කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මඟින් අය කරනු ලබන විනෝද බදු (Entertainment Tax) සංශෝධනය කිරීමට පියවර ගත් බව කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසයි.
නගරාධිපතිනිය මේ බව සඳහන් කළේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන ලෙස ගරු ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමකට අනුව, 2026 අයවැය මඟින් මෙම බදු සහනය ලබාදීමට යෝජනා සම්මත වූ බව ඇය සඳහන් කළාය. ඒ අනුව අදාළ බදු සංශෝධනයන් ඇතුළත් ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබේ.
මෙම නව සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල අනුපාතයන් අඩු කර ඇති අතර, විශේෂයෙන්ම දේශීය කලාකරුවන්ට සහ කලා ක්ෂේත්රයට දිරියක් ලබාදීම වෙනුවෙන් දේශීය ප්‍රසංග සඳහා මෙතෙක් පැවති 12%ක බදු අනුපාතය 7% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිනිය අවධාරණය කළේ, මෙම බදු සහනයේ සැබෑ ප්‍රතිලාභය ජනතාව වෙත ගලා යා යුතු බවයි.
"අපි ලබාදුන් මෙම බදු සහනය නිසා සංවිධායකයන්ට විශාල සහනයක් හිමිවෙනවා. එම සහනය සැලකිල්ලට ගෙන ප්‍රවේශපත්‍ර මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන ලෙස අපි සියලුම සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එවිට වැඩි ජනතාවකට කලා හා විනෝදාස්වාද අත්දැකීම් විඳගැනීමට අවස්ථාව ලැබෙනවා. කලා ක්ෂේත්රය දියුණු වීම මෙන්ම ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක විනෝදාස්වාදයක් ලැබීම අපේ ප්‍රධාන අපේක්ෂාවයි," යැයි ද ඇය සඳහන් කළාය.
ජනතාව වෙනුවෙන් ලබාදුන් මෙම බදු සහනයේ වාසිය අවසානයේ ජනතාවටම හිමිවිය යුතු බව නගරාධිපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
Colombo City Council Revamps Entertainment Tax to Boost Cultural Activities
The Colombo City Council is set to amend the Entertainment Tax to enhance opportunities for leisure, cultural events, and sports within the city, as stated by the Mayor of Colombo, Rosy Senanayake.
Senanayake shared this information through a post on her social media account, highlighting the initiative's significance for the local community.
Following a request from the Governor to allocate more space for public entertainment, Senanayake revealed that proposals for tax relief have been approved as part of the 2026 budget. Consequently, a gazette notification reflecting the relevant tax amendments has now been issued.
The new amendments include reduced rates across all categories of the Entertainment Tax, notably decreasing the previous 12% rate on local performances to 7%. This adjustment aims to provide a boost to local artists and the cultural sector.
In her remarks, the Mayor emphasized that the true benefits of this tax relief should ultimately flow to the people. She urged event organizers to consider lowering ticket prices, which could enable a broader audience to engage in art and entertainment experiences.
"This tax relief offers significant savings for organizers. We encourage all organizers to take this relief into account and adjust their pricing accordingly, allowing more people to enjoy cultural and entertainment experiences. Our primary goal is to develop the arts sector and ensure that the public has access to quality entertainment at affordable prices," she stated.
The Mayor reiterated that the advantages of this tax concession should rightfully culminate in benefits for the public.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බද්ද අඩු කලා කියලා විනෝද වෙන්න බෑ
ReplyDeleteඔන්න ඔයා ඇවිත් ෆන් එකක් දුන්නොත් නම් අපිට විනෝද වෙන්න පුළුවනි
එකගයි
DeleteDan apita harima CHUN
Deletechun pan
''යටත්විජිතයේ කන්සා අවනීතිය'' ශෘජුවම මෙවලමක් ලෙසට උපයෝගී කර ගනිමින් අමාණුශික මර්ධණය මුදාහැරමින්, අසහනයට පත්වූ තරැණ ජිවිත ඉලක්කයකරගනිමින් තරැණ නැගිටීම මර්ධණය කිරීම සඳහාම තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරනා ,..
ReplyDeleteවිශ මත්ද්‍රව්‍ය දැවැන්ත ලෙසට රටතුලට පොම්පකරමින්,..
කන්සා තහනම උපක්රමශීලීව කූඨලෙස කෘෘරලෙස දිගටම පවත්වාගෙන යන අතරතුර,..
අදාළ ''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරමින්,සිරගතකරනා,..
'
''කන්සා අවනීතිය මර්ධණයේ මෙවළමක්ලෙසට පවත්වාගෙන යමින් ",.
ජනසමාජයක් මර්ධණයකරනා,..
''කන්සා තහනම උපයෝගී කර ගිමින් භික්ශුන්වහන්සේ ඇතුළු තරැණ ප්‍රජාව කෘෘර ලෙසට දඩයම් කරමින්,සිරගතකරනා,..
බළය රැක ගැනීම සඳහා දඩයම්, සමූළඝාතණ සිදුකරනා,..
බළකෑදර මුග්ධ මාළිමා රජයට..
''යටත්විජිතයේ කන්සා අවනීතිය''
අවධානයට,.! ,..
රජකමට සුදුසු නෑති අඩු කුලේ ගොයියන්ට දෑන් තියෙන්නේ වී මිල ගෑන කියව කියව ඉන්නෙ නෑතිව කොලබට ඈවිත් ටිකක් විනෝද වෙන්න.
ReplyDeleteමීට අඩුකුලේ වපරසින්හ
Winode kokawethath kemata badu adukaroth narakada?
ReplyDeleteකිසිසේත්ම සතයක්ව ත් ආතල් බද්ද අඩු නොකළ යුතුයි. ආණ්ඩුව 24/7 පුරාවටම අසීමාන්තිකව නොමිලේම රට පුරාම එක මිටට එක පොදියට පාපිසි බලකාය යොදාගෙන ආතල් සපයන නිසා තවත් ආතල් බද්දක් අවශ්‍යම නැත.
ReplyDeleteඩෙංගු වැනි මාරාන්තික ක්‍රීඩා කරන කොළඹ ජනතාවට බදු සහනයක්
ReplyDelete