බලහත්කාර ශ්‍රමය (Forced Labor) යොදාගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට සහ එම නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට එරෙහිව නව වෙළඳ බදු පැනවීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, 1974 වෙළඳ පනතේ 301 වගන්තිය යටතේ මෙම පියවර ගත් බව ඇමරිකානු වෙළඳ නියෝජිත (USTR) තානාපති ජේමියසන් ග්‍රීර් නිවේදනය කළේය.
දශක ගණනාවක් තිස්සේ සිදුකළ සදාචාරාත්මක බලපෑම් මගින් ගෝලීය සැපයුම් දාමයෙන් බලහත්කාර ශ්‍රමය තුරන් කිරීමට නොහැකි වී ඇති බැවින්, මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බව තානාපතිවරයා පෙන්වා දෙයි.
මෙම නව බදු ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය, කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයකට සියයට 10ක බදු අනුපාතයක් නියම කර ඇත. බලහත්කාර ශ්‍රමය වැළැක්වීමට පියවර ගෙන ඇති හෝ ඒ සඳහා ජාත්‍යන්තර එකඟතාවන්ට එළඹ ඇති රටවල් සඳහා මෙම සහනදායී බදු මට්ටම ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, විමර්ශනයට ලක්වූ අනෙකුත් රටවල් සඳහා සියයට 12.5ක බදු අනුපාතයක් පැනවීමට තීරණය කර තිබේ.
මීට අමතරව යුරෝපා සංගමය, ජපානය, තායිවානය, කොරියාව සහ ස්විට්සර්ලන්තය යන රටවල ඇතැම් නිෂ්පාදන සඳහා ද සියයට 10ත් 12.5ත් අතර බදු පැනවෙනු ඇත.
කෙසේ වෙතත්, ඇමරිකානු වෙළඳපොළට අත්‍යවශ්‍ය වන අමුද්‍රව්‍ය, දේශීයව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය නොවන භාණ්ඩ සහ මෙම බදු පැනවීම නිසා එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි ඇතැම් නිෂ්පාදන මෙම බදු පැනවීමෙන් නිදහස් කිරීමට ද ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය තීරණය කර ඇත.
2026 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද දීර්ඝ විමර්ශනයකින්, මහජන අදහස් විමසීමකින් සහ අදාළ රටවල් සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම අවසන් තීරණයට එළඹ තිබේ. මෙමගින් ලොව පුරා සිටින කම්කරුවන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සහ මානව හිමිකම් සුරැකීම අපේක්ෂා කරන බව ඇමරිකානු රජය වැඩිදුරටත් සඳහන් කරයි.
ඇමරිකානු රජයේ නිවේදනය මෙතනින්
US Imposes New Trade Tariffs Targeting 60 Countries, Including Sri Lanka, Over Forced Labor Practices
The United States government has announced new trade tariffs aimed at curbing the importation of goods produced using forced labor, impacting 60 countries including Sri Lanka. This decisive action follows a directive from the U.S. President and was formally communicated by U.S. Trade Representative (USTR) Ambassador Katherine Tai.
Ambassador Tai noted that the implementation of these tariffs is grounded in Section 301 of the Trade Act of 1974, a measure taken to counteract decades of systemic exploitation that has prevented a significant reduction of forced labor in global supply chains.
Under the newly established tariff policy, nations such as Sri Lanka, India, Bangladesh, Pakistan, Canada, Mexico, and the United Kingdom will be subject to a 10% tariff rate. Countries that have taken steps to prevent forced labor or have engaged in international agreements on this issue may benefit from this reduced tax rate.
Conversely, other nations still under scrutiny will face a 12.5% tariff. This classification could extend to a range of products from the European Union, Japan, Taiwan, South Korea, and Switzerland, where varying tariffs between 10% and 12.5% will be applied.
Amid concerns about the availability of essential materials crucial to the U.S. market, certain products that are inadequately produced domestically may be exempted from these tariffs. The USTR has indicated that this exemption aims to mitigate potential adverse economic effects on the U.S. economy.
This decision comes on the heels of an extensive investigation initiated in March 2026, which included public consultations and discussions with the affected countries. The U.S. government emphasizes that the overriding goal of these measures is to enhance the welfare of workers globally and to safeguard human rights.
For further details, the official announcement from the U.S. government can be accessed here.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

🇺🇸👍
ReplyDelete🇺🇸👍
🇺🇸👍
Great Mr Trump This is turning in to a communist government please save Sri Lanka,,🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸
Deleteකොහොමද අපේ අනුර සහෝදරයාගේ රාජ්‍ය තාන්ත්‍රික උත්කෘෂ්ට භාවය. එතුමාගේ වටිනාකම ට්‍රම්ප් ජනාධිපතිවරයා පවා ඉහලින් පිළිගන්න නිසයි එක දුරකථන සාකච්චාවෙන් වහාම ක්‍රියාත්මක වනපරිදි 2.5% බදු අඩුකොට 10% ක් පමණක් ගැසීමට සැලැස්සුවේ. අනිත් රටවල් වලට එහෙම රාජ තාන්ත්‍රික උත්කෘෂ්ට භාවයක් නැති නිසා උන් ඔක්කොම අන්ත අසරණ වෙලා වගේ පෙන්නේ. ඉතින් අපිට අපේ පුංචි රටට කොහොම අභිමානයක්ද? මාලිමාව දිනේවා !!!
ReplyDeleteමේකා කාගේ දරුවෙක් ද බං. ට්‍රම්ප් කාරය එක්ක කතා කොරල තියෙන්නේ අනුර තුමාද විජිත තුමාද?. ඒ දෙඩවිල්ල අපිට live බලා ගන්න විදියක් නැතිද? අපේ සන්නිවේදන කුසලතා වර්ධනය කර ගන්න එක මහඟු පිටිවහලක් වෙනවා ෂුවර් තමයි.
Delete