බ‍්‍රිතාන්‍ය කඳවුරුවලට පහර දෙන බව ඉරානය කියයි..


 ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකානු යුද ගුවන් යානාවලට බ්‍රිතාන්‍ය කඳවුරු භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය එක්සත් රාජධානියට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා තම භූමිය හෝ යුදමය පහසුකම් ලබා දීමට අවසර දෙන ඕනෑම රටක්, ඉරානයේ ප්‍රතිප්‍රහාර සඳහා වන නීත්‍යානුකූල යුද ඉලක්කයක් ලෙස සලකන බව විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සිය යුද මෙහෙයුම් සඳහා විදේශීය කඳවුරුවල සිට දුරගමන් බෝම්බ හෙළන යානා යොදා ගන්නා බවට පළවන වාර්තා හමුවේ මෙම අනතුරු ඇඟවීම නිකුත් වී තිබේ.

මේ අතර, අමෙරිකානු මෙහෙයුම් සඳහා බ්‍රිතාන්‍යය ලබා දෙන බව කියන සහය ඉරාන විදේශ අමාත්‍යාංශය ද දැඩි ලෙස හෙළා දැක ඇත.

මෙවැනි ක්‍රියාමාර්ග සඳහා යුදමය පහසුකම් සැපයීම කලාපීය නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වන බවත්, එහි බරපතල ප්‍රතිවිපාකවලට බ්‍රිතාන්‍යයට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.

කෙසේ වෙතත්, එක්සත් රාජධානිය සිය ආරක්ෂක ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, ඉරානයේ මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ද මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.





Iran Warns UK Against Granting Military Access for US Operations

The Iranian Revolutionary Guard has issued a stern warning to the United Kingdom, cautioning against providing British bases for American military aircraft to launch strikes against Iran. Such actions could escalate tensions in the region, the Guard emphasized.

According to Iranian state media, any nation that allows its territory or military facilities to be used for attacks on Iran will be considered a legitimate target for retaliation. This revelation comes amid reports that the United States is utilizing foreign bases for long-range bombing missions.

Furthermore, Iranian officials have scrutinized reports of the UK’s support for American military operations, highlighting concerns over the implications of such cooperation.

The Iranian Foreign Ministry reiterated that providing military facilities for these offensive actions will only contribute to further regional instability and could expose the UK to severe consequences.

Despite the gravity of these warnings, the UK has yet to announce any changes to its defense policy, and no official response regarding Iran's concerns has been issued thus far.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ගහපන් ඕකුන්ට පුකෙන් බඩ යන්න

    ReplyDelete
  2. එසේ විය යුත්තේ බ්‍රිතාන්‍යයන් සැමදා ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ වාසියට පමණක් වැඩකරන දිය යටින් ගින්දර ගෙනියන පහත් ගතිගුණවලින් පිරිණු රටක් නිසාය.ඉතිහාසයේ ලෝකයම කොල්ල කැ ජාතියක්.

    ReplyDelete
Previous Post Next Post