වැවිලි සමාගම් විසින් විවිධ ප්රතිලාභ පොරොන්දු වෙමින් මහජනතාවගෙන් තැන්පතු ලබාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, එවැනි කිසිදු ආයතනයක් පිළිගැනීමට හෝ අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව කිසිදු යාන්ත්‍රණයක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
මුදල් ප්‍රතිපත්ති විග්‍රහය ඉදිරිපත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා සඳහන් කළේ, මෙවැනි තැන්පතු ලබාගැනීමේ ක්‍රමවේද සඳහා මහ බැංකුවේ කිසිදු අවසරයක් හෝ අනුමැතියක් හිමිව නොමැති බවයි.
මෙම ව්‍යාපාරික ආකෘතීන් නීති විරෝධී ලෙස සලකන බැවින්, එවැනි අවදානම් සහගත ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
දැනටමත් එවැනි යෝජනාක්රමවල මුදල් තැන්පත් කර ඇති පිරිස් වෙත උපදෙස් ලබා දෙමින් අධිපතිවරයා පවසා සිටියේ, එම මුදල් වහාම නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.
යම් හෙයකින් එම මුදල් ආපසු ලබාගැනීමට බාධා මතු වන්නේ නම්, ඒ පිළිබඳව වහාම පොලිසියට හෝ මහ බැංකුවට පැමිණිලි කරන ලෙස ද ඔහු වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට අනුව යම් ආයතනයකට මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට අවශ්‍ය වන්නේ නම්, ඔවුන් මුදල් සමාගමක් ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
එසේ නොවන ඕනෑම ආකාරයක තැන්පතු ලබාගැනීමක් දණ්ඩනීය වරදක් බවත්, එවැනි ආයතන සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
Central Bank Chief Warns Public Against Illegal Deposit-Taking Practices
The Governor of the Central Bank, Dr. Nandalal Weerasinghe, has sternly cautioned the public that the procedures for collecting deposits by various companies promising different benefits are completely unlawful. He emphasized that no institution has any framework for acceptance or approval from the Central Bank of Sri Lanka regarding such activities.
Responding to questions during a media briefing on monetary policy analysis, the Governor reiterated that there is no authorization or consent from the Central Bank for these deposit-taking mechanisms.
Describing these business models as illegal, he urged citizens to refrain from investing in high-risk ventures tied to such practices.
For individuals who have already invested in these schemes, he advised them to take immediate action to retrieve their funds.
He further instructed that if there are any obstacles to reclaiming the money, individuals should promptly report the matter to either the police or the Central Bank.
According to the legal framework in Sri Lanka, any institution seeking to accept public deposits must be registered as a licensed financial company. Any attempt to collect deposits without such registration constitutes a criminal offense, and the Governor stressed the need for heightened vigilance regarding such institutions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඉතින් මේක ප්‍රසිද්ද මාද්යයේ කියන්නකො.මිනිස්සු කෝටි 10 15 දාලා.කලු සල්ලි සුදු කරන්නෙ වගා ආයෝජන.
ReplyDeleteපින්වට්ටට කෙළවිලා කියලයි ආරංචි. සල්ලි දාපු උන් මහ බැංකුවෙ රැකවරණය ඉල්ලයි කියල මූ දැන්ම ගැලවෙන්න මේ කතාව කියනවා.
Deleteමූ ආර්ථික ගාතකයෙක්. මෙවා අවුරුදු 20 30 පරණ ව්‍යාපාර. එක්කො පටන් ගන්න කොට නවත්වන්න ඕනෑ. දැන් වුනත් ක්‍රමානුකූලව නවත්වන්න හො පාලනයට නතු කර ගත යුතුය. මෙවැනි පැනික් නිවුස් වලට ආර්ථිකයෙ කොටසක් අඩපණ කළ හැකිය. මූ කා එක්ක හරි ඇරියස් එකක් පිරිමහන්න යන්නේ.
ReplyDeleteවගා ආයෝජනවල සල්ලි දානකන් බුදියගෙන හිටි එකා කවුද අදිපති තුමෝ.
ReplyDeleteමළ කෙලියයි!
Deleteමගෙ සම්පුර්ණ නමම වැටිලා
අනේ ඇඩ්මින් මලේ මේකනං මකලා දාහං රත්තරණේ
කවුද මෙ පැත්තට රෙන ගල් අපතයා
Deleteමේවට සල්ලි දාන්නේ අධික තන්හාව තියන අය. More profit more risk කියල තියෙන්නෙ ඒ නිසා තමයි. මහ බැංකුවෙන් කියනකං ඉන්න ඕනේ නැහැ මොලේ කළදක් හරි තියනව නම් එවැනි දේවල් වලට මුදල් යොදවන්නේ නැහැ. හරි දැන් වත් නොදා ඉදියි කියලා හිතනවද නැහැ ආයි ගිහිල්ලා දානව. සමහර අය මහ බැංකුවට කුණුහරපෙන් බැන බැන ආයි දානව.
ReplyDeleteඉතින් හුත්තෝ දැන්ද කියන්නේ මාර හුතෙක්නේ
ReplyDeleteසමහර ආයතන පර්චස් 10 ක සින්නක්කර ඔප්පුවක් දෙන්නත් පොරොන්දු වෙනවා.පරිස්සමින් මේ ශ්‍රී ලංකාව විනාශ කරන්න එන අපරාධකරුවන්ගෙන්
ReplyDeleteමුළු ලෝකෙම දියුණු රටවල මෙවැනි ආයෝජන තියෙනවා.
ReplyDeleteමේ වීරසිංහයා පට්ට ගොන් බූරුවෙක්, අධිපති කමට සුදුසු නෑ. පවත්නා සාර්ථක ව්‍යාපාර කඩා කප්පල් කරන්නයි මූ හදන්නේ.
මුව අස් කරන්න ඕනා.
Agree
DeleteAgree
ReplyDeleteමූ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ එජන්තයෙක්. මහ බැංකුවට පසුව මු කෙලින්ම යන්නෙ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ තනතුරකට. මූ කොච්චර වැඩ්ඩෙක්ද කිව්වොත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල ගිනි තියන්න හිටපු ජවිපෙ සෙට් එක පූස් පැටව් ගානට හීලෑ කලා.
ReplyDeleteමූ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ එජන්තයෙක්. මහ බැංකුවට පසුව මු කෙලින්ම යන්නෙ අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ තනතුරකට. මූ කොච්චර වැඩ්ඩෙක්ද කිව්වොත් අන්තර් ජාතික මූල්‍ය අරමුදල ගිනි තියන්න හිටපු ජවිපෙ සෙට් එක පූස් පැටව් ගානට හීලෑ කලා.
ReplyDeleteමට අදත් කෝල් එකක් ආවා. 077.....007 න්.
ReplyDelete