විනිසුරු විශ‍්‍රාම වයස දීර්ඝ කිරීම විනිසුරු සංගමය ඒකමතිකව පරාජයට පත් කරයි..


 විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කළ යෝජනාව අධිකරණ සේවා සංගමයේ (JSA) විශේෂ මහ සභා රැස්වීමේදී අද (11) ඒකමතිකව පරාජයට පත් විය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැති මෙම තීරණාත්මක රැස්වීමේදී, පැමිණ සිටි විනිසුරුවරුන් සියලු දෙනාම පාහේ රජයේ මෙම උත්සාහයට සිය විරෝධය පළ කර තිබේ.

සාමාජිකයින් කිසිවෙකුත් විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර නොමැති බවත් වාර්තා විය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අධිකරණ ක්ෂේත්‍රය තුළ පසුගිය දින කිහිපය පුරා දැඩි නොසන්සුන්තාවයක් පැවති අතර,  සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේන මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ද සිදු විය.

සංගමයේ විධායක කමිටුව සහ ලේකම් සුරංග මුණසිංහ මහතා මෙම යෝජනාව අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බරපතළ තර්ජනයක් ලෙස සලකා ඊට එරෙහිව පෙළගැසී සිටියහ.

මුලින් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙම රැස්වීම, ඊට අවසර නොලැබීම හේතුවෙන් අවසන් මොහොතේ කඩුවෙලට මාරු කිරීමට සිදු වූයේ ද මෙවැනි බලපෑම් මධ්‍යයේය.





Judiciary Association Rejects Government Proposal to Extend Retirement Age for Judges

The government's initiative to extend the retirement age for judges faced a resounding defeat during a special general meeting of the Judicial Services Association (JSA) held today, November 11. The meeting took place at the Kadawatha Magistrate's Court premises, where attending judges unanimously expressed their opposition to the proposal.

Reports indicate that none of the members voted in favor of extending the retirement age, highlighting a strong consensus against the government's move.

In recent days, the judiciary has experienced significant unrest regarding this proposal, leading to calls for the resignation of the association's president, Prasanna Amarasekera.

Both the executive committee of the association and Secretary Suranga Munasinghe viewed the proposal as a severe threat to the independence of the judiciary, and actively opposed it.

This meeting, which was originally scheduled to be held in Colombo, was shifted to Kadawatha at the last minute due to lack of permission for the initial venue, illustrating the pressure surrounding this contentious issue.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

18 Comments

  1. ගරු විනිසුරු තුමනලාට අ⁣පගේ ගෞරවනීය ආචාරය.

    ReplyDelete
    Replies
    1. හොරුන්ට දඬුවම් කරන්නෙත් ඔය විනිසුරුතුමන්ලම තමයි. අන්න ඒ බය තියාගන්න 😂

      Delete
    2. හොරුන්ට දඩුවම් කරන විනිසුරු වරුන්ට දැන කව්ද පක්ද විපක්ස කියල බැලුවනම් වැඩේ තේරෙනව. බොරු ඇත්ත කරන්න කැමති කිහිප දෙනෙක් හිටියට බහුතරයක් අවංක අය. එයාල තාන්න මාන්න වලට තීන්දු දෙන්නෙ නෑ. මොකද එයාල දන්නව රටේ ජනාදිපති උනත් අවුරුදු 5 පැන්නාම විත්ති කූඩුවෙ ඉන්න පුලුවන් කියල

      Delete
    3. ප්‍රසන්න අමරසේන නෙමේ පසන් අමරසේන. මිනිහා තමයි ජවිපෙට පක්ශව තීන්දු දුන් බවට බරපතල චෝදනා ලබලා තියෙන්නෙ. ඌට ඉල්ලා අස් වෙන්න උනා අද. ගරු විනිසුරුවන් වෙන්නෙ නෑ හැමෝම. හොඳ මිනිස්සු අතරේ ඉන්නවා අමුතු සෙට් එකකුත්. බලමුකො.

      Delete
    4. 65yi ne bn hitiye

      Delete
  2. රැස්වීමක් තියන්න අවසර ගන්නත් අමාරු වෙලා ලු. ප්‍රජාතන්ත්‍රවාදයට දෙවියන්ගේම පිහිටයි.

    ReplyDelete
  3. ආපසු 88-89 ට සීරුවෙන්....

    ReplyDelete
  4. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

    ReplyDelete
  5. Aru punchage thane vikan Jathiyenma paliganna Ganan hadanava.. aniwaryen civil conflict ekak on the way....
    Parayekta ratadunne dan sapada?

    ReplyDelete
  6. "කාල් මාක්ස් මෝඩයෙකි. මෝඩ කාල් මාක්ස්ගේ අනුගාමිකයෝ ද මෝඩයෝ ය."

    මෝඩ කාල් මාක්ස්ගේ ගෝලයන්ගේ හීන මානයට දුන්න හොඳ උත්තරයක්!

    ReplyDelete
  7. සමබර වාර්තාකරණය නම් මේකත් කියන්න : මෙම විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වී ඇත්තේ විනිසුරුවරුන් 65 දෙනෙකු පමණක් වන අතර, එම සංඛ්‍යාව සංගමයේ සමස්ත සාමාජිකත්වයෙන් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බව මෙම ක්‍රියාවලියට විරෝධය දැක්වූ විනිසුරුවරුන් පිරිසක් පෙන්වා දෙති.

    ReplyDelete
    Replies
    1. කොච්චර කරත් ඔය ප්‍රමාණයම තමයි එන්නෙ.
      කවුරුවත් තර්ජනේ කරේ නෑනේ එන්න එපා කියලා.
      කොයි ඡන්දෙකත් 100%ක් සහභාගී වෙන්නෙ නැහැ. මෝඩ කතා නොකිය හි‍ටු.

      Delete
    2. විනිසුරුවන්ට ටොපි දීලා මාලිමාවට ගැති තීන්දු ලබාගන්න කන කට්ටක්. .....

      හැබැයි එහෙම කරලා බලපල්ලකො. මිනිස්සු අධිකරණ වටකරලා ක‍ටු කුඩු වෙන්න ගහන දවසක් එන්වා එහෙම උනොත්. ඒ නිසා එහෙම කරන්න කවුරු හරි හිතාගෙන ඉන්නවනම් අවසන් කැමති පත්‍රයත් දැන්ම ලියලා තියාගන්න කියන්න. මොකද අධිකරනය දේශපාලනීකරණය කරපු රටවල් වල අවසානේ මිනිස්සු නීතිය අතට ගන්නවාමයි. පොඩ්ඩක් ඉතිහාසේ කියවලා බලපල්ලා. ආ... අමතක උනානේ. පල්ලියත් එක්ක එකතු වෙලා ඉතිහාසේ වර්ජනයක් කරානේ ජෙප්පො ටික. ශෝක්.

      Delete
    3. AnonymousJuly 11, 2026 at 10:21 PM ඔයා ඉගෙන ගෙන නැති උනාට ඝනපූරණය කියල දෙයක් තියෙනවා කොල්ලො. දන් නැත්තම් විමල් කොල්ලගෙන් අහගනින්

      Delete
  8. ආරියතිලක

    වර්තමාන ආණ්ඩුවෙහි ප්‍රධාන ධාරාව වන, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසින් 1987/88/89 කාලයෙහි ලක් රජයට විරුද්ධව ඇති කරන ලද, රාජද්‍රෝහී කැරැල්ල පාදක කොට ගෙන බටලන්ද කොමිෂන් සභා වාර්තාව බිහි විය. එම එම වාර්තාවෙන් කියවෙන ජවිපෙ විසින් කරන ලද, රාජද්‍රෝහී ත්‍රස්තවාදී අපරාධ, වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා විසින් පිළිගන්නා ලදී. ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීම මගිනි. දෙවනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විසින් සභා ගතකිරීමෙන් ආණ්ඩුව විසින් ද පිළිගන්නා ලදී.
    මේ වන විට නීති කෘත්‍ය සඳහා නීතිපතිවරයාගේ නිර්දේශ හා නීති කෘත්‍යයට ඇවැසි කරුණු සැපිරීමට නීතිපතිවරයාට යොමු කොට ඇත්තේ ය.

    බටලන්ද කොමිෂන් සභා වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීම හා පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමත් සමඟ ම, ජනාධිපතිවරයා ඇතුලු ජවිපෙ හා ජාතික ජන බලවේගය පකෂ දෙකට හා එහි සියලු සාමාජිකයන්ට ද එම පක්ෂවල චංචල, නිෂ්චල දේපොළ කෙරෙහි බරපතල නීති ප්‍රශ්නයකයට මුහුණ දීමට හේතු ඇති විය. ඒ නම්; බටලන්ද කොමිෂන් සභා වාර්තාව ප්‍රකාර නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(අ) ව්‍යවස්ථා ප්‍රකාරව ජවිපෙට හා ජවිපෙට සම්බන්ධ දේශපාන දේශපාලන පක්ෂා හා සංවිධාන ශේෂ්ඨාධිකරණය මගින් හා ආභියාචනාධිකරන මගින් තහනම් කළ හැකි බැවිනි. මෙයට මුහුණ දීම සඳහා හා තවත් දේශපාලන අවශ්‍යතා මත, තම පක්ෂයට ලැදි ශේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් පත්කර ගත යුතු ය. දැනට මේ තිබෙන ආකාරයට එසේ නො කළ හැකි ය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑම සමඟ ජේෂ්ඨත්වය අනුව අනුපිළිවලින් විනිසුරුවරයන් විනිසුරුවරු ධූරයන්ට පත් වීම ය.


    යම් කායලයකට විශ්‍රාම වයස පස්සට ඇදීමෙන් සියලු අධිකරණවල විශ්‍රාම වයසෙහි සිටින විනිසුරුවරුන් හට, සේවය කිරීමට හැකි වීමෙන්, විනිසුරු උසස් වීම් ධූරාවලිය ඇණ හිටී. අඩුම වශයෙන් වර්ෂ 3 ක කාලයක් මෙසේ විශ්‍රාම කාලය පස්සට ඇදීමෙන් පසු, වරෂ 3 ක් පමණ ගිය පසු, විශ්‍රාම යන වයස දැනට පවතින වයස් සීමාවට ක්ෂණිකව නැවත පත් කළ හොත්, උසස් වීම් නො ලබා පසු පස සිටි විශ්‍රාම වයස සම්පූර්ණ විනිසුරුවරුන් ද ඇතුලුව බොහෝ විනිසුරුවරුන් ප්‍රමාණයක් එකවර විශ්‍රාම ගැනිවීමට සිදු වේ. මේ හේතුවෙන් සියලු ම අධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇති වීමට හේතු ය.

    මේ අතර කාලයේ සැලැස්මේ දෙවැනි අදියර ලෙස තම පක්ෂයට හිතවත්,තම දේශපාලන මතය ක්‍රියාත්මක කිරීමට දායකත්වය දරණ පුද්ගලයන්ගෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ නිර්දේශය මත, නීතිපති දෙපාර්මේන්තුවේ නීතිපතිවරයා ලෙස පත් කිරීමත්, නීති වෘත්තීයේ පළ පුරුදු තම පක්ෂයට ලැදි, තෝරා ගත් පිරිසක් ඇති කර ගැනීමත් හා වර්ෂ 3 න් පසු හෝ (යම් කාලයකකට පසු) ක්ෂණිකව ඇති වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධූරයේ පුරප්පාඩුවට, මුලින් සඳහන් කරන ලද, තම පක්ෂයට ලැදි නීතිපතිවරයා ලෙස පත් කර කටයුතු කරන, කවර වූ හෝ අය, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ධූරයට පත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයාට සිදු කළ හැක්කේ ය. එසේ ම අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයන් සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයන් ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන් මත, ජනාධිපතිවරයාට එම 107(1) ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කළ හැක්කේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVඅ වන පරිච්ඡේදයෙන් කියවෙන, අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි සභාපති ධූරයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඈ(3) ව්‍යවස්ථාව ප්‍රකාරව, අග්‍රවිනිශ්චයකාරවරයා පත් වේ.

    එසේ ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(2)(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත, ජනාධිපතිවරයාට මහාධිකාරණයේ විනිසුරුවරයන් පත් කළ හැක්කේ ය.

    111(2)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත, ජනාධිපතිවරයාට මහාධිකාරණයේ විනිසුරුවරයන් ඉවත් කළ හැක්කේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ(1) (අ) ව්‍යවස්ථාව අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ස්ථාන මාරු, ද

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඌ(1)(ආ) ව්‍යවස්ථාව අනු, අධිකරණ නිලධරයන් හා උපලේඛන ගත රජයේ නිලධරයන් පත් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, සේවයෙන් පහ කිරීමේ, ඔවුන් විෂයෙහි විනය පාලනය ක්‍රියාවේ යෙදවීමේ බලය ද අධිකරණ සේවා කොමිෂන් සභාව සතු ය. මෙහිදී අග්‍රවිනිශ්චයකාරවරයාගේ සභාපතිත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාවේ කාර්ය ප්‍රධාන වනවා ඇත.

    ReplyDelete
  9. ඉතිරි කොටස...

    ආරියතිලක

    වත්මන් ආණ්ඩුවට විධායකය හා ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) බලය, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව සහිත ජාතික ජන බලවේගය විසින් දරණ බැවින්, දැන් ඔවුන් ලොකු ම අභොයෝගය අභියෝගය වී ඇත්තේ කොමියුනිස්ට්වාදී නො වන, මෙරට ස්වාධීන අධිකරණ බලය ය. මේ අධිඅකරණ බලය ඔවුන්ට ඕනෑ ලෙස, හැසිර වීමට නො හැකි තාක් ඔවුන්ගේ කොමියුනිස්ට්වාදී සිහිනය සැබෑ කර නො ගත හැකි ය. දැන් ඕනෑ කර තිබෙන්නේ කුමන හෝ ආකරයක වංගුවක් දමා ස්වාධීන අධිකරණ බලය, කොමියුනිස්ට්වාදී ඔවුන්ට අවනත විධියට හැසිරවීමට ඇවැසි ලෙසට පිහිටුවා ගැනීම ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම, හා අනෙකුත් පනත් සංශෝධනය, හා අලුතෙන් පනත් සම්මත කර ගැනීමේ දී කොමියුනිස්ට්වාදී නො වන හා කොමියුනිස්ට්වාදී නොවන, ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ඔවුන්ට බාධක ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අනෙකුත් අධිකරණයන් ස්වාධීන බවින් තොරව, කොමියුනිස්ට්වාදය පක්ෂග්‍රාහී අධිකරණ පද්ධතියක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවේ දීර්ඝකාලීන වැඩ සටහනක ආරම්භය ලෙස අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම දැක්විය හැක.


    ස්වාධීනව අධිකරණ ක්‍රියා කිරීම, බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අතර, “සමාප්ති නිරීක්ෂ සටහන්” මගින් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කිරීම, සම්බන්ධව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරායාට හා ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුවට අහිත කරව පවතිනවා ඇත.
    අධිකරණයේ ස්වාධිනත්වය, සැම අතින් ම කොමියුනිස්ට්වාදියා බාධක බව කිව යුතු ය.

    බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන් ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් අප විසින් දක්වන ලද අදහස, මේ පිළිබඳව ගලපා ගැනීමට නැවත අවධානයට යොමු කරමු.


    බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැව්බිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.

    මෙකරුණින් ආණ්ඩුක්‍ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්‍ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
    2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
    නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.

    ReplyDelete
  10. ඉතිරි කොටස...

    ආරියතිලක

    වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
    157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
    ඔප්පු කොට දී ඇත.

    වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.

    ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.


    දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.

    එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;

    “127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;

    මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”

    දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.


    බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
    වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ ස‍ඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.

    ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.

    ReplyDelete
  11. ඔයා ඉගෙන ගෙන නැති උනාට ඝනපූරණය කියල දෙයක් තියෙනවා කොල්ලො. දන් නැත්තම් විමල් කොල්ලගෙන් අහගනින්

    ReplyDelete
Previous Post Next Post