වරකපොල අතුරු මාර්ගය කිලෝමීටර 2.3ක් ඉතිරිය හදන්න රුපියල් බිලියන 4.99කට කැබිනට් අනුමැතිය...

 


වරකාපොල අතුරු මාර්ගයේ ඉතිරිව ඇති ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම සඳහා රුපියල් බිලියන 4.99 ක කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජාතික මහාමාර්ග පුළුල් කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 

කිලෝමීටර 0 සිට කිලෝමීටර 2.32 දක්වා වූ මෙම මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබුණි.

ඒ සඳහා ඉදිරිපත් වූ ලංසු හයක් අතරින්, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ මාගා ඉංජිනේරු (පුද්ගලික) සමාගම (M/s Maga Engineering (Pvt) Ltd) වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, එකතු කළ අගය මත බදු (VAT) රහිතව රුපියල් බිලියන 4.99 ක මුදලකට අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.






Ministerial Approval Granted for Highway Development Contract Worth Rs. 4.99 Billion

The Cabinet has granted approval for a significant contract amounting to Rs. 4.99 billion to expedite the remaining construction work on the Warakapola bypass road.

This project is part of a broader initiative aimed at the expansion and improvement of national highways, utilizing funds allocated under the national expressway development program.

The contract covers a section of the road from kilometer 0 to kilometer 2.32, and will be awarded following a competitive bidding process. Six bids were submitted for consideration, and based on recommendations from a high-level procurement committee, the contract has been awarded to Maga Engineering (Pvt) Ltd, identified as the lowest responsive bidder.

The decision to proceed with this contract, which totals Rs. 4.99 billion excluding VAT, was presented to and approved by the Minister of Transport, Highways, and Urban Development.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ජයලත් දුරයගේ චමින්ද ජයලත්July 14, 2026 at 6:30 PM

    මිළ වෙනවා ඉතින් මේ ව්‍යාපෘති වලට. රටේ මෙච්චර අපහසුතා මාධ්‍යයේ වුණත් ආණ්ඩුව කරණ හොඳ වැඩ වලට අපි එකෙන්ම සහයෝගය දෙන්ට ඉන්නවා. අමාත්‍ය මණ්ඩලයේ සහෝදරවරු මුදල් හොරකම් කරන් නැති නිසා තමයි මේ වගේ ව්‍යාපෘති වලට යොදවන්ට මුදල් තියෙන්නේ.

    ReplyDelete
  2. තුප්පහිගේ ජයවීරJuly 14, 2026 at 6:32 PM

    මෙන්න සංවර්ධන කටයුතු, ඔන්න බලා ගනිල්ලා. මීට අවුරුදු කීපයකට කලින් මෙහෙම සංවර්ධන වැඩ වලට තියා අඩු ගානේ අස් වැසුම දෙන්ඩ වත් සල්ලි තිබ්බද රුපියල් බිලියන 4.99ක්? නියමයි.

    ReplyDelete
  3. තෝර පදුවගේ දේවසිරිJuly 14, 2026 at 6:35 PM

    අනිවාර්යෙන් නියම වැඩක්, මේක ඉක්මණින්ම හදලා ඉවර කරන්ඩ. වරකාපොලට මේක අත්‍යවශ්‍යයි තදබදය නැති කරන්ඩ, සඳුදා උදේට, සිකුරාදා හවසට, වගේම හැමදාම පාසැල් වෙලාවටත් හරිම තදබදයක් තියෙන්නේ, මේ මාර්ගය අනිවාරයෙන් අත්‍යවශ්‍යයි. ස්තුතියි අපේ ආණ්ඩුවට.

    ReplyDelete
  4. මහින්දල හයිවෙ හදද්දි රත්තරන්ද කියල ඇහුවෙ😂😂😂 දැන් මෙන්න වැඩලු. බි4.99 කිලෝ මීටර 2.5 😂😂😂 ගු කද්දි රසයි කියන්න එපා බන් කාගෙ උනත් ගූ නම් ගූම තමයි.

    ReplyDelete
  5. කිලෝමීටර් එකට රු.කෝටි 217ක්.හිතල බලන්න.රාජපක්ෂ හොර රෙජීමය පන්නමු.

    ReplyDelete
  6. කැකුණවෙල වජිර බුද්ධි හිමිJuly 14, 2026 at 7:02 PM

    ඒ කාලේ හොරා කන්ඩ සල්ලින් නෑ කියලා නේද ආණ්ඩුව දාලා දිව්වේ? වැඩ කරන්ඩ තියා හොරාකන්ඩවත් සල්ලි තිබුන් නෑ නේද? දැන් ඕන තරම් සල්ලි තියෙනවා? ඇයි ඒ? බදු හින්ද ද? නෑ, බදු ඒ කාලෙත් තිබුණා. බදු ඒ කාලේ තිබුණට සල්ලි නෑ ඒ කාලේ ආණ්ඩුවට. හේතුව ඉහ වහා ගිය හොරකම. දැන් සල්ලි තියෙනවාඅ. ඇයි ඒ? දැන් හොරකම් කරන්ඩ කවුරුවත් නෑ. ඒකයි වෙනස.

    ReplyDelete
    Replies
    1. gon kame mahatha

      Delete
    2. ඇත්තටම චීවරයක් දාගෙන නම් ඉන්නෙ( මාක්ස් වාදීන්ට වෙන දර්සන ආගම් තහනම්) දානෙට බත් ටිකකුත් කන්න. 🙏

      Delete
  7. Palawatthatath loku ganak.
    Hari nadda man ahanne.
    Therum ganna balanna

    ReplyDelete
Previous Post Next Post