ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා හඳුන්වා දීමට යෝජිත නව ගාස්තු ක්‍රමය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මත අනවශ්‍ය පිරිවැයක් පැටවීමේ අවදානමක් පවතින බවට ඉංජිනේරුවන් අනතුරු අඟවන බව 'ද මෝනිං' පුවත්පත වාර්තා කර සිටියි.
එම පුවත්පත් වාර්තාවට අනුව, බැටරි පද්ධති සහිත සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ඒකකයකට රුපියල් 66.53ක උපරිම ගාස්තුවක් ගෙවීමට කොමිෂන් සභාව යෝජනා කර ඇත.
විශේෂයෙන්ම පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා වූ උපරිම ඉල්ලුම පවතින කාලසීමාව තුළ මෙම ගාස්තු ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකු උපුටා දක්වමින් 'ද මෝනිං' පුවත්පත පෙන්වා දෙන්නේ, තරඟකාරී මිලදී ගැනීමේ ක්‍රමවේදය හරහා ඒකකයක් රුපියල් 20ක් වැනි අඩු මුදලකට ලබාගත හැකිව තිබියදී මෙලෙස ඉහළ ගාස්තුවක් නියම කිරීම ගැටලුසහගත බවයි. මෙම යෝජිත ගාස්තු ව්‍යුහය ශ්‍රී ලංකා විදුලිබල පනතේ සඳහන් තරඟකාරී ප්‍රසම්පාදන මූලධර්මවලට පටහැනි බව ද එම ඉංජිනේරුවරයා පවසා ඇත.
මේ සම්බන්ධයෙන් NSO සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා මහතා 'ද මෝනිං' පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙම විවේචන ඉදිරිපත් කරන්නේ සේවයේ නියුතු ඉංජිනේරුවන් නොව විශ්‍රාමික ඉංජිනේරුවන් පිරිසක් බවයි. රටේ පවතින බලශක්ති අවශ්‍යතාවය හමුවේ බැටරි ගබඩා පද්ධති අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කර ඇත.
එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මෙගාවොට් 450ක අමතර විදුලි ධාරිතාවක් කඩිනමින් අවශ්‍ය වන බවත්, තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගතවන බැවින් මෙම ගාස්තු ක්‍රමය (FIT) හඳුන්වා දීම දැනට පවතින එකම ප්‍රායෝගික විකල්පය බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බව එම පුවත්පත් වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව යෝජනා කළ ගාස්තු තවදුරටත් අඩු කිරීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු පවසා ඇත.
Concerns Raised Over Proposed Tariff Structure for Battery Energy Storage Systems in Sri Lanka
Engineers are sounding alarms regarding potential unnecessary costs for electricity consumers stemming from a proposed new tariff system for Battery Energy Storage Systems (BESS) by the Public Utilities Commission of Sri Lanka, as reported by the 'The Morning' newspaper.
The commission has suggested imposing a maximum charge of Rs. 66.53 per unit for solar projects equipped with battery systems, raising concerns about affordability.
This tariff structure is set to be implemented during peak demand periods, specifically from 5:30 PM to 9:30 PM.
Furthermore, a senior engineer at the National System Operator (NSO) highlighted to 'The Morning' that while it should be possible to procure units for as low as Rs. 20 through competitive purchasing, the introduction of a higher fixed tariff could be problematic. He pointed out that this proposed pricing framework appears to contradict the competitive procurement principles outlined in the Sri Lankan Electricity Act.
In response to these criticisms, Dr. Pradeep Perera, Chairman of the NSO, clarified that such concerns are raised by a group of retired engineers rather than current service engineers. He emphasized the necessity of battery storage systems given the country's current energy demands.
Dr. Perera further noted that, due to the El Niño climate phenomenon, an additional capacity of 450 megawatts will be urgently needed in the near future. He mentioned that the introduction of this tariff structure is currently the only viable option, as the competitive tendering process could take significantly longer to implement.
However, he added that discussions are ongoing regarding further reductions to the proposed tariffs put forth by the Public Utilities Commission.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මම මෙය සරලව තෙරූම් කරන්නම්. විදුලිබල මණ්ඩලයෙන් - දැන්නම් ජාතික පද්ධති සැපයුම් පුද්ගලික සමාගම කියල රජය වෙනුවෙන් ටෙන්ඩර් දානවා - විදුලිය ගබඩා කරන්න බැටරි පද්ධති ස්ථාපිත කරන්න සහ විදූලිය සපයන්න. ටෙන්ඩර් එක පාස් කරන්නෙ ගජ මිතුරන්ට. දැන් මෙය සිදු කරන්න තවත් පහසු යි. තීරණය ගන්නෙ සමාගමෙ මුන් විසින් පත් කරන ලද අධ්යක්ෂ මණ්ඩලය විසින් නිසා රජයෙ සෘජු අධික්ෂණය මග හැර ටෙන්ඩරය පාස් වෙනවා. පළමු පියවර ගොඩ. දෙවන පියවර තමයි මුලින්ම ප්‍රචාරය යවනවා ඒකකයකට ඉතා වැඩි මිලක් සදහන් කරලා. පස්සේ හිතවත් කිහිප දෙනෙක් පවා ප්‍රකාශ කරනවා මෙය වැඩියි කියලා. එතකොටම ජනාධිපති රැස්වීමක් ප වත්වලා ලොක්කම ප්‍රශ්ණත් අහලා
ReplyDeleteඋත්තරත් දීලා ලස්සන පින්තූර විතරක් දාලා නිවුස් එක යවනවා සියලු දෙනා එකග වෙලා සත පණහක් අඩුකළා කියලා. එතකොට ගජ මිතුරට නීත්‍යානුකූල ලෙස ඉතාමත් වැඩි මිලකට බටරි විදුලිය ජනතාවට විකුණන්න අවස්ථා ලැබෙනවා.කථාව මෙතැනින් ඉවර නැහැ මෙම ගජ මිතුරු සැළකීම සමාජ ප්රාග්ධනය ලෙස මුන්ගෙ ප්‍රාග්ධන ගිණුම් වල තැන්පත් වෙලා පසුව මන්දිර ලෙස එලියට එනවා.
Deleteටෙන්ඩර් එක පාස් කරන්නෙ ගජ මිතුරන්ට
එතකොටම ජනාධිපති රැස්වීමක් ප වත්වලා ලොක්කම ප්‍රශ්ණත් අහලා
උත්තරත් දීලා ලස්සන පින්තූර විතරක් දාලා නිවුස් එක යවනවා
මේක හොඳ දෙයක් , දවල්ට පද්දතියට එකතු කරන විදුලියට , එක ගණනකුත් ,රැට දෙන ගනනට වෙනම ගෙවීමකුත් දෙන්න ඕනේ . එතකොට මිනිස්සු බැටරි ගෙවල් වල සවි කරලා පාවිච්චි කරයි .90 ගණන් වල ඉඳලා ලංකාවේ විදුලි බිල , සංවර්දිත වැඩි අදායම් මාර්ග තියෙන රටක වගේ වැඩියි .මේකට හේතුව දුෂණ සහ අකර්යක්ෂමත්වයන් . ලඟදි වැඩි කරපුවත් එක්ක එකක 170 කට වැඩි නම් එක එකකෙකට රු 100 ආසන්න ගානක් ගෙවන්න වනවා . එකක 20 දවසට පාවිච්චි කලොත් රුපියල් 2000 ළඟ ගණනක් බදු එක්ක . මිනිහෙකුගේ දවසක ආදායම් කීයද ? පෙට්‍රල් ලීටරයක් කීයද ? පෙට්‍රල් ගහගෙන ජෙනරේටර් එකක් දුවනවා ලාබයි
ReplyDeleteමිනිස්සු බැටරි ගෙවල් වල සවි කරලා පාවිච්චි කරයි .
Deletemole kachalda
minissu ehema gedara invest karay hithanne
ඔව්, අපටම kelawapall. නරි හැත්ත.
ReplyDelete