2026 අයවැය යෝජනා මගින් ප්‍රකාශිත පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තාවකාලික, අනියම්(දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් බදවාගෙන ඇති ස්ථීර නොවන රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් වන අංක 11/2026 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුකූලව සුදුසුකම් සම්පූර්ණ කරන ලද සේවකයින් 20 දෙනෙකු සදහා මෙහිදී ස්ථීර පත්වීම් ප්රදානය කෙරිණි.
ඊට අමතරව එම අධිකාරිය ඉතිහාසයේ පළමු වතාවට පැවති කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත්, අනෙකුත් පූර්ව අවශ්‍යතා සම්පූර්ණ කරන ලද ප්‍රාථමික සේවා ගණයට අයත් සේවකයින් 08 දෙනෙකු සදහාද අදාල ශ්‍රේණියේ උසස්වීම් පිරිනමන ලදී.
නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි සභා ශාලාවේදීයි.
චක්‍රලේඛයට අනුකූල සුදුසුකම් සපුරන ලද කලමනාකරණ සහකාර තනතුරේ සිට ඊට පහළ තනතුරුවල සේවය කරනු ලබන සියලුම සේවකයින් හට නව රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ප්රදානය කරන ලද අතර විදුලි කාර්මික ශිල්පී 01, කලමණාකරණ සහකාර 10, කාර්යාල සහයක 04, සහයක කාර්මික සහකාර 05 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලබාදෙන ලදී. එමෙන් ම ප්‍රාථමික සේවා ගණයට අයත් රියදුරු 02 ක් සදහාත්, කාර්යාල කාර්ය සහායක 05 දෙනෙකු සදහාත් මෙහිදී උසස්වීම් ලබාදුන් අතර මෙවැනි උසස්වීම් ප්රදානය කෙරුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඉතිහාසයේ පළමු වරටයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් මහතා ප්‍රකාශ කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දේශපාලනයෙන් තොර අධිකාරියක් බවට පත් කරන බවයි.
එමෙන්ම මෙරට තුළ තව අවුරුදු 25කින් ඉපදෙන දරුවන්ට නිවාස අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ සැලැස්මෙන් බවත් ඉදිරි අවුරුදු තුනේදි මිනිස්සුන්ගේ නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් සැලසුම් හදමින් මෙරට තුළ තැලෙන පොඩි වෙන මිනිස්සුන්ගේ නිවාස සිහිනය සැබෑවක් කර බවත් ඒ මහතා ප්‍රකාශ කළා.
මෙම පියවර ඔස්සේ මෙරට පොදු ජනතාවගේ නිවාස සිහිනය වඩාත් විධිමත් මෙන්ම ස්වාධීන සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ සැබෑ කිරීමට රජයේ අපේක්ෂාවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා;
“අපි අපේ වගකීම ඉටුකරනවානම් මෙම ආයතනය දිනෙන් දින දියුණු වේවි. සතුටින් දකින්න පුලුවන් ආයතනයක් බවට පත්වේවි. එක අරමුණකින් තමන්ගෙ ආයතනය ගැන හිතන්න. ප්‍රශ්න මතුවෙන්න පුලුවන්. ආණ්ඩුව සම්බන්ධ ප්‍රශ්න එන්න පුලුවන්. තමන් කැමති ඕනෑම ආණ්ඩුවක් සමග වැඩ කරන්න. හැමෝම මතක තබා ගත යුත්තේ අපි හැමෝම මුදල් උපයන්නේ මේ රටේ මහජනතාවගේ ධනයෙන් බව පමණයි. ඒ පොදු ජනතාවට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන්න. අපිට දේශපාලනය අදාල නෑ. වැඩ කරන්න කරන්න මේ රට දියුණු වෙනවා. මේ රට ලස්සන වෙනවා. මේ රට සංවර්ධනය වෙනවා. ඔබේ උරමත මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ එක් වේදනාවක් පැවරී තිබෙනවා. ඔබ සියලු දෙනාම මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන නිවාස අවශ්‍යතාවය කර තබාගෙන ඉන්න නිලධාරින්. ඒ වෙනුවෙන් අප්රතිහතව වැඩ කරන්න. ඔබේ පත්වීම ස්ථීර කරලා, පඩි වැඩි කරලා වර්තමාන ආණ්ඩුව බලාපොරොත්තු වන එකම දේ තමයි ඒක. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන තවත් මෙවැනි 300 ට අධික සේවක කණ්ඩායමක ගැටළු විසදන්නත් අපි සූදානම්. ඒ සදහා අපි දැන් කටයුතු කරමින් ඉන්නවා. නිවාස සංවර්ධන අධිකාරිය දේශපාලනයෙන් තොර අධිකාරියක් බවට අපි පත්කරනවා. කවුරු මේ රටේ බලයට ආවත් වෘත්තීය මේ ගරුත්වය සහිතව වැඩ කළ හැකි අධිකාරියක් බවට පත් කරනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කටයුතු කරනවා. ඉදිරි අවුරුදු තුනේදි මේ මිනිස්සුන්ගේ නිවාස අවශ්‍යතාවය වෙනුවෙන් අපි සැලසුම් හදනවා. මේ රටේ තැලෙන පොඩිවෙන මිනිස්සුන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීමයි අපේ බලාපොරොත්තුව.”
මීට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිදු දිනයකදී කඩඉම් පරීක්ෂණ පවත්වා නැත. ඒ හේතුවෙන් අභ්‍යන්තර සේවකයින් හට තම තනතුරුවල උසස්වීම් ලබාගැනීමට හෝ අයදුම් කිරීමට අවස්ථාවක් නොතිබිණි. එම අවස්ථාව නිර්මාණය කරමින් පැවති කඩඉම් විභාග සමත් පූර්ව අවශ්‍යතා සපුරන ලද පිරිසකටද ඊයේ සිය උසස්වීම්වලට අදාල පත්වීම් ප්රදානය කෙරිණි.
First-Ever Promotions Granted in National Housing Development Authority
In a significant move, the National Housing Development Authority has announced the granting of permanent appointments to 20 temporary public servants as outlined in the 2026 budget proposals. This initiative marks a pivotal moment for those employed on a daily wage, through contracts, or relief-based arrangements within the state sector.
In alignment with the provisions of the circular detailing public administration qualifications, the authority has decided to confer these stable positions following successful completion of the competency evaluation, a first in the agency's history. Additionally, 8 staff members meeting other prerequisite requirements have received promotions in their respective grades.
The ceremony, led by State Minister of Housing, Construction, and Water Supply T. B. Sarath, took place at the main office of the National Housing Development Authority. Addressing the gathering, the Minister emphasized the importance of establishing an apolitical structure within the agency to enhance efficiency and operational integrity.
As part of this reform, the authority has also promised stable appointments to all employees at levels from managerial assistants downwards, with specific numbers allocated: one electrical engineering technician, ten management assistants, four office assistants, and five technical assistants receiving permanent roles. The move is aimed at addressing long-standing employment uncertainties in the sector.
Sarath highlighted that about 25 years down the line, there will be a growing need for housing, particularly among the children born today. He assured that the authority’s plans would focus not only on present housing requirements but also on future demands, transforming dreams of stable housing for the less privileged into reality.
This effort underscores the government's expectation that these actions will inspire confidence in public housing initiatives, allowing citizens' aspirations for stable homes to materialize under regulated and structured circumstances.
Giving further insights, Minister Sarath reiterated the commitment to managing housing needs for the public, noting that this move is a step towards realizing effective plans within the National Housing Development Authority, devoid of political influence. He expressed hope that everyone in the field would focus on fulfilling their responsibilities with dedication to help all citizens effectively.
“The transformation of this agency into an efficient institution will result in its continuous improvement and ensure social justice for the public, as our earnings stem from the wealth of the people,” he remarked, urging dedication toward addressing the fundamental housing needs of all Sri Lankans. Sarath reiterated the administration's aim of fostering a professional work environment that remains politically neutral, preparing to serve any future governmental framework.
This initiative not only resolves longstanding employment issues but also aims to make housing dreams a reality for at-risk communities over the coming years. “This is our hope and commitment,” he concluded, affirming the collective responsibility to improve living standards in the country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ ප්‍රහාරය මස දෙකකින් අමතක කරන්න දෙන්න බහ...ලංකාවේ ගොන්නුන්ට ඕනෑම දෙයක් සුමන දෙකෙන් අමතක වනවා කියල කොටි නායකයෙකුත් කියල තිබුනනනේ....මේ මිගමු ප්‍රහාරය පාක්කු ප්‍රහාරයට වැඩ දරුණුයි....
ReplyDeleteමේ ප්‍රහාරය මෙහෙයවූවේ දිග ගවුම් අදින කාඩිනල් සහ සිරිල් ගාමිණී. මුන් දෙන්න කොටියෝන්ගෙන් ඩොලර් සන්තෝසම් අරගෙන සිංහල මිනිසුන්ට කෙලවන්න හිරකාරයෝ සහ පොලීසය අතර වලියක් නිර්මාණය කරා. මේ ප්‍රහාරයේ මහා මොලකරු කර්ඩිනල්. කුඩා මොලකරු සිරිල් ගාමිණී.
ඒක වෙන්ට ඇති දිත්වා කුණාටුවට ගෙවල් විනාස වුන මිනිස්සු තාම කූඩාරම් වල ඉන්නෙ, නැද්ද හා
ReplyDeleteඒ මිනිස්සුන්ව හොඳට චෙක් කළා මචන්. ඒ අයගේ කොහෙවත් තැලිලා වත් පොඩිවෙලා වත් තිබුනේ නැහැ. ඒ නිසා නිවාස දුන්නෙ නැහැ.
Deleteහොඳ දෙයකට හොඳයි කියන්න බයත් නෑ, ලැජ්ජත් නෑ
ReplyDeleteහරිම හොඳයි, හැබැයි අපිව තලලා පොඩි කරලා ගත්ත බදු මුදල් පාවිච්චි නොකර ආණ්ඩුවේ එවුන්ගේ පුද්ගලික මුදල් පාවිච්චි කරනවා නම්. යකෝ, නොමිලේ ගෙවල් හදලා දෙන්න කලින් පොදු ස්ථාන හොඳට හදලා දීපල්ලා. හයිවේ හදනකොට ඒකට පුළුවන් තරම් ඒ කාලේ විරුද්ධ වුනා. දැන් කෙකර ගගා ලොකු මුදලක් ගෙවලා ඒ කියපු හයිවේ එකම හදනවා.
Deleteඔන්න තවත් බිලියන කිහිපයක් මාටියා ගහන්න ක්‍රමයක් හදාගන්න පොටක් පාද ගන්න හදන්නේ. දුප්පතුන්ට ගෙවල් දෙනකොට දුප්පතුන් කෙසේ වෙතත් මුන් ලාල් කාන්ත ට නොදෙවෙනි වෙන මාලිගා ටිකක් හදා ගනියි නේ . වෙලි වෙළි එකා එකාගේ අගුපිල් වල හිටපු හැත්ත නේ.මුංට ගානක් නැති උනාට මුන්ගේ ගෑනු ළමයි ගේ දොරවල් වලට යාන වාහන වලට කැමති නේ. ලාල් ට උණේත් ඕක නේ . සල්ලි දකිනකොට සුළු ධනේශ්වර චින්තනය සිතට එනවා පුංචි ගෙදරක් හදන්න හිතෙනව ඉතින් කොම්පැණි කාරය එපා කිව්වට අහන්නේ නෑ මාළිගාවක් ම හදලා දෙනවා. කෙල්ලට පියානෝ එකක් දෙනවා. මේවා ඉතින් කොහොමත් කොමියුනිස්ට් රටවල සාමාන්‍ය සිදුවෙන දේ.ගෙයක් දොරක් ගත්ත කියල දුවට වාහනයක් හැත්ත කියලා මනුෂ්‍යයෝ ධනපතීන් ගේ අතකොලු වෙන්නේ නෑ
ReplyDeleteතෝවත් තලලා පොඩි කරලා දානවා ඊලඟ ඡන්දෙන් පැරදුණ ගමන්, තොටත් ගෙයක් හදා ගනින් තව එකක් තියෙන 10ට අමතරව.
ReplyDelete