රන් උකස් කිරීම් රුපියල් කෝටි 35,000කින් ඉහළට... මෙරට නිවෙස්වලින් 60%ක්ිරන් රහිත වෙයි...


මෙරට වාණිජ බැංකුවල රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා උපුටා දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙය ප්‍රතිශතයක් ලෙස සියයට 54ක දැවැන්ත වර්ධනයක් බවයි.

2024 වසරේ මුල් භාගයේදී රුපියල් කෝටි 66,000ක්ව පැවති රන් උකස් ණය ප්‍රමාණය, මේ වසරේ මාර්තු මාසය වන විට රුපියල් කෝටි 101,100ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පවතින ආර්ථික උද්ධමනය හමුවේ එදිනෙදා ජීවන වියදම් පියවා ගැනීමට සහ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට ජනතාව මෙලෙස රන් භාණ්ඩ උකස් කිරීමට පෙළඹී ඇති බව මහාචාර්යවරයා සඳහන් කරයි.

මූල්‍ය ආයතන වාර්තාවලට අනුව, රන් භාණ්ඩ විකිණීම හෝ උකස් කිරීම හේතුවෙන් මෙරට නිවෙස්වලින් සියයට 60කට වඩා වැඩි ප්‍රමාණයක මේ වන විට කිසිදු රන් ආභරණයක් නොමැති (රන් රහිත) තත්ත්වයක් උදා වී ඇත.

අධික ජීවන වියදම හමුවේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් තම රන් ආභරණ අලෙවි කිරීමට ද යොමු වී තිබේ. මෙලෙස අලෙවි කළ රන් ප්‍රමාණය පිළිබඳ නිශ්චිත නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් වී නොමැති වුවද, ආර්ථික අර්බුදකාරී සමයේදී පමණක් රන් උකස් කිරීම් රුපියල් කෝටි 35,600ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම සහ රුපියලේ අගය වෙනස් වීම හමුවේ මෙරට රන් මිල වාර්තාගත මට්ටමකට පැමිණීම ද ජනතාව තම රන් භාණ්ඩ අලෙවි කිරීමට පෙළඹුණු තවත් ප්‍රධාන හේතුවක් බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.





Surge in Gold Loan Amounts Highlights Economic Struggles in Sri Lanka

The amount of loans secured against gold items in Sri Lanka's commercial banks has seen a dramatic increase, soaring to approximately Rs. 35,145 million, according to Professor Wasantha Athukorale from the Department of Economics and Statistics at the University of Peradeniya.

By citing recent reports from the Central Bank of Sri Lanka, he revealed that this figure represents an astonishing growth of 54 percent.

During the early months of 2024, the amount of gold-backed loans stood at Rs. 66 billion, which surged to Rs. 101.1 billion by March of this year.

Professor Athukorale points out that amid the ongoing economic inflation, people have been compelled to resort to securing loans against their gold items to manage daily living expenses and meet urgent financial needs.

Reports from financial institutions indicate that due to the sale or pawn of gold items, over 60 percent of households in Sri Lanka currently lack any gold jewelry.

In light of the high cost of living, a significant number of Sri Lankans have also turned to selling their gold jewelry. Although specific official statistics detailing the volume of gold sold are not available, reports suggest that during this economic crisis, gold pawning has surged to as high as Rs. 35.6 billion.

The increase in global gold prices coupled with currency fluctuations has brought local gold prices to record levels, providing yet another compelling reason for the public to part with their gold items, as highlighted by Professor Athukorale.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. පුනරුදය දැන් ළඟින් ම.

    ReplyDelete
Previous Post Next Post