ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා රැසක් හෙළි වෙයි.. දැනට කෝටි 450යි..


නොරොච්චෝල බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් පසුගිය මාස හතරක කාලය තුළ රුපියල් බිලියන 4.5කට අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය විය.

ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝල බලාගාරයට ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය පූර්ණ ධාරිතාව සැපයීමට නොහැකි වී ඇති බවයි.

මෙමඟින් ඇති වූ විදුලි හිඟය පියවා ගැනීම සඳහා කෙරවලපිටිය සොබාදනවි ඩීසල් බලාගාරයෙන් විදුලිය ලබා ගැනීමට සිදු වූ බවත්, ඒ සඳහා මෙම දැවැන්ත අමතර පිරිවැය දැරීමට සිදු වූ බවත් එහිදී හෙළි විය.

ගල් අඟුරු ආනයනය කිරීමේදී අනුගමනය කර ඇති මුදල් ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කෙරිණි. විදුලි ජනන පුද්ගලික සමාගමේ සභාපති මහාචාර්ය සාලිය ජයසේකර මහතා කොමිසම හමුවේ කියා සිටියේ, ගල් අඟුරු තොග මෙරටට පැමිණ ප්‍රමිතිය පරීක්ෂා කිරීමටත් පෙර, පැටවුම් වරායේ  රසායනාගාර වාර්තා මත පදනම්ව අදාළ සමාගමට මුළු මුදලින් 80%ක්ම ගෙවා ඇති බවයි. මෙරට රසායනාගාර වාර්තා මත පදනම්ව ගෙවීමට එකඟ වී ඇත්තේ ඉතිරි 20%ක මුදල පමණි.

පැටවුම් වරායේ රසායනාගාර වාර්තා සහ මෙරටදී සිදු කරන ලද පරීක්ෂණ වාර්තා අතර පැහැදිලි පරස්පරතාවක් පවතින බවද මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, බියුරෝ වෙරිටාස් නැමති ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණ ආයතනය මඟින් ලබා දුන් වාර්තාවල සඳහන් ගල් අඟුරු ප්‍රමිතිය, නොරොච්චෝල බලාගාරය මඟින් සිදු කළ දේශීය පරීක්ෂණ වාර්තාවලට සමාන වන බව කොමිසමේදී වැඩිදුරටත් තහවුරු විය.

මෙම කරුණු අනුව, ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු මෙරටට ගෙන්වීම හරහා රජයට සහ මහජනතාවට දැවැන්ත මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බව නිරීක්ෂණය වේ.





Coal Quality Issues Lead to Significant Financial Losses for Norochcholai Power Plant

The Norochcholai power plant has incurred over 4.5 billion rupees in additional costs over the past four months due to the import of substandard coal, as revealed during a recent session of the Presidential Commission investigating coal transactions.

Submitting evidence at the commission, the Director of the National System Control Centre highlighted that the use of low-quality coal has hindered the Norochcholai power plant's ability to deliver the full generation capacity required by the national electricity grid.

This shortage in electricity generation forced reliance on the Kerawalapitiya diesel power plant, leading to substantial additional expenses, further disclosed at the hearing.

Concerns were also raised regarding the payment methods adopted during the coal importation process. Professor Saliya Jayasekara, Chairman of the private electricity generation company, informed the commission that the firm had paid a staggering 80% of the total amount before the coal shipments arrived in the country, relying solely on laboratory reports from the Port of Wellawatte for the deal. Payments for the remaining 20% were agreed upon based on local laboratory assessments.

Recent discoveries indicated significant discrepancies between the laboratory reports from the Port of Wellawatte and local testing conducted within the country.

Moreover, findings from international quality assessment organization, Bureau Veritas, confirmed that the coal standards reported are consistent with the local assessment carried out by the Norochcholai plant.

Given these insights, it becomes evident that the importation of substandard coal has resulted in substantial financial losses for both the government and the public.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. කමක් නෑ, අපේ රටේ පුන්නක්කු බලකාය සතුටින් ඕවා ගෙවනවා.
    තෙල් මිල වැඩි කරේ ඕක ගෙවන්න. මාලිමා ගොට්ටොත් ඒක දන්නවා. ඒත් ඒක වහගන්න උන් ඉරාන යුද්ධෙ පිට ඕක පටවලා ගෙවනවා

    ReplyDelete
    Replies
    1. ඔය ගොට්ටොන්ට තමයි මාර්ග සංවර්ධනෙන් දෙපාර ගානේ හොරාට ගෙවන්නේ. ඔය වොයිස් කට් දෙන උන් තමයි ප්‍රාදේශීය සභාවේ, උන්.
      තෙල් මිල වැඩි කරපු හැම දවසකම, හැම ශෙඩ් එකකම එකෙක් දෙන්නෙක් දැම්මා වොයිස් කට් දෙන්න විතරක්. මාලිමාවට කඩේ යන ඉතුරු වෙලා ඉන්න හැම ඩෝබියටම මොකක් හරි පුද්ගලික වාසියක් තියෙනව.

      Delete
  2. කෝටි 450 සෘජු පාඩුව. සම්පූර්ණ පාඩුවල එකතුව කෝටි 1000ට වැඩියි.
    ඒක තමයි මෙතෙක් ඉතිහාසේ ලංකාවේ වුන ලොකුම වංචාව. විපක්ශේ උන් නැට්ට පුකේ ගහගෙන පැත්තකට වෙලා ඉන්න නිසා උන් මේකෙ ඩෙඟා නටනවා.
    මෙච්චර වංචා කරන හොර හැත්තට කඩේ යන උන්ට හෙන ගහනවා.

    ReplyDelete
    Replies
    1. Ubath Koti Sirasa vagey Vipaseta banina ponnayekda? Yako Vipakse nisa thamai mun okkogema gahili eliyata aave, hoyala balapan nikan denne nathuva ka gahanna epa. Aanduve redi mulinma galevve Vipakse thamai..

      Delete
  3. ඔච්චර හොරකමක් වෙලත් ඔය ඇමතියා අස් වුනේ නෑනේ. අන්තිමට HSBC බැංකුවේ ලොක්කා ලෝක සමුලුවක කියනවා අනේ මට මේ ලංකාවේ මිනිස්සු ගැන හරි දුකයි. අඩුවට තෙල් ගන්න පුලුවන්කම තියෙද්දිත් උන් ඩීසල් අරන් තියෙන්නේ ලෝකේ වැඩිම මිලට බැරල් එකක් ඩොලර් 286ට කියලා. ඒ වෙලාවේ ඩීසල් බැරල් එකක මිල තිබුනේ ඩොලර් 148ට. ඒවයින් කොහොම ගැහිල්ලක් ගහ ගන්න ඇතිද. බැංකුවේ ලොක්කා කියපු නිසා ආන්ඩුවට තේරුනා ලෝකෙම මේ හොරකම් දන්න බව. ඊට පස්සෙ තමයි ඔය හොරාට ඉල්ලා අස්වෙන්න කියලා පචයා කියල තියෙන්නෙ.

    ReplyDelete
  4. මීගමුවේ නගර සභාවේ සභාපති හොයාගෙන මීගමු ලෙල්ලම අයිති වෙන්න ඕන මීගමු නගරසභාවට බව.
    ඒක පල්ලිය දැනගෙන විජිත හේරත්ට කියලා සභාපතිව අයින් කරා. අන්න ඩාක් රූම් එකේ ඔක්කොම විස්තර තියෙනවා.

    ReplyDelete
  5. පතිරණ ගලප්පත්තිJuly 17, 2026 at 7:03 AM

    දුන්න ඡන්දය ගැන ආඩම්බරයි, හා නැද්ද?

    ReplyDelete
    Replies
    1. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

      Delete
  6. Ratey salli nathivuna kiyala hamoma dannava. Habei komisama thaama salli horakam kaley kauda kiyala kothanakavath kivvada?

    ReplyDelete
  7. Punarudaya *ක ළඟ.

    ReplyDelete
  8. මීළඟ ආන්ඩුවෙන් ජෙවිපි රොත්තම ඇතුලට දාන්න ඕනෙ ඇපනැතිව

    ReplyDelete
  9. E ubalage anduwak awoth ne... Ethakan inna eka sakai..

    ReplyDelete
  10. ආරියතිලක

    1965 මැයි මස 14 වෙනි දින රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන පක්ෂය ආරම්භ කිරීමත්, කිසිදු සාධාරණ හේතුවක් නැතිව (ඊනියා මාක්ස්වාදීන්ට හේතු ඇත. එම හේතු සාධාරණ නැත.) 1971 ජවිපෙ රාජද්‍රෝහී කැරැල්ල ඇති කිරීමත්, 1987/88/89 ජවිපෙ රාජද්‍රෝහී දෙවන කැරැල්ල ඇති කිරීමත් හා ජවිපෙ විසින් පාසල් වයසේ ළමයා පටන් විශ්ව විද්‍යාල ශිෂ්‍යා දක්වා, මිත්‍යා මාක්ස්වාදී දේශපාලනය දර්ශනයෙන් මනස අවුල් කොට, සමස්ත සමාජයට ම කරන ලද විනාශය සුළු පටු නො වේ. මේ රට විනාශ කල විනාශය කරා ගෙන ගිය දේශද්‍රෝහීන් තිදෙනෙකි. එනම්:-

    1. සිංහල භාෂාව පැය 24 රාජ්‍ය භාෂව කොට රට ලේ විලක් බවට පත් කල හා දෙමළ ජාතීන් සිංහලයන් අතර වෛරය ඇති කිරීමට , අවිශ්වාසය ඇති කිරීමට හේතු විය. අදත් ඒ අවිශ්වාසය දෙමළ ජනයා ඇතර නැතැයි නො කිය හැකි ය. කතා කරන භාෂාවක් අරභයා නීති පනවා, රට මහත් අගාධයකට ඇද දැමීම ජාතියට වූ මහත් අපරාධයකි.

    එසේ ම භික්ෂූන් වහන්සේලාට ලෝක ඉතිහාසයේ පඩි ලබන රක්ෂාවක් දී සම්බුද්ධ ශාසනයේ විනය අර්බුදයක් ඇති කොට සම්බුද්ධ ශාසනයේ අභ්‍යන්තරයට පහර දුන්, හා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ, හිටපු අග්‍රාමාත්‍ය එස්. ඩබ් ආර්. ඩී. බණ්ඩාරනායක ය.

    එහි විපාකය අද රට භුක්ති විදී. එංගලන්ත ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධියක් නැති, එංගලන්තයේ මාස හයක් අනුන්ගෙන් ඉල්ලා ගෙන කා, පදික වේදිකාවේ ජීවත් වූ, නූගත් යමෙක් වුවත්, ලංකාවේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට ඒ කාලයේ එකඟ නො වනු ඇත.


    සම්බුද්ධ ශාසනයට එළාර රජු, මේ රට ආක්‍රණය කළ සොළී, කාළිංඟ මාඝ, පෘතුග්‍රීසි, ලංදේසි, ඉංග්‍රීසි ආදී කිසිවෙකු විසින් නො කළ විනාශයක්, භික්ෂූන් වහන්සේලාට ලියාපදිංචි පඩි ලබන රැකියා දීමෙන් එස්, ඩබ්, ආර්, ඩී, බණ්ඩාරනායක හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලදී. ලෝක ඉතිහාසයේ ගෞතම සම්බුද්ධ ශාසනයට මෙවැනි අපරාධයක් කිසිවෙකු විසින් නො කරන ලදී. සම්බුද්ධ ශාසනයට කළ ද්‍රෝහී කම පමණ කළ නො හැකි ය.


    2. රාජද්‍රෝහී දේශද්‍රෝහී කැරැලි ඇති කොට සදාචාර සම්පන්න බවෙන් රට විනාශ මුඛයට ඇද දැමූ එක් පුද්ගලයෙක් නම් ජවිපෙ නායක රෝහණ විජේවීර ය. ඔහුගේ පක්ෂ සාමාජිකයන් විසින්, ශ්‍රී ලංකා රාජ්‍යයේ දියුණුව, සංවර්ධනය විනාශ කිරීමට අද රට මේ ආර්ථික හා අධ්‍යාත්මික පරිහානියට සෘජුව ම වගකිව යුතු පිරිසකි. රටේ සංවර්ධනය හා ජීවිත විශාල ලෙස කාබසිනියා කිරීමට රෝහණ විජේවීර ඇතුලු ජවිපෙ සමාජිකයෝ ක්‍රියා කළහ.
    සැම ඇතින් ම, රාජද්‍රෝහී, දේශද්‍රෝහී දේශපාලන කැරැළි දෙකක් ඇති කොට, ආර්ථික සංවර්ධනයට වළ කැපූවෝ රෝහණ විජේවීර ඇතුලු ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෝ වෙති.

    3. රටට මහත් විනාශයක් ඇති කළ, දෙමළ කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්
    යන තිදෙනා ය.

    මෙම තිදෙනාගෙන් රෝහණ විජේවීරගේ පක්ෂයේ, මාක්ස්වාදී අනුගාමික රාජ්‍ය නායකයෙකුගෙන් හා ආණ්ඩුවකින් රට පාලනය කරන බැවින්, සත්‍යවාදී අවංක, බොරුවෙන් තොර රාජ්‍ය පාලනයක් බලාපොත්තු විය හැකි ද? ජවිපෙ ආරම්භයේ පටන් ම රටට මහත් බොරුවෙන් හා අසත්‍යයෙන් වින කළහ.

    ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නායකයා ලෙස, වත්මන් ජනාධිපතිවරයා තරම් ජනතාව බොරුවෙන් රැවටූ වෙනත් පාලකයෙක් ලෝක ඉතිහසයේ නැත්තේ ය. ජනතාව බොරුවෙන් රැවටූ ජාතික ජන බලවේගය තරම් වෙනත් දේශපාලන පක්ෂයක් ද ලෝක ඉතිහාසයේ නැත්තේ ය. ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මහ මැතිවරණයට දෙන ලද පොරුන්දු මත ජනතාව ඡන්දය පාවිච්චි කොට ජනාධිපතිවරයාට බලය ලබා දුන්හ. පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩු බලය ලබා දුන්හ. තවදුරටත් විශ්වාස කොට බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය ලබා දුන්හ.

    තථාගත සම්බුදු රදුන් විසින් බොරු කියන්නාට නො කළ හැකි පවක් නැති බව වදාරණ ලදී. බොරු කියන්නාට ඕනෑම පවක් කිරීමට හැකි බව, පහත ගාථාවෙන් බුදු රදහු වදාළහ.

    “ඒකං ධම්මං අතීතස්ස- මුසාවාදිස්ස ජන්තුනෝ,
    විතිණ්ණපරලෝකස්ස-
    නත්ථි පාපං අකාරියං”

    (ධම්මපද ලෝකවග්ග)

    “සත්‍යයෙහි පිහිටීම නැමති එක් ගුණධර්මයක් අත්හළ දැන දැන බොරු කියන්නා වූ පරලොවක් ගැන බලාපොරොත්තු හළ තැනැත්තාට නො කළ හැකි පවක් නැත්තේ ය.”

    බොරුවෙන් ගොඩ නැගුණු ඊනියා මාක්ස්වාදී දර්ශනය මත ගොඩනැගුණු, 1965 මැයි මස 14 දින සිට ජවිපෙ විසින් මේ රටට කළ රාජද්‍රෝහී දේශද්‍රෝහි අපරාධ ජාතිය හමුවෙහි නිසි ලෙස විවරණය විය යුතු ය. එසේ නො වුණ හොත් තව දුරටත් ජනතාව බොරුවෙන් රවටනු ඇත. ජනතාව ද, මාක්ස්වාදී බොරුකාරයන්ගේ බොරුවලට රැවැටෙනු ඇත්තේ ය.

    ReplyDelete
  11. මෙච්චර නැස්පත්තියක් වෙලත් මුන් තවම ඒ ජරා ටෙන්ඩරය කැන්සල් කරන්නේ නැති හැටි. අනිවාර්යයෙන්ම අත යටින් ගනුදෙනු වෙනවා ඇති.

    ReplyDelete
Previous Post Next Post