මත්ද්‍රව්‍ය වගා කිරීම සහ ජාවාරම් කිරීම සඳහා ප්‍රසිද්ධ පේරු රාජ්‍යයේ දුෂ්කර ප්‍රදේශයකදී හමුදා හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් හමුදා සාමාජිකයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැනබම්බා නගරය ආසන්නයේදී මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ, ස්පාඤ්ඤ කෙටි නාමයෙන් VRAEM ලෙස හැඳින්වෙන අපුරිමැක්, එනේ සහ මන්ටාරෝ ගංගා නිම්නයේ යුද හමුදා මුර සංචාරක කණ්ඩායමක් ඉවත් කර ගැනීමේ මෙහෙයුමක් අතරතුරදී බව බලධාරීහු පවසති.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, යානයේ ගුවන් නියමුවා පමණක් දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.
සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් මගින් යානය සහ එහි ගමන් ගත් හමුදා සාමාජිකයන් නව දෙනා සොයා ගත් බව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
Tragic Helicopter Crash Claims Eight Lives in Peruvian Military Operation
In a devastating incident, eight military personnel lost their lives when a helicopter crashed in a remote region of Peru, known for its drug cultivation and trafficking. The accident occurred near the town of Sanabamba during a military operation aimed at extracting a team involved in anti-drug activities within the Apurímac, Ene and Mantaro Rivers valley, commonly referred to by its Spanish acronym, VRAEM.
Authorities have not yet disclosed the cause of the crash, which has left the nation in mourning. Remarkably, the pilot managed to survive the incident, escaping with his life amid the tragedy.
Search and recovery operations have been successful in locating the wreckage of the helicopter and retrieving the remains of the servicemen onboard, as indicated in a statement released by military officials.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
