රජය විසින් යෝජනා කර ඇති 'වරලත් මාධ්‍යවේදීන්ගේ ආයතනය' පිහිටුවීමේ පනත් කෙටුම්පත, මාධ්‍ය නිදහස සීමා කිරීමේ උපායමාර්ගික ප්‍රවේශයක් බව පවසමින් එය වහාම හකුළා ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි. එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම පනත මගින් මාධ්‍ය ක්ෂේත්රයේ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් එල්ල වන බවයි.
පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කළේ, මෙම යෝජිත ආයතනය මාධ්‍ය ප්‍රජාවගේ සාමූහික මැදිහත්වීමෙන් සැදුම්ලත් ස්වාධීන ව්‍යුහයක් නොව, හුදෙක් තවත් එක් රජයේ ආයතනයක් පමණක් වන බවයි.
යෝජිත ආයතනය පිහිටුවීම සඳහා පත් කෙරෙන අතුරු කමිටුව පවා විෂය භාර අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඍජු මැදිහත්වීම මත පත් කිරීමට යෝජනා වී ඇත. මෙලෙස දේශපාලන උවමනාවන් මත පත් කෙරෙන ව්‍යුහයක් මගින් මාධ්‍යවේදීන්ගේ ආචාර ධර්ම, විනය සහ ප්‍රතිපත්ති තීරණය කිරීම අතිශයින්ම බරපතළ තත්ත්වයක් බව එම සංවිධානය පෙන්වා දෙයි.
පනත් කෙටුම්පතට අනුව, සභාවේ තීරණ ගැනීම සඳහා සභාපති ඇතුළු පස් දෙනෙකුගේ ගණපූර්ණය ප්‍රමාණවත් වේ. මෙහි භයානක තත්ත්වය වන්නේ සාමාජිකයන් තිදෙනෙකුට පමණක් මෙරට සමස්ත මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබඳ තීරණාත්මක තීන්දු ගැනීමට අවස්ථාව ලැබීමයි.
ජනමාධ්‍යකරණය යනු ශාස්ත්‍රීය දැනුම මෙන්ම කුසලතා මත පදනම් වූ විචාරාත්මක ක්‍රියාවලියකි. එහෙත් මෙම පනත මගින් 'වෘත්තීය මාධ්‍යවේදියා' යනු කවුරුන්ද යන්න අර්ථකථනය කිරීමේ බලය රජයේ නිලධාරීන් සතු කර ගැනීම හරහා මාධ්‍ය නිදහසට මාරාන්තික තර්ජනයක් එල්ල විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. විශේෂයෙන්ම වර්තමානයේ ප්‍රචලිත වෙමින් පවතින පුරවැසි මාධ්‍යකරණයේ අනාගතය ද මෙයින් අවිනිශ්චිත වන බව ඔවුහු පෙන්වා දෙති.
මාධ්‍ය ක්ෂේත්රයේ උන්නතිය සඳහා වෘත්තීය ආයතනයක අවශ්‍යතාවය පිළිගන්නා නමුත්, එය සිදුවිය යුත්තේ ආණ්ඩුවක තනි මතයට නොව, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් මත පදනම්ව සිවිල් සමාජය සහ මාධ්‍ය ප්‍රජාව සමග කෙරෙන පුළුල් සංවාදයකින් පසුව බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් අවධාරණය කරයි. එබැවින්, මෙම පනත් කෙටුම්පත වහාම අත්හැර දමා සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් යුත් විනිවිදභාවයකින් යුතු ප්රවේශයකට එළඹෙන ලෙස එම සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
Calls to Abandon Proposed Media Authority Law Amidst Concerns for Press Freedom
The proposed legislation to establish a 'Regulated Media Authority' has sparked an outcry from the independent media sector, which is urging the government to withdraw the bill immediately, citing this move as a strategic attempt to limit media freedom. The organization warns that the legislation poses a significant threat to the autonomy of the media landscape.
In a recent statement, the independent media body emphasized that the proposed authority is not a construct designed through collective engagement with media professionals, but rather another extension of government control.
Concerns have also been raised regarding the formation of the proposed authority's interim committee, which is suggested to be appointed directly by the Minister and the Secretary to the Ministry. The organization highlights that such politically motivated appointments would severely compromise the ethical standards, discipline, and policymaking for journalists.
According to the draft, decisions within the board would be made with a quorum of just five members, raising alarm over a situation where only three individuals could dictate critical decisions affecting all media personnel and institutions in the country.
While recognizing the need for a professional body to support the growth of media, the independent media sector insists that this should not occur under the singular authority of the government but should stem from a comprehensive dialogue involving civil society and the media community, ultimately grounded in a national media policy. Thus, they are calling for an urgent withdrawal of the bill, advocating for a transparent approach that includes participation from all stakeholders.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

හොඳ වැඩේ මේ වගේ පඩංගු වහලා දැම්මහැකි එතකොට. ඇඩ්මින්ට පුළුවන් හෙට ඉඳලා පොල් කඩන්න
ReplyDeleteඈ ප යො තොපි හරි දේ කරනවා නම් මද්යට භය මොකද මහින්ද මාධ්‍ය මර්දනය කරා ද? ගෝඨාභය මාධ්‍ය මර්ධනය කරද නෑ මේ ඔක්කොම උඹලගේ නොහැකියාව වහ ගන්න
DeleteDobbilage hitan inna vidiha....mongle dial ban...
Delete