සජිත්ගේ ෆයිල් ඇදේ.. සජිත්-ජලනි ගැන තීරණාත්මක පරීක්‍ෂණයක්..


 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය සම්බන්ධයෙන් ද ඉදිරියේදී බරපතළ විමර්ශන ආරම්භ වනු ඇති බව දේශපාලන විචාරක විදර්ශන කන්නංගර මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඒ මහතා කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයාව සිටි සමයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව නව තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.

පසුගිය පාලන සමයන්හිදී දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්ව පවත්වාගෙන ගිය දූෂිත ජාලය මේ වන විට බිඳ වැටෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

කන්නංගර මහතා මෙසේ පැවසීය.

"චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂගෙන් පස්සේ ඊළඟට එන්නේ සජිත් ප්‍රේමදාසගේ ෆයිල් එක. ඔහු සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අත්තනෝමතික ලෙස විවිධ පන්සල්වලට බෙදා දී තිබෙනවා. පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික වටිනාකම් සහිත කටයුතු සඳහා වෙන් කළ භාරකාර අරමුදලක් මෙලෙස දේශපාලන වාසි සඳහා යොදා ගැනීම බරපතළ වරදක්."

රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හිතවතුන් විසින් ගොඩනගා තිබූ Deep State මුලිනුපුටා දැමීම වත්මන් රජයේ ප්‍රධාන වගකීමක් බව ඔහු අවධාරණය කළේය.

"මේ රටේ මිනිස්සු අරගල කරලා පාරට බැස්සේ මෙන්න මේ වගේ දූෂිත පාලන ක්‍රමයක් වෙනස් කරන්නයි. අද සිදුවෙමින් පවතින්නේ ජනතාව ඉල්ලූ ඒ යුක්තිය ඉටුවීමයි. මේක එක් පුද්ගලයෙකුගේ හෝ පක්ෂයක පෞද්ගලික න්‍යාය පත්‍රයක් නෙවෙයි, රටේ ජනවරම ක්‍රියාත්මක වීමක්" යැයි ද ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට සහ ජලනි ප්‍රේමදාස මහත්මියට එරෙහිව පවතින මෙම චෝදනා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද කන්නංගර මහතා පැවසීය.

දේශපාලනය ව්‍යාපාරයක් කරගත් සියලු දෙනාට ඉදිරියේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවනු ඇති බවත්, මෙය මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.





Major Investigations Loom for Sajith Premadasa and Jalani Premadasa, Political Analyst Reveals

Political analyst Vidarshana Kannangara has indicated that serious inquiries concerning Opposition Leader Sajith Premadasa and his wife, Jalani Premadasa, are on the horizon. His comments emerged in a recent media briefing where he disclosed significant new information regarding financial irregularities during Premadasa's tenure as the Minister of Cultural Affairs.

Kannangara elaborated that the corrupt networks that once thrived, involving politicians and security officials during previous administrations, are now fracturing. This development signals a shift in the political landscape.

"After Charith Abeysinghe and Rakhitha Rajapaksa, the next files to come under scrutiny will be Sajith Premadasa's," he asserted. "During his time as Cultural Minister, funds from the Central Cultural Fund were irresponsibly distributed among various temples. Misappropriating allocated funds intended for archaeological and cultural preservation for political benefits is a severe offense."

He emphasized that dismantling the deep state established by the Rajapaksa family and their associates is now a primary responsibility of the current government.

"The people of this country have fought for change; the ongoing movement is about fulfilling the justice they demand. This is not about the personal agendas of any individual or party, but rather the collective will of the populace," he stated.

Kannangara expressed confidence that the Commission to Investigate Allegations of Bribery or Corruption would focus intently on the charges against Sajith and Jalani Premadasa. He further noted that those who have turned politics into a business will soon find themselves in court, marking a decisive turning point in the political history of the country.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. do not mistakenly grab JVP 88/89 FILES

    ReplyDelete
  2. මේවා නරනාටක. මේ නාටක වලට රැවටෙන්න එපා. හැම සතියකට වතාවක් අලුත් නාටකයක් පෙන්වනවා. මේ එයින් එකක්. රැවටෙන්න එපා

    ReplyDelete
  3. යකෝ දේශපාලන විචාරකයෝ දන්න දේවල්. උසාවියවත් දන්නේ නැති ඉදිරි තීන්දු මේ විචාරකයෝ කියනවනේ.

    ReplyDelete
  4. Waiting to see investigation against JVP crimes

    ReplyDelete
  5. උඹලගේ ලොකු එකාගේ අනුග්‍රාහකයා රවි කරුපයියාගේ file කාවෝ කාලද ? එසේ නොමැති නම් වපරයා කූටියක් ගිලලා බඩු යට ගහලාද?

    ReplyDelete
Previous Post Next Post