අද මිලියන 75න් හදන පාරක් එදා හදන්න මිලියන 125ක් ගියා.. ඒ එදා හොරකම නිසා..


රජයේ මුදල් නාස්තිය සහ දූෂණය අවම කිරීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ජනහමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මීට පෙර බදු නොගෙවූ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් නිසි පරිදි බදු අය කර ගැනීමට රජය පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම අල්ලස් කොමිසම, පොලිසිය සහ අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වීම නිසා ඉහළ මට්ටමේ දූෂණ වංචා රැසක් පාලනය කිරීමට හැකි වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

දූෂිත නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘති පිරිවැය අඩු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

"අද රුපියල් මිලියන 75කින් නිම කළ හැකි මාර්ගයක් ඉදිකිරීම සඳහා මීට පෙර රුපියල් මිලියන 125ක් වැනි විශාල මුදලක් වැය කර තිබෙනවා. ඒ අතිරික්ත මුදල් සියල්ල දූෂණය සහ වංචාවන් සඳහා වැය වූ ඒවා," යැයි ද ඔහු සඳහන් කළේය.

මහජන මුදල් අවභාවිතය වැළැක්වීම හරහා ඉතිරි කරගන්නා මුදල් රටේ සංවර්ධනය සහ ජනතා සුබසාධනය සඳහා වඩාත් ඵලදායී ලෙස යෙදවීමට රජය කැපවී සිටින බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.





Minister Bimal Ratnayake Highlights Significant Savings in Development Projects

The current government has successfully reduced expenditure on development projects by addressing public funds misuse and corruption, according to Minister Bimal Ratnayake.

Speaking at a public gathering, the minister emphasized that measures have been implemented to properly collect taxes from large-scale businesses that had previously evaded tax obligations.

He noted that the independence of the bribery commission, police, and judiciary has enabled greater control over high-level corruption schemes.

Minister Ratnayake highlighted that the decrease in project costs is a direct result of law enforcement actions against corrupt officials and politicians, regardless of their status.

"Previously, constructing a road that could be completed for 75 million rupees cost as much as 125 million rupees, with the excess funds being lost to corruption and fraud," he pointed out.

Further, he stated that the government is committed to utilizing the savings from preventing public funds misuse in a manner that effectively contributes to the country’s development and the welfare of its citizens.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. ජවිපෙ රැකගන්න ඉන්න මයේ දෙයියෝ .. ඔයා රටේ නායකයා වෙනකම් මම සිහින දකින්නේ ... එදාට තමයි මේ රටට හරියන්නේ

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි දීපු චන්දෙට, අම්මපා, හා නැද්ද?

      Delete
    2. were lanes reduced from 4 to 2?

      Delete
  2. දැන් කොයි පාරද එහෙම හදල ඉවර කලේ🧐🧐🧐 මමත් සෑහෙන කාලෙක ඉදන් ලොකු ගෙයක් හදනව කෑලි වෙනස් කරනව ලොකු වියදමක් නැතුව….. හැබැයි ඇහැරඅන ගමන් ඒක ඉවරයි😂😂😂 ඒ වගේ තමයි ජෙප්පොත් හිතින් වැඩ කොටියයි😂😂😂 අඩුවට කරන්න පුලුවන්… ඉක්මනට කරන්න පුලුවන් කියල කියවන්නෙ නැතුව එක වැඩක් ඉවර කරල පෙන්නන්නකො එතකොට අපිත් කටයි පුකයි වහන් ඉන්නම්😂😂😂

    ReplyDelete
  3. බුදු අම්මෝ මේ යකා දන්න දේවල්. හදුනට කියල නොබෙල් තෑග්ග අරන් දෙන්න වටිනවා. නැද්ද හා?

    ReplyDelete
  4. ඒ වගේද උඛලගේ පාරවල් හදලා මාසයක් යනකොට වැස්සොත් වලවල්

    ReplyDelete
  5. අතන මෙතන ඇහෙන කතාJuly 13, 2026 at 6:14 PM

    අතන මෙතන ඇහෙන කතා
    ලප පච කොට ලන්කට් අඳින්නේ නැහැලු. උ කියනවාලු උගේ පක ලොකු නැතිනිසා එලියට පෙනෙන්නේ නැහැ ඒ නිසා ලන්කට් ඕනේ නැහැලු. කිහිප දෙකෙක් කලිසම පිටිපස්සෙනුත් බැලුවාලු පටින්වත් පෙනෙනවද කියා නමුත් ඔවුන්ටත් හෝඩුවාවක් සොයාගන්න බරිවුනාලු.

    ReplyDelete
  6. පාර්ලිමේන්තුවේ පොල් සම්බෝල පුන්නක්කුයි කන බුරු පුතා බුරු කතාවක් කරයි

    ReplyDelete
  7. Pandu Karanda gaha hinda gana adu una.

    ReplyDelete
Previous Post Next Post