumbent.
Despite these figures, Dissanayake pointed out the alarming truth behind the public sentiment, highlighting that many constituents view their economic situation as deteriorating. The findings revealed that a staggering 82% of respondents feel their financial conditions are either stagnant or worse than before, raising questions about how a 75% approval rating could be sustained under such circumstances.
While only 18% claimed an improvement in their economic status, with 44% expressing dissatisfaction with the government's management of living costs, Dissanayake questioned the validity of the reported approval rating. The survey's limitations became a focal point in his critique, as it only sampled approximately 1,240 individuals from a national population of 22 million, potentially leading to a misrepresentation of public opinion.
He noted discrepancies in representation, as a balanced representation of Buddhists, who constitute about 70% of the population, was not reflected accurately in the survey. This raises critical points about the methodology used in data collection, which lacked transparency regarding demographic factors such as ethnicity, age, gender, and educational attainment.
Dissanayake argued that the Alternative Policies Center appears to have a vested interest in promoting favorable narratives for the government, suggesting that their survey may attempt to bolster governmental confidence ahead of upcoming local elections amid claims of waning popularity. This perspective reflects ongoing tensions as the country continues to navigate economic hardships and political scrutiny.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

USAID සල්ලි නතර වුනාට පස්සේ දැන් පයියසොත්තියා බඩගෝස්තරේ හොයා ගන්නේ බොරු සමීක්ෂණ වාර්තා හදලා දීලා කාගෙන් හරි ගාණක් කපා ගෙන
ReplyDeleteගම්මන්පිළ මේ කරන වැඩේ අන්තිම කැතයි
යකෝ ඔහොම මිනිහෙක් ගේ බඩට ගහනවද?
පයියසොත්තියා උනත් 51% වගේ ගාණක් කියන්නේ නැතිව 75% වගේ ගණන් කියන්නේ මේක බොරුවක් ය කියන එක හැමෝටම අඟවන්න තමයි
exactly
Deleteඅර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් 2029 වෙනකොට හිර බත් කනවා...
DeleteWell done mr. Gammanpila.තාමත් අනුරගෙ බඩ යන ඒවා ලෙවකන අයට මේවා බලලවත් හැදෙන්න පුලුවන් හැදෙනවනම් ඉතින්😂😂
ReplyDeleteලංකාවේ ගව සම්පත ඕවා කියලා තේරුම් කරවන්න බැහැ.
ReplyDeleteබඩේ පාර වැදුනම තමයි තේරෙන්නෙ. කාලකන්නි ජාතියක්.
absolutely true. Miserable people
Deleteඅතිගරු උදය ගම්මන්පිල මැතිඳුණි..ඔබයි අපේ ශක්තිය මැතිඳුණි....!
ReplyDeleteFu ing Gammanpila who is awaiting imprisonment soon.
ReplyDeleteඑළුවගෙ ඇට දෙක කඩන් වැටෙනකම් හිටිය වගේ තමයි.
DeleteMoo Katin da kiwwe nettan P**nda
ReplyDeleteකොයි පැත්තෙන් කිව්වත් ඇත්ත තමයි කියන්නෙ. පච කොටා වගේ දෙපැත්තෙන්ම බොරු කියන්නෙ නෑ
Deleteයමක් කිව්වම ඒ කිව්ව එකාගේ කැරැට්ටුව නෙමේ, කිව්ව දේ හරිද කියලා හිතලා බලපන්. කොහෙද ඉතින් බෝක්කු උඩ කාලය ගෙවපු උඹලට කොහෙද එහෙම හැකියාවක්.
Deleteවිකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ (මෙය වෙන රටවල මුදලින් සහ කොටි ඩයස්පෝරාවේ මුදලින් යැපෙන රජය නොවන සන්විදනයක්) පාක්‍ය සොත්ති සරවනමුත්තු (අනුවර්තන නාමය "පි සරා") Dr. Paikiasothy Saravanamuttu, who heads the Centre for Policy Alternatives. මු චන්ද්‍රිකාගේ සහෝදරි සුනේත්‍රා බන්ඩාගේ නාකි කොල්ලා. මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් එවුන් හැමදාම කෙරුවේ ලංකාවට වින කටින එක. යුද්දේ කරන වෙලාවේදී මු එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහිල්ල රාජපක්සල සහ හමුදාව ගැන බොරු කියුවා. චන්ද්‍රිකා රාජපක්සලගෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගන්න මේ විකල්ප කොටියෝන්ව බාවිතා කෙරුව සහ අදත් කරමින් සිටිනවා..ඔය සමික්ෂන් වාර්තාවෙන් මිනිසුන්ගේ මොළ හෝදන්න හදනවා ලංකාවේ විපක්ෂයක් හෝ විපක්ෂයේ බුමිකව රඟදක්වන අනෙකුත් පක්ෂවලට තැනක් නැහැ කියලා පෙන්නන්න.
ReplyDeleteJanaapriyathawaya wadi wela kiyalane kiyala thiyenne. Ithin eka boruda?
ReplyDeleteඋඹලා වගේ ලින් මැඩියන්ට නම් බොරු නොවේ.
Deleteසංඛ්‍යා ලේඛන විද්‍යාවෙ නෙවෙයි. 'සංඛ්‍යාන' විද්‍යාවෙ.
ReplyDelete"විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියන්නේ විදේශීය ආධාර ලබමින්, බලය බෙදීම වෙනුවෙන් දශක ගණනාවක් පුරාවට' දත කන ජාති භ්‍රෂ්ටයො කණ්ඩායමක්. ඉතින් එහෙව් ජාති ද්‍රෝහීන් ගෙන් අපක්ෂපාතී ජනමත විමසුමක් බලාපොරොත්තු වෙනවාට වඩා ඉබ්බන් ගෙන් පිහාටු ලබා ගැනීමට අපේක්ෂා කිරීම පහසුයි.
ReplyDeleteජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවය 75% දක්වා ඉහළ ගොස් තිබෙනවා කට මැත දෙඩෙව්වට තියන තියන සමූපකාර චන්දෙ පවා පරදිනවනේ.
ReplyDeleteගම්මන්පිල ge ජනප්‍රියතාවය 2015 - 60%
ReplyDelete2026 - 0.113% 😂