අධිකරණ ඇමතිට විශ්වාස භංගයට ජනපති අනුරගෙනුත් ප‍්‍රබල හේතුවක්..


 පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් අධිකරණ ඇමතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න කටයුතු යොදා තිබෙනවා. හේතු දහයක් උඩ ඒ විශ්වාසභංග යෝජනාවට අපේ පූර්ණ සහයෝගය පළ කරනවා.

බන්ධනාගාරවල ධාරිතාවය වගේ හතර ගුණයක් මේ වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් ලෙස ඉන්නවා. ඇත්තෙන්ම මේ ධාරිතාවය වගේ හතර ගුණයක් බන්ධනාගාරයේ සිරකරුවන් සිටීම හේතුවෙන් සිරකරුවන් තුළත් නිලධාරීන්ටත් ඇති වෙලා තියෙන මේ තදබදය විසින් ඇති කරන ලද පීඩනය නිසා සිරකරුවන් සිරකරුවන් අතරත්, සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතරත් ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව අපි පසුගිය සතියේ පෙන්වලා දුන්නා.

2022 සිට 2026 දක්වා වසර හතර තුළ පමණක් බන්ධනාගාරයේ සිටින සිරකරුවන් ගණන දෙගුණයකින් වර්ධනය වෙලා තිබෙනවා. මේ අයගෙන් 75% රිමාන්ඩ් සිරකරුවන්. රිමාන්ඩ් සිරකරුවන් අතරින් 80% මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දක්ෂ නීතිඥයන්ගේ සේවය ලබාගෙන නඩුවලින් නිදහස් වෙනවා. අවසානයේදී හිරේ යන්නේ ඇබ්බැහි වූවන් විතරයි කියලා මත්ද්‍රව්‍ය විරෝධීන්ගෙන් ලොකු චෝදනාවක් තිබුණා. ඒ නිසා අඩුම ගණනේ ජාවාරම්කරුවන්ට ඇප ලබාගැනීම දුෂ්කර කර කරලා ඒ අයට යම් පීඩනයක් එල්ල කළ යුතුයි කියලා මත්ද්‍රව්‍ය විරෝධීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ගෙනාපු මතයට නීතිමය ඉඩක් හදන්න 2022දී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් නීති සංශෝධනයක් ගෙනාවා. ඒ නීති සංශෝධනය අනුව මත්ද්‍රව්‍ය ශුද්ධ බර ග්‍රෑම් දෙකට වඩා වැඩියි නම් ඇප ලබාගත යුත්තේ අභියාචනාධිකරණයෙන්. ග්‍රෑම් දෙකට වඩා අඩුයි නම් සුපුරුදු පරිදි මහාධිකරණයෙන් ඇප ලබාගත හැකියි. මේ හරහා උත්සාහ කළේ ජාවාරම්කරුවා යාපනයේ හිටියත් ඇප ලබාගන්න කොළඹ අභියාචනාධිකරණයට පැමිණිය යුතුයි කියන විධිවිධානය හදලා ජාවාරම්කරුවන් මත දැඩි පීඩනයක් එල්ල කරන්න.

ඇත්තෙන්ම හැබැයි දැන් ඉතින් මේ මොන උසාවියෙන්ද ඇප ඉල්ලන්න ඕනේ කියන එක තීරණය කරන්න නම් අත්අඩංගුවට පත් වෙච්ච මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ ශුද්ධ බර ග්‍රෑම් දෙකට වැඩිද අඩුද කියන එක තීරණය කළ යුතුයි. ඒක තීරණය කිරීමේ හැකියාව තියෙන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පමණයි. ඔන්න ඔය නිසා තමයි රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් මේ ඇප ලබා ගැනීමේ අයදුම්පත්‍රයේ මොන උසාවියටද දාන්නේ කියන එක තීරණය කරගන්න බැරි වෙලා මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවන් ගණන ශීඝ්‍රයෙන් වැඩි වීමක් සිද්ධ වුණේ.

ඒ අනුව තමයි ඔය 2022 සිට සිරකරුවන් ගණන දෙගුණයක් බවට පත් වුණේ. 2022 මේ නීතිය ගෙනාවත් ඒ සමඟම ඇති වෙච්ච ආර්ථික අර්බුදයත් එක්ක 2022 සිට 2024 දක්වා බඳවා ගැනීම් නතර කරලයි තිබුණේ. එහෙමනම් 2024 සිට මේ දක්වා මිලදී ගැනීම්, බඳවා ගැනීම්වලට තිබුණු බාධාව 2024න් නතර වුණත්, 2024 සිට මේ දක්වා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාවය වැඩි කරන්න අධිකරණ ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. ඔන්න අධිකරණ ඇමතිවරයාට විශ්වාසභංගයක් ගේන්න පළවෙනි හේතුව.

ඊට සමගාමීව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගන්න වැඩි කරගන්න අසමත් වෙලා තියෙනවා. දෙවැනි හේතුව. ඒ වගේම පහළ අධිකරණවල විනිසුරුවරුන් ගණන වැඩි කරන්න පියවර ගන්න අධිකරණ ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. තුන්වැනි හේතුව. හතරවන හේතුව තමයි ඉහළ අධිකරණවල පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු නොකළත්, ඒ සඳහා ජනාධිපතිවරයා පොළඹවා ගන්න විෂයභාර අමාත්‍යවරයා විදියට අධිකරණ අමාත්‍යවරයා අසමත් වෙලා තියෙනවා.

පස්වන හේතුව තමයි පහළ අධිකරණවල පුරප්පාඩු විශාල ගණනක් තිබීමෙන් අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වන විට එම පුරප්පාඩු පිරවීමට අධිකරණ සේවා කොමිසම පොළඹවා ගන්න අධිකරණ ඇමතිවරයා අසමත් වෙලා තියෙනවා. හයවෙනි හේතුව තමයි මේ ප්‍රමාදයන් පහම සිද්ධ වෙද්දී අඩුම ගණනේ මේ ප්‍රශ්න ටික විසඳන තෙක් 2022 ගෙනාපු නීති සංශෝධනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්න අධිකරණ ඇමතිවරයා අසමත් වෙලා තිබෙනවා.

හත්වන හේතුව තමයි වසරකට වැඩි කාලයක් පුරාවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව දුවන්නේ ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් නැතුව. ඉතාම දක්ෂ නිලධාරියෙක් විදියට සෑම දෙනාගෙම ගෞරවය දිනාගත්ත තුෂාර උපුල්දෙණිය මහත්මයා බොරු චෝදනාවක් එල්ල කරලා සේවයෙන් අත්හිටෙව්වා. මානව හිමිකම් කොමිසම මේ අත්හිටුවීම වැරදියි කියලා නැවත සේවයේ පිහිටුවන්න නිර්දේශ කළත් ඇමතිතුමා උද්දච්චකමට ඒ නිර්දේශය නොසලකා හරිමින් සිටිනවා. ඒ නිසා මේ මොහොතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තිබෙන්නේ ගුවන් නියමුවෙක් නැතුව අහසේ සැරිසරන ගුවන් යානයක් වගේ අවදානම් තත්ත්වයකයි.

අටවන හේතුව තමයි ආණ්ඩුව ඉවත් වෙනු කියන මත්ද්‍රව්‍ය විරෝධී මාධ්‍ය සංදර්ශනයේ හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ඉලක්ක ලබා දීලා අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම. මේ නිසා තමන්ට මත්කුඩු ජාවාරමේ යෙදුණු හරි භාවිතා කරන හරි කෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉලක්ක සපුරගන්න අසමත් වුණොත් මත්කුඩු හඳුන්වා දීලා හරි, ඒ කියන්නේ කුඩු දාලා අත්අඩංගුවට අරන් කුඩු දාලා උසාවියට ඉදිරිපත් කිරීමේ තැනට පොලිසිය පීඩනය නිසා තල්ලු වෙලා තිබෙනවා කියලා ඉතාම බරපතල චෝදනාවක් තියෙනවා. ඒකත් ආණ්ඩුවේම වරදක්. විෂයභාර අමාත්‍යවරයා වගකිවයුතුයි.

ඊළඟට නවවන හේතුව තමයි වැරදි කරන නිලධාරීන්ට දඬුවම් කරනවා වෙනුවට වැරදීම් වන නිලධාරීන්ට දඬුවම් කිරීමේ ප්‍රතිපත්තිය නිසා අද රජයේ නිලධාරීන් තීන්දු ගන්න බයයි. ඕක නිසා තමයි එක නිලධාරියෙක් අධිකරණ ඇමතිතුමාට කිව්වේ නිය පොත්තෙන් කඩන්න තිබුණ එකක් සර් අපිට ඕඩර්ස් ආව නම් අපි නවත්වනවා කියලා. අද රජයේ නිලධාරීන් තීන්දු ගන්නේ නැත්තේ අද රජයේ නිලධාරීන්ගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ වැඩි වැඩ, වැඩි ලෙඩ, අඩු වැඩ, අඩු ලෙඩ, වැඩ නොකළොත් ලෙඩක් නෑ කියන ප්‍රතිපත්තියට තල්ලු වෙලා ඉන්න නිසයි. ඕක ඉංග්‍රීසියෙන් තමයි හරිම ලස්සන, more work, more troubles, less work, less troubles, no work, no troubles. මේ ප්‍රතිපත්තියට රජයේ සේවකයා තල්ලු කරපු ආණ්ඩුවේ විෂයභාර අමාත්‍යවරයා විදියට එතුමාට මේ වගකීම ගන්න වෙනවා.

දසවන හේතුව තමයි වඩාත්ම වැදගත්. වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන කාලේ හරියටම දිනය කිව්වොත් 2020 නොවැම්බර් මාසේ 30 වෙනිදා ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඒ තමයි බන්ධනාගාරවල සිටින සිරකරුවන් ආණ්ඩුවේ බාරයේ සිටින අය නිසා ඔවුන්ගේ ජීවිත පිළිබඳ වගකීම තියෙන්නේ ආණ්ඩුවටයි. සිර එකම එක සිරකරුවෙක් බන්ධනාගාරයක් තුළදී මිය ගියත් ඒ වගකීම බාර අරගෙන අධිකරණ ඇමතිවරයා ඉල්ලා අස් විය යුතුයි.

දැන් ඔන්න වෙනත් ආණ්ඩුවල අධිකරණ ඇමතිවරුන්ට ඔය ප්‍රශ්නේ නෑ. එවැනි ප්‍රකාශයක් සිද්ධ කරලා නැහැ. මේ ප්‍රකාශයේ මාලිමාවේ ප්‍රතිපත්තියයි නායකයා රටට කිව්වේ. ඒ ප්‍රතිපත්තිය අනුමත කරලා ක්‍රියාත්මක කරන්නයි 2024දී මේ රටේ ජනතාව බලය දුන්නේ. එහෙමනම් කිව් දේ දැන් කරලා පෙන්වන්න සිද්ධ වෙන නිසා විෂයභාර ඇමතිවරයා, අධිකරණ ඇමතිවරයා ලෙස හර්ෂණ නානායක්කාර මැතිතුමාට ඉල්ලා අස්වෙන්න සිදු වෙනවා. 

අපි මීට වසරකට කලින් ඕක නිව්ටන්ගේ හතරවන නියමය ලෙස කිව්වා. ඒ කාලේ වැඩි අවධානයක් යොමු වුණේ නෑ. දැන් නම් ඉතින් ජනතාවට මේ කාරණේ හුරුපුරුදුයි. අපි නිව්ටන්ගේ හතරවන නියමය ලෙස රටට කිව්වේ මීට අවුරුද්දකට කලින්, අනුර කුමාර ජනාධිපතිතුමා කරන දේකට හෝ කියන දේකට සපුරාම වෙනස් හා සමාන ප්‍රකාශයක් ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියේදී කර ඇත. සමහරු ඕකට දිට්ට ධම්ම වේදනීය කම්ම කියලත් කියනවා.

දහම් පාසලේදී ඕවා ඉගෙන ගත්තට ඕවා නිකන් මහා පොළොවේ නොවෙන කතා කියලා මිනිස්සු විශ්වාස කරාට දැන් ධර්මය කෙතරම් ඇත්තද කියන එක රටේ ජනතාවට පෙන්වලා දෙන්න වෙන්න ඇති මේ ආණ්ඩුව බලයට පත් කරන්න ජනතාවට සිද්ධ වුණේ.

කොහොමහරි මෙන්න මේ හේතු දහය මත පාර්ලිමේන්තුවේ බහුතරය කෙසේ වෙතත් රටේ බහුතරය මේ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරනවා කියන එකයි අපේ විශ්වාසය.





Opposition Calls for No-Confidence Motion Against Justice Minister Amidst Overcrowding in Prisons

At a media briefing today, Anura Kumara Dissanayake, the leader of the Janatha Vimukthi Peramuna (JVP), expressed strong support for a no-confidence motion being brought against the Minister of Justice by the opposition. He highlighted ten pressing reasons why they are backing this move.

Dissanayake pointed out the alarming state of overcrowding in prisons, where the population is currently quadruple the intended capacity. This severe congestion is leading to increased tensions among both inmates and prison staff, resulting in growing incidents of conflict as evidenced last week.

Since 2022, the number of inmates has surged twofold, with 75% being remand prisoners, of which 80% are detained on drug-related charges. The situation has raised concerns over the justice system, as drug traffickers often secure legal assistance to successfully navigate their cases, whereas those who are misguidedly caught end up serving lengthy sentences.

In response to prolonged critiques from drug opposition activists, the government enacted legal amendments in 2022 aimed at intensifying pressure on traffickers. These amendments mandated that bail for drug offenses involving more than two grams of illegal substances must now be pursued in the Court of Appeal, further complicating the legal journey for defendants.

As scrutiny around how requests for bail are determined deepens, the delay in obtaining forensic reports has exacerbated the prison population crisis. This unnecessary backlog has significantly contributed to the doubling of jailed individuals since 2022.

Moreover, the prevailing economic crisis from 2022 to 2024 has stymied recruitment and the expansion of the forensic department's capabilities, resulting in persistent bottlenecks in adjudicating drug-related cases. Dissanayake attributed a lack of action from the Minister of Justice as a primary reason for the impending no-confidence motion.

Dissanayake further highlighted that while the government grapples with multiple vacancies in lower and higher courts, the Justice Minister has failed to take adequate steps to address these shortages, frustrating the judicial process.

Another issue raised during the press conference concerned the treatment of police officers, with some alleging that undue pressure from the government has led to wrongful arrests to meet performance targets. Such practices, Dissanayake stated, contravene justice and further complicate the legal landscape surrounding drug enforcement.

He described a troubling dynamic within government offices where, instead of punishing officials for wrongdoing, there is a pervasive culture of caution that discourages decision-making. “This has fostered an environment where the mantra becomes: work more, face more troubles; work less, face fewer troubles; or better yet, don’t work at all,” he emphasized.

In a strong closing argument, Dissanayake emphasized that the responsibility for the well-being of prisoners rests squarely on the government’s shoulders. He recalled a statement made on November 30, 2020, by the current President, affirming that the government is accountable for any lives lost in prison. Such solemn words underscore the need for swift action from the Justice Minister.

With overwhelming support for the no-confidence motion anticipated from the majority in Parliament, Dissanayake expressed optimism that the push would resonate with the broader populace, reflecting deep-seated frustrations with the current management of the justice system.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

8 Comments

  1. Okkotama kalin sharuk khan case eka hoyala inne one

    ReplyDelete
  2. ගම්මන්පිල මහත්තයෝ ඔබතුමා හිතන්නෙ මේආණ්ඩුවෙ ඉන්නෙ ලැජ්ජාවක් තියෙන එවුන් කියලද​? බුදු දහමෙත් කියල තියෙනව නේද බොරු කියන්න ලැජ්ජ නැති මිනිහට ඕනම පවුකාර වැඩක් කරන්න පුලුවන් කියල​. අන්න ඒක තමයි දැන් ඔය ඇස් පනා පිටම ඔප්පු වෙන්නෙ. ජනාධිපතිගෙ ඉඳල පහල මට්ටමේ අපුල්ලන ඩෝබියා දක්වාම බොරු කියන්න කිසිම ලැජ්ජාවක් නැති එවුන්. ඔය පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්‍ෂෙ ඉන්න 159 දෙනාම කිසිම හිරිකිතයක් නැතිව බොරු කියන එවුන්. ඒක හින්ද දෝෂාභියෝගයට විරුද්ධව හැමෝම අත උස්සාවි.

    ReplyDelete
    Replies
    1. දෝෂාභියෝග විශ්වාසභංග දන්නැති පොලිටිකල්ගොබ්බය

      Delete
  3. උදයගෙ ගුදය බලන දවස් ලං වෙනව සුදු..

    ReplyDelete
    Replies
    1. තෝර පදුවගේ අනුර කුමාරJuly 13, 2026 at 8:26 PM

      උඹ ගුද බලන්න ආසද? ඔන්න මම කලිසම පාත්කලා හොඳට බලාගනින්. බලල ඉවරවෙලා ගුදේට උම්ම එහෙකුත් දීපන්.

      Delete
    2. තුප්පහිගේ ජයවීරJuly 13, 2026 at 10:18 PM

      ජනාධිපති සහෝදරයට අපහාස වෙන විදියේ නම් භාවිතා කරලා ඔහුව වට්ටන්ඩ හිතන්ඩ එපා.

      Delete
  4. ubata manthree thamawath nathuwa welalenna epa

    ReplyDelete
  5. අතන මෙතන ඇහෙන කතාJuly 13, 2026 at 6:04 PM

    අතන මෙතන ඇහෙන කතා
    ලප පච කොට ලන්කට් අඳින්නේ නැහැලු. උ කියනවාලු උගේ පක ලොකු නැතිනිසා එලියට පෙනෙන්නේ නැහැ ඒ නිසා ලන්කට් ඕනේ නැහැලු. කිහිප දෙකෙක් කලිසම පිටිපස්සෙනුත් බැලුවාලු පටිවත් පෙනෙනවද කියා නමුත් ඔවුන්ටත් හෝඩුවාවක් සොයාගන්න බරිවුනාලු.

    ReplyDelete
Previous Post Next Post