බන්ධනාගාරයේ ලොකු ගැටුමක්.. 20ක් රෝහලට.. STF කැදවයි..


මීගමුව බන්ධනාගාරයේ සිරකරු කණ්ඩායම් දෙකක් අතර ඇති වූ දරුණු ගැටුමකින් සිරකරුවන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතලය.

මීගමුව රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූ සිරකරුවන් 20 දෙනාම මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.

බන්ධනාගාරය තුළ හටගත් මෙම ගැටුම පාලනය කර තත්ත්වය සමනය කිරීම සඳහා බලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට පියවර ගෙන තිබේ.

අනතුරුව එහි තත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.





Violence Erupts at Negombo Prison, Leaving 20 Inmates Injured

A violent clash between two inmate groups at Negombo Prison has resulted in injuries to 20 prisoners, with three of them reportedly in critical condition, according to police reports.

The Director of Negombo Hospital confirmed that all injured inmates have been admitted for treatment following the unrest that erupted within the prison compound.

In response to the incident, authorities have called in a special police task force to regain control and restore order within the facility.

Efforts have since been undertaken to manage the situation effectively.

Prison officials and police are conducting further investigations into the circumstances surrounding the incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post