ඩෙංගු අල්ලන්න රට පුරා පොලිස් මෙහෙයුම්.. අහුවුනොත් කෙලින්ම නඩු..


 පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රට තුළ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින අතර මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතී.

දිවයින පුරා පොලිස් කොට්ඨාස 48 ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු හරහා ඩෙංගු මර්දන පවිත්‍රතා ශ්‍රමදාන, දැනුවත් කිරීමේ වැඩසටහන් හා නීතිය බලාත්මක කිරීම යන ක්‍රියාර්මග සම්බන්ධයන් මහජනතාව දැනුවත් කිරීමට හා මෙම රෝගය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දැඩි කැපවීමෙන් ක්‍රියා කරන ලෙස සියළුම පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන් වෙත පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.

මෙහිදී, යම් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ බෝවීමට ඉඩකඩ ඇති පරිදි පරිශ්‍රය අපිරිසිදුව තබා ගන්නා තැනැත්තන්ට එරෙහිව දැඩි ලෙස නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්, මෙම නීතිමය ක්‍රියාමාර්‌ග ගැනීමේදි එම තැනැත්තන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 262 වන වගන්තිය ප්‍රකාරව ගරු අධිකරණයේ නඩු පැවරීම සිදු කරන බවටත් මහජනතාව වෙත තවදුරටත් දන්වා සිටියි.

තවද, 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත ප්‍රකාරව, යම් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ බෝවීමට ඉඩකඩ ඇති පරිදි එම පරිශ්‍රය අපිරිසිදුව තබා ගැනිම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමටත් සෞඛ්‍ය අංශ වෙත නීතිමය බලය ලැබෙන අතර, රතු නිවේදනය පැහැර හරිමින් යම් තැනැත්තෙකු එම රතු නිවේදනයෙහි සඳහන් උපදෙස් නියමිත කාලය තුල ඉටු නොකිරීම එම පනතේ 06 වන වගන්තිය අනුව රුපියල් 25000/= ක උපරිම දඩයකින් දඬුවම් ලැබිය හැකි වරදකි.

තවද, 2026 වර්ෂයේ ජනවාරි මස සිට ජූනි මස දක්වා මාස කාලය තුල තම වාසස්ථාන අවට පරිසරයේ මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනටමත් ගරු අධිකරණයන්හි නඩු 4672 ක් පැවරීමට කටයුතු කර ඇති බව කණගාටුවෙන් දැනුම් දෙනු ලැබේ.

එක් අහිමි වූ කුඩා ජීවිතයක් යනු එක් පවුලක පමණක් නොව, සමස්ත සමාජයේම නොපිරෙන හිඩැසකි. එවැනි සෝචනීය සිදුවීම් නැවත කිසිදු නිවසක කඳුලක් නොවීමට නම්, සෑම දරුවෙකුගේම ආරක්ෂාව පිළිබඳ දෙමාපියන්, භාරකරුවන් හා සමාජයේ සියලු දෙනාම වැඩි අවධානයක් යොමු කිරීම කාලෝචිත අවශ්‍යතාවයකි. එබැවින් ඩෙංගු මාරයා පැරදවීමට අවශ්‍ය සියලු ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් නැවතනැවතත් කාරුණිකව ඉල්ලා සිටියි.





Joint Efforts Launched to Combat Rising Dengue Threat in Sri Lanka

A significant risk of a dengue outbreak is looming over Sri Lanka as health authorities, public health inspectors, and the Sri Lanka Police unite to implement targeted anti-dengue initiatives nationwide. The rising incidence of this mosquito-borne disease has prompted urgent action across various sectors.

With 48 police divisions mobilizing through community safety committees, comprehensive measures are being put into place. These measures include awareness campaigns and enforcement of regulations aimed at educating the public and reducing the disease's proliferation. Police Chief has directed all station heads to actively engage the community in these efforts.

Authorities are particularly focused on taking stern action against individuals who maintain unhealthy environments that facilitate mosquito breeding. Legal actions will be initiated against those neglecting their responsibilities to keep areas tidy, potentially subjecting them to prosecution under Article 262 of the Criminal Procedure Code, which allows for cases to be filed in court.

According to the Prevention of Mosquito Breeding Act No. 11 of 2007, health officials are empowered to issue red notices concerning any locations that may serve as breeding grounds for mosquitoes. Failure to comply with the directives outlined in these red notices within the specified time frame can result in fines of up to Rs. 25,000, as per Article 6 of the Act.

Disturbingly, since January 2026, courts have already taken action in 4,672 cases involving individuals who have failed to address favorable conditions for mosquito breeding around their residences during the January to June period.

The loss of a single young life is not merely a family tragedy but a profound loss to the entire community. To prevent such sorrowful events from casting shadows over more homes, it is imperative that parents, guardians, and society at large remain vigilant regarding the safety of every child. The Sri Lanka Police continues to appeal to the public to diligently follow all necessary precautions to fight against dengue fever.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. පතිරණ ගලප්පත්තිJuly 18, 2026 at 7:12 PM

    මේ තැන් වලට යන්ඩ ගත්තාම මුළු පොලිසියටම ඩෙංගු හැදෙන්ඩ පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇයි රාජපක්ෂලා අල්ලලා සල්ලි ගෙනල්ලා ඉවරද? ඩෙංගු මදුරුවෙක්වත් අල්ලගන්න බැරි මාලිමා ආණ්ඩුව ඩෙංගුවෝ දාලා මිනිස් දඩයම පටන් ඇරං. අපි කීවා අතීත මිනීමරුවෝ අනාගතේත් මිනී මරුවන් බව. වෙනස ෂැප ද?

      Delete
    2. ගොන් පොලිසියක් ගොන් ආණ්ඩුවක්. ඩෙංගු මදුරුවන්ට දඩුවම් කොරන්න තරම් අධිකරණය වැටිච්ච තැනක්.

      Delete
  2. ඉස්සෙලම කොළඹ කඩුවෙල නගර සභාවල්වලට නඩු දාල හිටපල්ලා.

    ReplyDelete
    Replies
    1. පාරෙ තියෙන කුණු කාණුවල මදුරුවො කෝටි ගණන්. මුං මිනිස්සුන්ට හිරිහැර කොරන්න නඩු දානව. උසාවියත් මේ ගොන් පාට්වලට සම්බන්ධ වෙනවනෙ.

      Delete
  3. මෝඩ යක්කු. මදුරුවන්ට නඩු දාන ගොබ්බ පකයො

    ReplyDelete
    Replies
    1. එකෙන්ම. මුං හිතන් ඉන්නෙ මදුරුවො දණ්ඩනීති සංග්‍රහය කියවල ඉන්නෙ කියල.

      Delete
  4. ආයේ ආතල් දෙනවා. ප්‍රාදේශීය සභා, නගර සභා, වන සංරක්ෂණ මේවාට දාපියව් මුලින්ම නඩු.
    මේ ගොබ්බ හැත්ත ඉස්සර කොහොමද දුන්නු ටෝක් . පොල් වගේ මදුරුවො, ආණ්ඩුවට බෑ.
    දැන් කොහොමද වැඩේ. මේ වගේ ෆෙක් දෙල් ෆේල් ආන්ඩුවක් ඉතිහාසෙට නෑ

    ReplyDelete
  5. මේ රටේ ගොන් වාහෙලට තේරෙන්න හරි නම් ආපහු කොරෝනා වසන්ගතයක් එන්න ඕන. අමන පව්කාර වහංගත වලට ගෙදර තියාගෙන, 5000 බඩු මලුත් දීලා, බෙහෙතුත් දීලා, හොස්පිටල් ක්ශනිකව හදලා හමුදාව ලවා ඇඳන් දාලා අන්තිමට ජාත්‍යන්තරෙත් එක්ක වලි කාලා බෙහෙත් හොයාගෙන ඒකත් විදලා එහෙම කරලා ලෙඩේ සනීප වෙච්ච ගමන් කෝ අපේ සල්ලි කියලා ඌට ගහලා එලෙව්වා. මාස 7ක් රට වහගෙන හිටියම සල්ලි ඉබේ පහල වෙනව කියලා හිතාගෙන ඉන්න මෝඩ සිපයි මැරිලම යන්න තිබුනේ, අපරාදේ.

    එක පාරක් යුද්ධෙන් ජීවිත බේරුවා, ඊලඟ පාර කොරෝනා වලින් ජීවිත බේරුවා. අන්තිමට එහෙම කරපු එකාගේ අම්මගේ තාත්තගේ සොහොනටත් ගිනි තිබ්බා, මරන්න හෙව්වා. ඌ හිටියා නම් කොළඹ කුණු ටික ලස්සනට බැහැර වෙනවා. අද කුණු හැමතැනම ගොඩ ගැහිලා. ඒවගේ සභාපතිලා හොයන්නේ ලක්ශයක් මරලා හරි බලයේ ඉන්න හැටි. තාම මැරුනේ 50යිනේ. තව 9,99,950ක් මරන්න තියෙනවා. ආ, බන්ධනාගාරේ මරපු 30යි, බෙල්ල කපලා, එල්ලලා, බල නහර කපලා , ආරක්ශකයාගේ තුවක්කුවෙන් වෙඩි තියාගෙන මැරිච්ච සෙට් එකත් එකතු කරාම 300ක් විතර. ඔහොම යමල්ලකො.

    ReplyDelete
Previous Post Next Post