පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුව අමතමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
දැනෙන සුලු තෙල් මිල අඩු කිරීමකට පොරොන්දු වෙච්ච මාලිමා පච ආණ්ඩුව, කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වාගේ සොච්චම් තෙල් මිල අඩු කිරීමකට ගිහින් තියෙනවා. මේ තෙල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් මාලිමා පචය රටට හෙළිදරව් කිරීම අපේ වගකීමක්.
ඉරාන යුද්ධය ආරම්භ වන්නේ 2026 පෙබරවාරි 28 වෙනිදා. එතකොට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.87යි. ලංකාවේ තෙල් මිල සංශෝධනය කළ ජූනි 29 වෙනිදා වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.55යි. සරලවම කිව්වොත්, තෙල් මිල අඩු කරන දවස වන විට යුද්ධයට පෙර පැවති තෙල් මිලටත් වඩා ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත ගිහිල්ලයි තිබුණේ.
එහෙමනම් දැන් ආණ්ඩුවට අවස්ථාව තියෙනවා යුද්ධය පටන් ගන්න කලින් තිබ්බ තෙල් මිලටත් වඩා අඩු මිලකට ලංකාවේ ඉන්ධන සපයන්න. අඩුම ගානේ, යුද්ධය පටන් ගන්න අවස්ථාවේ ලංකාවේ තිබුණු තෙල් මිලටම තෙල් සැපයීමේ අවස්ථාව තිබෙනවා. නමුත් මොකද කළේ? යුද්ධයට පෙර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293යි. නමුත් දැන් මිල අඩු කරලා තියෙන්නේ රුපියල් 20කින් විතරයි. ඒ කියන්නේ දැන් රුපියල් 414යි. එහෙමනම් තවත් රුපියල් 131කින් පෙට්‍රල් මිල අඩු කළ යුතුව තිබෙනවා.
ඒ වගේම යුද්ධයට පෙර ඔටෝ ඩීසල් මිල රුපියල් 281යි ලීටරයක්. දැන් රුපියල් 25කින් අඩු කරලා රුපියල් 382ක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ තවත් රුපියල් 101කින් ඩීසල් මිල අඩු කළ යුතුව තිබෙනවා. යුද්ධයට කලින් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 340යි, දැන් මිල 495යි. ඒක රුපියල් 155කින් අඩු විය යුතුයි. යුද්ධයට කලින් සුපර් ඩීසල් මිල 329යි, දැන් 478යි. ඒ කියන්නේ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 149කින් අඩු විය යුතුයි. ආණ්ඩුව එහෙම කරේ නෑනේ.
මොකක්ද ආණ්ඩුව කියන්නේ? මේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස කඩා වැටිලා තිබියෙදි, ජීවන වියදමෙන් මිරිකිලා ඉන්න රටේ ජනතාවට ඒකෙ වාසිය නොදී ඉන්න ආණ්ඩුව කියන පචය මොකක්ද? "අපි ගාව තියෙන්නේ වැඩි මිලට ගත්ත තෙල් නේ, ඒ නිසයි ජනතාවට ඒකෙ වාසිය ලබා දෙන්න බැරි වුණේ" කියලා.
හැබැයි අපි හොඳටම දන්නවා යුද්ධය පටන් ගත්තේ පෙබරවාරි 28නේ. එදා ආණ්ඩුව කිව්වා "අපි ගාව දින 35කට තෙල් තොගයක් තියෙනවා" කියලා. එහෙම කිව්ව ආණ්ඩුව යුද්ධය පටන් අරන් 12 වන දිනය වන විට බරපතළ ලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැම්මා. දැන් තෙල් මිල කඩා වැටෙන්න පටන් ගන්නකොට, පටන් අරන් දැන් සති දෙකකටත් වැඩියි, නමුත් එහි වාසිය ජනතාවට ලබා දෙන්න ආණ්ඩුව සූදානම් නෑ.
ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි; යුද්ධය පෙන්වමින් ආණ්ඩුව කරපු සුද්දේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල කඩා වැටීමෙන් පස්සේ හෙළිදරව් වෙලා තියෙනවා. ලෝකයේ වෙනත් කිසිම රටක් මිලදී නොගත්, සමස්ත ලෝකයේම ඉහළම මිලකට තමයි ඩීසල් සහ පෙට්‍රල් ලංකාව මිලදී අරන් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි ආණ්ඩුවට අද තෙල් මිල අඩු කරගන්න බැරි වෙලා තියෙන්නේ. එහෙනම් මේ යුද්ධය හින්දා වෙච්ච වැඩක් නෙවෙයි, සුද්දේ හින්දා, කොමිස් හින්දා වෙච්ච වැඩක් කියන එක අපි ඉතාම නිර්භයව ප්‍රකාශ කරනවා.
ඒ වගේම ඇත්තෙන්ම ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට ජනාධිපතිතුමා ජාතිය අමතලා, පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුව අමතලා හඬා වැටෙනවා. "අපි මොනවා කරන්නද, අපිට තෙල් නෑනේ, තෙල් නිධියක් නෑනේ, ඒ නිසා ලෝක වෙළඳපොළේ වැඩි වෙනකොට අපිටත් වැඩි කරන්න සිද්ධ වෙනවානේ" යනාදී වශයෙන් ජනාධිපතිතුමා ජාතිය ඉදිරියේ හඬා වැටෙනවා අපි දැක්කා. නමුත් ශ්‍රී ලංකාව කියන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට හඬා වැටිය යුතු ජාතියක් නෙවෙයි; අත්පුඩි ගසා සතුටු විය යුතු ජාතියක්.
නමුත් අවාසනාවකට, මහා දැවැන්ත තෙල් සහ ගෑස් නිධියක් උඩ වාඩි වෙලා අපි හඬා වැටෙමින් ඉන්නවා. ඇත්තෙන්ම අපේ මන්නාරම් ද්‍රෝණියේ පමණක් බොරතෙල් බැරල් බිලියන දෙකක් තිබෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ මන්නාරම් ද්‍රෝණියේම අපි ඇස්තමේන්තු කරලා තියෙනවා, යුද සමයේදී තෙල් බැරලයක මිල ඩොලර් 129ට ගියා. අපි හිතමු "නෑ නෑ 129ක් නෙවෙයි ඩොලර් 100ටයි ගියේ" කියලා. තෙල් බැරලයක මිල ඩොලර් 100ක් වුණත් අපේ තෙල් නිධියේ වටිනාකම ඩොලර් බිලියන 200ක්. කොච්චරක්ද? ඩොලර් බිලියන 200ක් මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් නිධියක් තියෙනවා. ඒ වගේම ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන නවයක් (බිලියන එහෙම නෙවෙයි, ට්‍රිලියන නවයක්) මන්නාරම් ද්‍රෝණියෙන් අපි හොයාගෙන තියෙනවා. ස්වාභාවික වායු ඝන අඩි 1,000ක් ඩොලර් 3.25යි කියලා ගණන් හැදුවත්, ඩොලර් බිලියන 29ක ස්වාභාවික වායු නිධියක් අපිට තිබෙනවා.
ඒ කියන්නේ මේ පසුගිය යුද සමයේ අවම වශයෙන්, අවම වශයෙන් තෙල් සහ ගෑස් විකුණලා අපිට ඩොලර් බිලියන 229ක් උපයා ගැනීමේ හැකියාව තිබුණා. මතක තියාගන්න, අපට විදේශ ණය ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 42යි. මන්නාරම් ද්‍රෝණියේ පමණක් තිබෙන නිධියේ වටිනාකම ඩොලර් බිලියන 229යි. අපි ඩොලර් බිලියන 229ක දැවැන්ත නිධියක් උඩ වාඩි වෙලා, ඩොලර් බිලියන 42ක් ගෙවාගන්න බෑ කියලා හඬා වැටෙනවා.
මේක ගැන හිතලාද දන්නේ නෑ ජනාධිපතිතුමා ඇහුවේ "ඩොලර් බිලියන 22ක් ණයක්ද?" කියලා. ඔව්, මේ තෙල් සහ ගෑස් ටික ගොඩගත්තා නම් ඔය ඩොලර් බිලියන 42ත් ණයක් නෙවෙයි. මතක තියාගන්න, අපේ රට බංකොලොත් භාවය ප්‍රකාශ කළේ ඩොලර් බිලියන 42ක් ගෙවාගන්න බැරුව නෙවෙයි; ඩොලර් මිලියන 20ක් ගෙවාගන්න බැරුව, 2022 අප්‍රේල් මාසයේදී.
නමුත් අවාසනාවකට අපි ඩොලර් නැතිකම ගැනයි තෙල් මිල ගැනයි කියලා ජනාධිපතිවරයා ජාතිය ඉදිරියේ හඬා වැටෙනකොට, ලෝක බලවතුන්ට බයේ මේ තෙල් ගවේෂණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටලයි තියෙන්නේ. 1972දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලංකාවේ තෙල් ගවේෂණය ආරම්භ කළා. අපි ආරම්භ කරන කොටත් අපේ දේශ සීමාවේ ඉන්දියාව තෙල් ළිං නවයක් කැනලා තෙල් ගනිමින් ඉන්නවා. 1984 වෙනකන් මේ තෙල් ගවේෂණය ගියත්, ඊට පස්සේ ඒක අඩපණ වෙනවා. ඉදිරියට යන්නේ නෑ.
නැවත 2002දී කරු ජයසූරිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තෙල් ගවේෂණය පටන් ගන්නවා. ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියට අරන් යෑමේ ප්‍රතිඵලයක් විදිහට, 2012දී ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් තිබෙන බව ළිං කැනීමෙන් (අර කලින් විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන දේ) තෙල් සහ ගෑස් ළිං කැනීමෙන් සොයාගන්නවා. නමුත් ඒ කැනීම් කරපු ඉන්දියානු සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙනවා, වැඩිදුර ආයෝජනය කිරීම නතර කරලා ඉවත් වෙනවා ඒ මොහොතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවතුණු ද්විපාර්ශ්වික ප්‍රශ්නයක් හේතුවෙන්. ඊට පස්සේ මේ වැඩේ ඉස්සරහට යන්නේ නෑ.
අපි බලශක්ති අමාත්‍ය ධුරයේ හිටියේ මාස 18ක් විතරයි. අපි මේ මාස 18ට ලංකාවේ තෙල් ගවේෂණයේ දැවැන්ත විප්ලවයක් කළා. මුලින්ම 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා තෙල් ගවේෂණයට අවශ්‍ය නීතිමය රාමුව හැදුවා. ඊළඟට තෙල් ගවේෂණය නියාමනය කරන්න ඛනිජ තෙල් සම්පත් අධිකාරිය හැදුවා. බිම් කැබලි 873ක බිම් කැබලි සැලැස්මක් හදලා ප්‍රසිද්ධ කරා. ස්වාභාවික වායු ප්‍රතිපත්තියක් හදලා ප්‍රසිද්ධ කළා. ඒ විතරක් නෙවෙයි, ගවේෂණ ගුවන් යානා, ගවේෂණ නැව් ගෙනල්ලා අපේ තෙල් නිධි පිළිබඳ ගවේෂණ හරහා තහවුරු කරගැනීමක් කරා.
මේ සියල්ලම කරලා 2022 මාර්තු මාසේ 7 වෙනිදා බිම් කැබලි වෙන්දේසියක් කරන්න සියල්ල සූදානම් කර තිබියදී, මාර්තු මාසේ 3 වෙනිදා අභිරහස් ලෙස අපිව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනවා.
දැන් මේ කටයුතු අඩපණ වෙලයි තියෙන්නේ. අපි මේ ආණ්ඩුවට බල කරලා කියනවා, තෙල් පිළිබඳ ලෝක වෙළඳපොළ පෙන්වමින් "අනේ අපිට තෙල් ළිං නෑනේ" කියලා පච කෙළින්න නැතුව, අපි කරගෙන ගිය ගවේෂණ කටයුතු ඉදිරියට කරගෙන ගිහිල්ලා මේ පොළොව යට තියෙන මහා සම්පතෙන් රටත් ගොඩදාලා ඔබත් ගොඩගියාට අපේ කිසි තරහක් නෑ. ඒ නිසා ආණ්ඩුවට යෝජනා කරනවා අපි, රටත් ගොඩදාලා ඔබත් ගොඩයන්න ඕන්නම් මේ ඇනහිටලා තියෙන, විවිධ බලපෑම් මත ඇනහිටලා තිබෙන තෙල් ගවේෂණ කටයුතු නැවත ආරම්භ කරන්න කියලා.

රටේ විනාසයම පතන , අපරාද කාරයන් වෙනුවෙන් පෙනී ඉන්න ජරාම පිලිලයක්.....
ReplyDeleteජවිපෙ එකට ඔහොම කියන්නේ ඇයි ?
DeleteLankawe me wage kalakanniyek nam mama dakalama ne. munta dan pissu hadila
ReplyDeleteඔය කතාව විශ්වාස කොරන්න පුලුවන් එකෙක් කිව්ව නම්. ගොම්මන්පිලයා කියන්නෙ බොරුකාර පරයෙක්
ReplyDelete
ReplyDeleteගම්මන්පිල සර්, අර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් හොයන්න ඔනී...
Nugath pahara NPP wahalunta Gamma waha kaduru wage....okun thamai ehata mehata panala Lapaya genawe
ReplyDeleteA real patriot unlike fake ""mawbima nathnam maranaya"" patriots.
ReplyDelete