පාපන්දු තරගාවලියක් මැද ගුටි කෙලියක්..


 හැටන් නගරය ආශ්‍රිතව මේ දිනවල පැවැත්වෙන 'හැටන් ලීග නගරාධිපති කුසාලාන' පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක් අතරතුරදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය යුධ පිටියක් බවට පත් කරමින් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් (11) දින හට ගැණින.

මෙම තත්ත්වය ඇතිවූයේ හැටන් යන්මේට්ස් (Young Mates) සහ නෝර්වුඩ් සන්රයිස් (Sunrise) යන ක්‍රීඩා සමාජ අතර පැවැති තරගයේදීය.

තරගය නිමාවීමට මිනිත්තු 07ක් ඉතිරිව තිබියදී මෙම ගැටුම ආරම්භ ව අතර, ඒ වන විට හැටන් යන්මේට්ස් කණ්ඩායම ගෝල 3ක් ද නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම එක් ගෝලයක් ද ලබා සිටියේය.

තරගයේ උණුසුම සමඟ තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ද ඩන්බාර් ක්‍රීඩාංගණයට පිවිස ගුටිබැට හුවමාරුවකට මැදිවීමෙන් තත්ත්වය තවත් දරුණු වී ඇත.

ගැටුම සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලසියේ නිළධාරින්්‍රීඩාංගනයට පැමිණ තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගත්තේය.

ඉන්පසු නෝර්වුඩ් සන්රයිස් කණ්ඩායම විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ පවතින තත්ත්වය හමුවේ ඉතිරි මිනිත්තු 7ක කාලය වෙනත් ක්‍රීඩාංගනයකදී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

මේ පිළිබඳව තරග සංවිධායකයින් විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

- රංජිත් රාජපක්ෂ 





Heat Escalates in Hatton Football Clash

The Hatton League is currently witnessing intense matches, particularly during a recent face-off between Hatton Young Mates and Norwood Sunrise. The clash turned into a heated battleground, escalating tensions on the field.

This confrontation arose in the second round of the ongoing league tournament, further igniting competitive spirits just days ahead of the significant match scheduled on the 11th.

The unrest began with only seven minutes remaining in the game. At that point, Hatton Young Mates held a lead with three goals, while Norwood Sunrise had managed to score once. The situation intensified when players from both teams engaged in a physical altercation, exacerbated by the electric atmosphere and the passionate supporters present.

As incidents escalated, the Hatton Police were alerted about the situation. Responding swiftly, local authorities arrived on-site to de-escalate the chaos and restore order in the stadium.

Following the upheaval, Norwood Sunrise requested to continue the game, seeking permission to utilize the remaining minutes to play under controlled circumstances. The organizers of the tournament are anticipated to make further decisions regarding the involvement of the teams following this incident.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. තඹුත්තේගමට වතුර දුන් පියා, වතුර එපා කියා පිකට් කල පිම්පියා

    ReplyDelete
Previous Post Next Post