බන්ධනාගාරයේ ගැටුමින් රැදවියන් දෙදෙනෙක් මරුට.. 27ක් රෝහලේ..


මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරු කණ්ඩායම් දෙකක් අතර අද (05) දහවල් ඇති වූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

මීගමුව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, බන්ධනාගාරය තුළ හටගත් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සිරකරුවන් 27 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි. මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු ද මේ වන විට මීගමුව රෝහලේ තැන්පත් කර ඇත.

බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීම සඳහා මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය  ද වහාම ක්‍රියාත්මක වන පරිදි කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මේ වන විට බන්ධනාගාර පරිශ්‍රය අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බව වාර්තා වේ.

ගැටුමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය එක්ව මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.





Violent Clash at Meegevuma Prison Leaves Two Dead and 27 Injured

In a tragic incident at Meegevuma Prison today, a violent clash between two groups of inmates resulted in the deaths of two individuals and injuries to 27 others. The confrontation occurred around noon and has sent shockwaves through the local community.

Medical sources from Meegevuma Hospital reported that the injured inmates are currently being treated, and the bodies of the deceased have been moved to the facility for examination. Authorities are investigating the circumstances surrounding this dangerous upheaval, as concerns rise over prison safety.

To manage the situation within the prison, officials have mobilized personnel from Meegevuma and surrounding police stations, including specialized police task forces. Their immediate response aims to restore order and ensure the safety of both inmates and staff.

Security measures around the prison premises have been tightened significantly, with reports indicating that security forces have successfully managed to stabilize the situation.

Meanwhile, the exact cause of the violent altercation remains unclear, prompting both the Department of Prisons and law enforcement agencies to launch a thorough investigation into the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. රාජපක්ෂලගෙ වැඩක් වෙන්ට ඇති, නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. Anura Rajapaksage wadak... ado Anura Rajapaksa

      Delete
Previous Post Next Post