ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද "සටන් විරාම උල්ලංඝනයට" ප්‍රතිචාර වශයෙන් බහරේනය සහ කුවේටය තුළ පිහිටි ඇමරිකානු හමුදා මධ්‍යස්ථාන 85ක් ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඇමරිකානු හමුදා ඊට පෙර දින ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය මෙම පියවර ගෙන තිබේ.
ඇමරිකානු මධ්‍යම විධානය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, ජාත්‍යන්තර මුහුදු මාර්ගවල යාත්‍රා කරන වාණිජ නෞකාවලට එල්ල කරන තර්ජන හමුවේ ඉරානයට "දැඩි වන්දියක්" ගෙවීමට සලස්වන බවයි.
ඒ අනුව ඇමරිකාව විසින් ඉරානය තුළ පිහිටි ඉලක්ක 80කට වැඩි ප්‍රමාණයකට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණි. ඉරානය පවසන්නේ ඇමරිකාවේ මෙම ක්‍රියාව දෙරට අතර පැවති සටන් විරාමය බිඳ දැමීමක් බවයි.
ඉරාන ප්‍රහාරයත් සමඟ කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. තමන් වෙත එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව කුවේට් හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කළ ද, එම ප්‍රහාර එල්ල වූයේ කොහේ සිටද යන්න පිළිබඳව ඔවුන් නිශ්චිතව සඳහන් කර නැත.
මේ අතර, බහරේනය පුරා ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීමේ සිනු නාද කර ඇති අතර, වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැසියන්ට උපදෙස් දී තිබේ.
මෙම අන්‍යෝන්‍ය ප්‍රහාර මාලාව හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ මහා පරිමාණ යුදමය තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
Iran Launches Retaliatory Strikes on US Military Bases in Bahrain and Kuwait
The Iranian Revolutionary Guard Corps has announced a significant missile assault targeting 85 American military installations in Bahrain and Kuwait. This action comes as a direct response to the US military's "ceasefire violations," escalating tensions between the two nations.
This series of strikes was initiated in retaliation for previous attacks by US forces on Iranian positions, following assaults on three commercial vessels in the critical Strait of Hormuz. Iran's military actions are framed as necessary countermeasures against perceived aggressions by American forces.
Prior statements from the US Central Command highlighted that in the wake of threats to commercial shipping routes, Iran would face "a heavy price." In alignment with this, the US has executed over 80 powerful airstrikes on targets located within Iran, a move Iran claims effectively breaches the existing ceasefire between the two countries.
The regional stability is significantly affected by these developments, with the Kuwait military officially declaring its readiness to respond to missile and drone strikes, although they have refrained from specifying the origins of these attacks.
In addition, Bahrain has issued alerts regarding air assaults, urging citizens to promptly seek shelter. The Ministry of Interior has advised the public to head to secure locations amidst the unfolding situation.
Analysts warn that this cycle of retaliatory strikes raises the likelihood of a large-scale military confrontation in the Middle East, further exacerbating an already volatile regional landscape.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Trump කියන්නේ මානසික රෝගියෙක්.මොහුට අවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය ප්‍රතිකාර ඉරානය විසින්සම පයනු ඇතැයි විශ්වාස කරමි.
ReplyDelete