ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින්, එහි ඇති ටැංකි 61න් 29ක් සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ලංසු කැඳවීමට ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම (TPTL) තීරණය කර තිබේ.
ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (51%) සහ ඉන්දීය ඔයිල් සමාගමට අනුබද්ධ ලංකා IOC සමාගම (49%) එක්ව 2021 වසරේදී පිහිටුවන ලද හවුල් ව්‍යාපාරයකි. ටැංකි 99කින් සමන්විත මෙම සංකීර්ණයේ ටැංකි 61ක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට දෙරට අතර එකඟතාවක් පවතින අතර, ඉන් 29ක් මුල් අදියරේදී සංවර්ධනය කිරීමට නියමිතය.
පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර, දෙරට අතර ද්විපාර්ශ්වික බලශක්ති සැපයුම ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර බහුවිධ තෙල් නල පද්ධතියක් ඉදිකිරීමට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ද අත්සන් කෙරිණි.
මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් අර්බුදකාරී වාතාවරණය හමුවේ කලාපීය බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හඳුනාගෙන තිබේ. මේ සඳහා වන යෝජනා කැඳවීම ඉදිරි මාසය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන්ගෙන් ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව දැනටමත් අනුමැතිය ලබා දී ඇත. සමාගම විසින් ලංසු ඇගයීම සිදු කිරීමෙන් අනතුරුව අවසන් තීරණය ගැනීම සඳහා එය නැවතත් අදාළ කමිටුව වෙත යොමු කිරීමට නියමිතය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේදී ඉන්දියාවේ දායකත්වය පිළිබඳ ප්‍රථම වරට සඳහන් වූයේ 1987 ඉන්දු-ලංකා ගිවිසුම හරහාය. පසුව 2002-2004 කාලසීමාවේදී අත්සන් කළ ගිවිසුම් මගින් මෙරට ඉන්ධන අලෙවි සහ බෙදාහැරීමේ කටයුතු සඳහා IOC සමාගමට අවස්ථාව හිමි විය. මෙම ටැංකි පද්ධතියේ උපරිම ඵලදායිතාව ලබා ගැනීම සඳහා ඒවා කඩිනමින් සංවර්ධනය කළ යුතු බව ශ්‍රී ලංකා රජය ද අවධාරණය කර ඇත.
Trincomalee Oil Tank Complex to See Global Investment for Development
The Trincomalee Oil Tank Complex is set for a significant upgrade, with Trinco Petroleum Terminal Ltd. (TPTL) announcing plans to invite international bids for the development of 29 out of its 61 tanks, aimed at enhancing commercial utility.
TPTL is a joint venture established in 2021, with a 51% stake held by the State Oil Corporation of Sri Lanka and the remaining 49% owned by Indian Oil Company, known locally as Lanka IOC. The complex consists of 99 tanks, with a mutual agreement between Sri Lanka and India to enhance 61 of them, of which 29 are earmarked for initial development.
During Indian Prime Minister Narendra Modi's visit to Sri Lanka last year, a trilateral agreement was signed among India, Sri Lanka, and the United Arab Emirates aimed at strengthening bilateral energy supplies through a multi-oil pipeline system.
Recognizing the urgent need for regional energy security amid the current volatile conditions in the Middle East, both Sri Lanka and India have identified Trincomalee as a critical energy hub. Reports indicate that proposals for the initiative are expected to be announced within the coming month.
A committee appointed by the Cabinet has already granted approval for attracting investors to this project. Following an evaluation of bids, a final decision will be presented back to the relevant committee.
This joint development effort by India was first highlighted through the Indo-Sri Lanka Agreement of 1987. Further agreements made between 2002 and 2004 permitted the Indian Oil Company to engage in fuel distribution and marketing activities in Sri Lanka. The Sri Lankan government has emphasized the necessity of rapidly developing these tank facilities to ensure maximum efficiency.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පති රෙන ගලප්පත්ති ප්‍රමුක ඩෝබියො ටික කෝ….දුවල එන්න . මෙන්න රීලා…. තාම උනුවෙන්ම තියෙනව. කාගෙන කාගෙන යන ඩෝබියො ටික තමයි අඩු.😂 ගූ කෑවට කමක් නෑ රසයි ගුනයි කියල වැලලෙන්න නම් එන්න එපා…. ගු ගද එනව😂😂😂
ReplyDeleteකලින් ආණ්ඩු මේවා පිට රටට බදු දෙන්න හදන කොට මුන් මැරෙන්න හැදුවා රට විකුනනවා කියලා. දැන් තමයි නියම 76 වසරක සාපය කවුද කියලා තේරෙන්නේ !
ReplyDeleteතනියෙන් ටැංකි ටික හදාගන්න බෑ. එකත් ඉන්දියාවට කෑලි දීල.
ReplyDeleteවිදෙස්? ඇයි අපේ ධම්මිකලගෙ, ඉෂාරලගෙ, ඩක්ලි ගෙ මොනවද අඩු? ආසියාවෙ ඕනෑම ජගතෙකුට,, ව්‍යවසායකයෙකුට තනියම run එකක් දෙන්න පුළුවන් වැඩ්ඩො. ඇයි ඒ ගොල්ලෝ කලු ද?
ReplyDeleteඉන්දියාව එක්ක ගහපු හොර ගිවිසුමේ කොන්දේසි ඉෂ්ට කරනවා විතරයි මේ.
Deleteපතිරෙනගෙ පේමන්ට් කරල නෑ වගේ🧐
ReplyDeleteකවුද යකො මට පැති රෙන ගල් අපතයා කිව්වෙ?
ReplyDelete