දේපල බද්ද ගහන්නමැයි IMF කියයි.. රජය බෑම කියයි..


 2027 අයවැය යෝජනා මගින් ද්විතීයික දේපළ බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළ යෝජනාව සම්බන්ධයෙන් රජය සහ එම අරමුදල අතර මතභේදයක් හටගෙන ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

අතිරේක හෝ ද්විතීයික නිවාස සහ දේපළ ඉලක්ක කර ගනිමින් මෙම බද්ද ඉදිරි අයවැයට ඇතුළත් කළ යුතු බවට මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත. කෙසේ වෙතත්, රජයේ ස්ථාවරය වී ඇත්තේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති අනෙකුත් ආදායම් මාර්ග හරහා නියමිත මූල්‍ය ඉලක්ක සපුරා ඇති බැවින්, මෙවැනි අලුත් බද්දක අවශ්‍යතාවක් පැන නොනගින බවයි.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ 2023 වසරේ සිට ක්‍රියාත්මක වන ආදායම් වැඩිකිරීමේ උපායමාර්ගයක් ලෙස, දෙවන සහ ඉන් පසුව හිමිවන නිවාස සඳහා බදු පැනවීමේ අදහස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබේ.

එහෙත් රජය පෙන්වා දෙන්නේ 2027 අයවැය සඳහා යෝජිත ආදායම් මාර්ග ප්‍රමාණවත් බැවින් මෙම බද්ද හඳුන්වා දීම අත්‍යවශ්‍ය නොවන බවයි.

මීට අමතරව, මෙරට දේපළ අයිතිය පිළිබඳ නිසි දත්ත පද්ධතියක් සකස් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බැවින්, එවැනි බද්දක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බව ද රජය පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, 2027 අයවැයට මෙය ඇතුළත් නොවුවද, ඉදිරියේදී මෙම බද්ද පැනවීම සඳහා මූල්‍ය අරමුදල දිගින් දිගටම බලපෑම් කිරීමට ඉඩ ඇති බව පුවත්පත වාර්තා කරයි.

මෙම දේපළ බදු ක්‍රියාවලිය සම්බන්ධයෙන් මීට පෙර ද නීතිමය සහ තාක්ෂණික බාධා රැසක් මතු විය. විශේෂයෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව දේපළ ආශ්‍රිත බදු ආදායම පළාත් සභාවලට හිමිවන බැවින්, මධ්‍යම රජයට සෘජුවම බදු පැනවීමට නීතිමය බාධා පවතී. එමෙන්ම තක්සේරු දෙපාර්තමේන්තුව සතුව මෙරට පවතින දේපළ මිලියන පහකට අධික ප්‍රමාණය පිළිබඳ යාවත්කාලීන දත්ත නොමැති වීම ද මෙහි ඇති ප්‍රධාන ගැටලුවකි.





Dispute Emerges Over Proposed Property Tax Recommendations in Sri Lanka's 2027 Budget

The government of Sri Lanka and the International Monetary Fund (IMF) are at odds regarding the introduction of a secondary property tax in the proposed 2027 budget, according to a report by Sunday Times.

The IMF has emphasized the importance of including this tax in the forthcoming budget, targeting additional or secondary residences and properties. However, the government contends that it has already met its financial targets through existing revenue streams, rendering the need for such a new tax unnecessary.

As part of the extended funding program for Sri Lanka, the IMF has suggested a taxation measure on second and subsequent homes, aimed at increasing revenue from 2023 onwards.

Nevertheless, the government insists that the revenue strategies proposed for the 2027 budget are sufficient, making the implementation of this new tax unwarranted.

Additionally, the introduction of such a tax would face practical challenges, as establishing a reliable data system for property ownership in the country would require significant time and resources, further complicating the situation, according to government officials.

Though the property tax may not be included in the 2027 budget, reports indicate that the IMF may continue to press for its implementation in the future.

Previously, several legal and technical hurdles have emerged around the property tax process. Under the 13th amendment to the constitution, property-related tax revenues are allocated to provincial councils, posing significant legal barriers for the central government to impose direct taxation. Furthermore, the lack of updated data on a substantial number of properties in Sri Lanka, which exceed five million, remains a major issue that complicates matters.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post