විනිසුරු විශ‍්‍රාමය දීර්ඝ කරන කැබිනට් පත‍්‍රිකාව හදන්නැයි උපදෙස් ලැබුනා..- අධිකරණ ඇමති


විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස තමන් වෙත උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම උපදෙස්වලට අනුව අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග මේ වන විටත් ගනිමින් පවතින බවයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

අදාළ වයස් සීමාව දීර්ඝ කිරීමේ නීතිමය පියවරක් ලෙස මෙම කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස තමන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.





Cabinet Memo for Extending Retirement Age of Judges in Process, Says Minister Harshana

Minister of Justice Harshana Rajakaruna has announced that he has received directives to prepare a Cabinet memorandum aimed at extending the retirement age for judges. This announcement comes in light of ongoing discussions surrounding the proposal within society.

The minister emphasized that preliminary measures are already underway to draft the necessary Cabinet paper in response to these directives. He highlighted the urgency of this matter, stressing the need for timely action as discussions continue to unfold among various stakeholders.

The proposed extension of judges' retirement age has sparked significant debate within the community, reflecting the varying perspectives on such a crucial judicial reform. Rajakaruna indicated that the legal steps for increasing the age limit would be expedited, ensuring that the Cabinet memorandum is finalized promptly to address this pressing issue.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ඔක්කෝටම කලින් ඩයපරේ එකයි සස්පෙන්ඩර් බේබි සූට් එකයි අන්දව ගෙන හිටහං පොන්නයා.

    ReplyDelete
  2. මොහාන් ඩි සිල්වා කිව්වලු හිටංට සර් මං CJ පෝස්ට් එකේ දිගටම තියාගන්න සර්ට ඕනෑ විදියට මං නඩු තීන්දු දෙන්නම් කියලා. හිටං බලයට පත්වුන මුල් දවස්වල ටිකක් ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරපු නිසා ඒකට කැමති වුණේ නැහැ. කෙබර කොටා කුම් ලපයා අමුම අමු ගංකබරයෙක් නිසා නීතිය නමා ගන්න හැම කුප්ප වැඩක්ම කරනවා.

    ReplyDelete
  3. සූරසේන කියන යශෝරාවයේ ලුම්පන් චරිතය මතකද?

    ReplyDelete
Previous Post Next Post