ඉරානයේ හමුදා ශක්තිය අඩපණ කිරීමේ අරමුණින් එරට දකුණුදිග ප්‍රදේශවල පිහිටි හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඇමරිකානු හමුදා සිව්වන වරටත් ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඇමරිකානු මධ්‍යම විධානය නිවේදනය කළේ මෙම මෙහෙයුම රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක වූ බවයි.
මෙම ප්‍රහාර මාලාව සඳහා ප්‍රහාරක යානා සහ මිසයිල භාවිතා කර ඇති අතර, ඉරාන හමුදා මෙහෙයුම්වලට අදාළ යටිතල පහසුකම් මෙහිදී ප්‍රධාන වශයෙන් ඉලක්ක කර ඇත.
පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි බන්ඩර් අබ්බාස්, සිරික් සහ බුෂෙහ්ර් (Bushehr) යන වෙරළබඩ නගරවල ප්‍රබල පිපිරීම් සිදුවූ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරු කර තිබේ.
වාර්තා වන අන්දමට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් පාලනය කරනු ලබන රේඩාර් පද්ධති, ගුවන් ආරක්ෂක පද්ධති සහ වේගවත් ප්‍රහාරක නාවික මධ්‍යස්ථාන වෙත මෙම ප්‍රහාර එල්ල වී ඇත.
US Military Launches Significant Strikes Against Iranian Military Bases
The U.S. military has executed a series of powerful airstrikes targeting military installations in southern Iran, aimed at weakening the country’s military strength. This operation marks the fourth time U.S. forces have conducted such assaults.
According to a statement from the U.S. Central Command, the strikes were carried out during the nighttime. They involved the use of offensive aircraft and missiles, focusing primarily on the infrastructure critical to Iranian military operations.
Notable explosions were reported in coastal cities, including Bandar Abbas, Sirik, and Bushehr, which are strategically located near the Persian Gulf and the Strait of Hormuz, as confirmed by Iranian state media.
Reports indicate that the strikes targeted radar systems, air defense networks, and rapid-strike naval facilities under the control of the Iranian Revolutionary Guard Corps.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දෙපැත්තේම එවුන් සටන් විරාම කාලේදී කෙරුවේ හිස් බිල්ඩින් වල තියෙන තැන හුවමාරු කරගත්ත එක....දැන් මුන දෙගොල්ලොම ලොක්කෝ වගේ හිස් බිල්ඩින් වලට ගහ ඝ ගන්නවා....එක තැනකවත් ප්‍රවුර්තිවල තියෙනවාද මිනිස්සු දහස් ගනනන්ක් මරුන කියල? ඔක්කොම බොරුව කරන්නේ. අපි හිතුවේ හුන්දඩුලන්තේ විතරයි පච කියන්නේ කියලා. ලෝකේ තව පචෝරිසලා ඉන්නවා
ReplyDelete