මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න තැන්වලට ගිහිල්ලා බලපෑම්, බය කරනවා ඔබටත් සියදිවි හානි කරගන්න වෙයි කියලා. ඒ අයත් සියදිවි හානිකරගෙන තියෙනවා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ කෑගල්ල දිස්ත්‍රිකයේ දැදිගම ආසනයේ පැවති කොට්ඨාස රැස්වීමක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.
අපි යන හැම රැස්වීමකම, මේ කොට්ඨාස රැස්වීම් අපේ හාමුදුරුවනේ හැම ගමකම හැම දේශපාලන පක්ෂයකම අය සම්බන්ධ වෙනවා. අපිට ඡන්දය දීපු, නොදීපු විශාල පිරිසක් මෙතන ඉන්නවා. පහුගිය මැතිවරණවල වෙනත් දේශපාලන පක්ෂවලට ඡන්දය දීපු අය ඉන්නවා, වැඩ කරපු අය ඉන්නවා, මහන්සි වෙච්ච අය ඉන්නවා.
හැබැයි අද පොදුජන පෙරමුණ සහ අපේ බලවේගය කෙරෙහි ඔබ තබන විශ්වාසය සහ මේ වර්තමාන ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය කඩාගෙන වට්ටලා දාලා, මේ රටේ රාජ්‍ය සේවය විනාශ කරලා, හුදෙක් තමන්ගේ දේශපාලන බලවේගයක් බවට මේ රටේ රාජ්‍ය පාලනය පරිවර්තනය කරන්න යන සටනට විරුද්ධව අද මේ රටේ බහුතරයක් ජනතාව පෙළගැහෙනවා.
එක පැත්තකින් අපි අධිකරණ පද්ධතිය, වෙනදා නොවෙච්ච ආකාරයට දේශපාලනීකරණය කරන්න ආණ්ඩුව උත්සාහ දරනවා. අද පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරු, ආසියාවේ නීතිඥවරු, ලංකාවේ නීතිඥ සංගමය, ගරු විනිශ්චයකාරවරුන්ගේ සංගම්, මේ රටේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව සටන් වදිනවා. ඒක ආරක්ෂා වෙන්න ඕනේ කියලා.
රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා, රාජ්‍ය සේවකයාට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන කොන්ද කෙලින් තියන්, තීන්දු තීරණ අරගෙන මේ රටේ ජනතාවට සේවය කරන්න බැරි තැනට රාජ්‍ය සේවය කප්පාදු කරලා දාලා. නිලධාරියෙක් හෝ නිලධාරිනියක් තීන්දුවක් ගත්තොත් ඔහුගේ ඉරණම බොහෝ දුරට සිරගත වීම බවට අද පත්වෙලා තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු.
ඔබට මතක ඇති පහුගිය කාලවල කුණාටු වෙනකොට වෙනදා ක්‍රියාත්මක වෙච්ච ආකාරයට නෙමෙයි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ. ඒ ඔවුන්ගේ අත් බැඳලා. රාජ්‍ය සේවකයාගේ අත් දෙක බැඳලා වැඩ කරපන් කිව්වට, නීතියෙන් බාධා දාලා, තීන්දු තීරණ ගැනීමේ නිදහස නැති කරලා, මේ රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ජනතාව කෙරෙහි ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ දමන්න උත්සාහ කරනවා.
උපාධිධාරීන්ට රැකියා බලාපොරොත්තුවක් දුන්නා. මේ ආණ්ඩුවෙන් ඔවුන්ගෙන් ගෙයින් ගෙට ඇවිද්දවලා එදා ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවගන්න පාවිච්චි කරේ මේ රටේ උපාධිධාරීන්. ඔබට මතක ඇති. අද ඔවුන් තමන්ගේ රැකියාව පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලන කොටත් ගහලා පන්නන තැනට ආණ්ඩුව පත් වෙලා.
රජයේ රැකියාවක් බැරිනම් අවම වශයෙන් පෞද්ගලික අංශයේ රැකියාවලට දරුවෝ යොමු කරන්න ආණ්ඩුවේ වැඩපිළිවෙළ මොකක්ද? ආයෝජකයෝ රටින් පිටවෙනවා. රටේ ආයෝජකයෝ ඇවිල්ලා කර්මාන්තශාලා, ආයතන ඉදිකරනවා වෙනුවට තියෙන කර්මාන්තශාලා ටිකත් වහලා නැවත වෙනත් රටවල්වලට තමන්ගේ ආයෝජන අරගෙන යනවා.කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කරපු විදේශ ආයෝජකයෝ තමන්ගේ මුදල් එළියට ගන්නවා.
ආණ්ඩුව සමස්ත මේ රටේ වගේම විදේශ ආයෝජකයාගේ වගේම, මේ රටේ ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනාගන්න බැරි වෙලා තියෙනවා. අසීමිත බදු ප්‍රතිපත්තියක්.ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බදු ගහපු ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. වැඩියෙන්ම.බුලත් විටේ ඉඳන් බදු ගහන තැනට ගෙනාවා. බුලත් විටේ ඉඳන්. දැන් මේ ගම්වල බුලත් වවන බොහෝ පිරිස් ඉන්නවා. මේ පහුගිය දිනවල මිල කඩන් වැටුණා.
ආණ්ඩුව යම් තීන්දුවක් තීරණයක් ගන්නවා නම්, ඒ තීන්දුවක් ගන්න කොට ඒ තීන්දුවට බලපෑමට ලක්වෙන පාර්ශ්වය පිළිබඳ අවධානය යොමු කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඔවුන්ට විකල්ප වෙළෙඳපොළක් හඳුන්වා දීලා එක්කෝ තීන්දුව ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන්ට වෙළෙඳපොළක් හඳුන්වලා දීලා මිල ස්ථාවර කරලා තමන්ගේ තීන්දුව ගන්න ඕනේ.
හැබැයි ආණ්ඩුව එහෙම තීන්දු තීරණ ගන්නේ නැති කොට ජනතාව ගැන හිතන්නේ නැතුව තමන්ගේ පැවැත්ම ගැන පමණක් හිතලා තීන්දු තීරණ ගන්න කොට, ඒ තීන්දුවෙන් සෘජුවම මේ රටේ ව්‍යවසායකයාට වගේම මේ රටේ පුරවැසියාට බලපානවා.
පහුගිය අවුරුදු දෙක කාල සීමාව ඇතුළත මේ ආණ්ඩුව ගත්තු හැම තීන්දුවක්ම පුරවැසියාගේ සෘජුවම ආර්ථිකයට, සමාජයට, සමාජ-දේශපාලන පරිසරයට බලපෑවා. සෘජුවම.අත්තනෝමතික විදිහට තීන්දු ගන්නේ.
අද ගොවි ජනතාව එක පැත්තකින් අසරණ වෙලා. ගොයම් කැපෙන කාලෙට හාල් පිටරටින් ගේනවා. අසීමිත මිලකට පොහොර දෙන්නේ. ඒ පොහොර මිලත් එක්ක ගොවියාට තමන්ගේ අස්වැන්න කළමනාකරණය, අස්වැන්නෙන් එන ලාභය හෝ ආදායම කළමනාකරණය කරගන්න බැරි තැනට පත්වෙලා තියෙනවා. තේ ගොවියාටත් එහෙමයි. තේ ගොවියාගේ පොහොර මිටියක් පහළොස්දාහයි විසිදාහයි අතර යන්නේ. ඒ ගාණට පොහොර අරගෙන අපේ හාමුදුරුවනේ තේ ගොවියාගේ කුඩා තේවතු හිමියාගේ හෝ තේ ගොවියාගේ ආර්ථිකය කොහොමද අපි ශක්තිමත් කරන්නේ?
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අසරණ වෙලා. විදුලි බිල එන්න එන්න වැඩි වෙනවා. තෙල් මිල වැඩි කරනවා. අසීමිත බදු ගහනවා. ඒ තෙල් මිලයි විදුලි බිලයි බදු ප්‍රතිපත්තියයි එක්ක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආර්ථිකය ව්‍යාපාරය ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා.
අද දේශීය ව්‍යාපාරිකයාගේ කොඳු නාරටියට ගහන්න ආණ්ඩුව පටන් අරන් තියෙනවා. ආණ්ඩුව කොළය වහලා ගහන්නේ. දේශීය වෙළෙන්දෙක් හිටියොත් ඒ ව්‍යාපාරිකයාට ගහනවා.
අද වෙනකොට මේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක් ආණ්ඩුව අත්අඩංගුවට අරන් තියෙනවාද? මොකක් හෝ චෝදනාවක් දාලා.
දේශීය ව්‍යාපාරිකයෝ කී දෙනෙක්ගේ ගෙවල්වලට, කඩවල්වලට, කාර්යාලවලට පැනලා කරදර කරලා තියෙනවාද? මේ හැම කෙනෙක්ම බදු ගෙවන්න ලෑස්තියි. අපේ හාමුදුරුවනේ බදු ප්‍රතිපත්තිය සාධාරණයි නම්, ආණ්ඩුවට ගෙවන බද්දට සාධාරණීකරණයක් වෙනවා නම් ව්‍යාපාරිකයා බදු ගෙවන්න ලෑස්තියි.
අසීමිත බද්දක් ගහලා, ව්‍යාපාර වට්ටලා, ව්‍යාපාරිකයාගේ ආදායම නැති කරලා, පිට රටවලින් ලංකාවේ නිෂ්පාදනය වන දේවල් පවා අසීමිත විදිහට පිටරටින් ගෙනල්ලා ලංකාවේ ව්‍යාපාරිකයාගේ ආදායම වට්ටලා දාලා, අවසානයේ නඩුත් දාලා, හිරෙත් දාලා, ව්‍යාපාර වසන තැනට මේ ආණ්ඩුව පරිවර්තනය කරලා තියෙන්නේ.
එවැනි අපේ රටට නොගැලපෙන, මේ රටේ පුරවැසියාට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරනවා. හැබැයි දැන් මොකද කියන්නේ? ජනාධිපතිවරයා හා ආණ්ඩුව කියනවා අපේ මුදල් අමාත්‍යාංශයේ අපේ ගිණුමේ කෝටි ගණන් තියෙනවාලු.
අසීමිත බදු ගහලා ආණ්ඩුව ගන්න බදු මුදල්වලින් ජනතාවට සාධාරණයක් කරන්නේ නැහැ. ඒවා ආණ්ඩුව ගිණුම්වල තියාගෙන ඉන්නවා කියලා පහුගියදා ඇවිල්ලා කියනවා හැකර් කෙනෙක් පැනලා ඒක අරගෙන ගිහිල්ලාලු.
දැන් මිනිස්සු බදු ගෙවන්න ඕනේ. ඒ බද්දෙන් ගමේ පාර, පන්සල, පල්ලිය, කෝවිල, ගෙවල් ටික හැදෙන්නේ නැහැ. ඒ බද්දෙන් ගමේ ඉස්පිරිතාලෙට බෙහෙත් ටික ලැබෙන්නේ නැහැ. ඒ තමන් ගෙවන බදු මුදලින් ගමේ ඉස්කෝලේ වැසිකිළිය, කැසිකිළිය, වහල හැදෙන්නේ නැහැ. ඉස්පිරිතාලේ බෙහෙත් ටික කාර්ය මණ්ඩලය ලබා දෙන්නේ නැහැ. හැබැයි ඉතිහාසයේ වැඩිම ආදායම ලබපු ආණ්ඩුව කියන ආණ්ඩුව..ඉතිහාසයේ වැඩියෙන්ම ආදායම් ලබපු කාලසීමාව කියන ආණ්ඩුව, ඒ ආදායම තමන්ගේ ගිණුමට දාලා, ඒ ගිණුමෙන් නොදන්නා පුද්ගලයෙක් හොරා අරගෙන යනවා. අවසානයේ බදු ගෙවපු මනුස්සයට සාධාරණයක් වෙන්නෙත් නැහැ, රටේ පුරවැසියට සාධාරණයක් වෙන්නෙත් නැහැ.
මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි දෙපැත්තට බෙදිලා බැන ගන්නවා. මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි එකිනෙකාට චෝදනා කරගන්නවා. දැන් කවුද මේ ගත්තු සල්ලි ගත්තේ?
හැබැයි එකක් එකක් පැහැදිලියි. සල්ලි ගත්තු එකා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ ඔබට. ගත්තු එක්කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ පුරවැසියට.
දෙගොල්ලෝ ගහගන්නවා කාගෙන්ද වැරදුනේ කියලා. හැබැයි දෙගොල්ලම එකතු වෙලා කියනවා වැරදිච්ච කෙනා කෙසේ වෙතත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට. මේ රටේ ජනතාවට.
බාල ගල් අඟුරු ගෙනාවා. අද වෙනකම් බාල ගල් අඟුරු වලට ගත්තු නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද ?
අද වෙනකම් දිට්වා කුණාටුවෙන් විනාශ වී ගිය නිවාස වලට ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? පවුල් තිස්පන් දහසකට වැඩිය අද වෙනකම් මේ දිස්ත්‍රික්කය ඇතුළු ලංකාව පුරාම තාවකාලික නිවාස වල හෝ කූඩාරම් වල හෝ කුලියට ජීවත් වෙනවා.
හාල් මාෆියාව නැති කරනවා කියලා බලයට ආවේ. අන්තිමට නැති කරේ ගොවියාව, හාල් මාෆියාව කෙසේ වෙතත්.
වරායෙන් කන්ටේනර් 323 ක් පැන්නුවා. අද වෙනකම් ගියපු තැනක් හොයාගත්තද? වාර්තාවක් තියෙනවද? අවුරුදු දෙකක්, දැන් ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකක්.
හැබැයි මේවා ගැන කතා කෙරුවොත්, මේවා පිළිබඳව සමාජයේ විවේචනය කෙරුවොත්, ඒ අයට විරුද්ධව නම් ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරනවා පැය 24 න්. ඒක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.
පන්නපු එකා අල්ලන්නේ නැහැ, පන්නපු එකා පෙන්නලා දෙන එක්කෙනාට නඩු දානවා, පොලීසියෙන්.
ගිණුමෙන් සල්ලි හොරකම් කරපු කෙනාට නඩු නැහැ, එයාව හොයාගන්නත් නැහැ. හැබැයි හොරකම් කරා කියලා කියන කෙනාට ආණ්ඩුව නඩු දානවා.
බාල ගල් අඟුරු ගෙනාපු සමාගමට නඩු නැහැ, හැබැයි ගල් අඟුරු බාලයි කියලා පෙන්නපු කෙනාට ආණ්ඩුව නඩු දානවා.
මේක තමයි මගේ ආදරණීය අම්මේ තාත්තේ මේ ආණ්ඩුවේ මර්ධනයෙන්, මර්ධනයෙන් බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. ආණ්ඩුවත් දැනගන්න ඕනේ ඒවාට වැඩි ආයුෂ නැහැ.
මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.වැඩිම කාලසීමාව. සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න තැන්වලට ගිහිල්ලා බලපෑම්, බය කරනවා ඔබටත් සියදිවි හානිකරගන්න වෙයි කියලා. ඒ අයත් සියදිවි හානිකරගෙන තියෙනවා. මේවා පිළිබඳව හොයන්න ඕනේ. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි, අද අපි ගමේ ශක්තිමත්ව ගොඩනැගෙමු. මේ ආණ්ඩුව හිතනවා නම් ජන මතයට පිටුපාලා, ජනතාව පාගලා, මර්දනය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න පුළුවන් කියලා, ඒක ආණ්ඩුවට වැරදිලා. අපි ගම් මට්ටමෙන් පෙළගැහෙමු. අපි දේශපාලනික වශයෙන්, ප්‍රතිපත්තිමය වශයෙන් අපි එකතු වෙමු. අපි ගමේ හැම කෙනෙක්ම ඒකරාශී කරගමු.
පසුගිය කාලවල අපෙන් ඈත් වෙච්ච බොහෝ අය ඉන්නවා. දැන් ඒ බහුතරයක් අද පක්ෂය එක්ක, අපි එක්ක, අපේ ගම් මට්ටමේ අපි එක්ක එකතු වෙලා තියෙනවා. වෙනත් දේශපාලන පක්ෂ එක්ක වැඩ කරපු, වෙනත් දේශපාලන පක්ෂවල දේශපාලනය කරපු බොහෝ පිරිස් අද නැවත වතාවක් ඒ විශ්වාසය ගොඩනැඟීමත් එක්ක අද අප වටා ඒකරාශී වෙමින් පවතිනවා. මේ පණිවිඩය මගේ ආදරණීය අම්මේ, තාත්තේ ඔබ ගමට අරගෙන යන්න.
අපේ මංජුල මන්ත්‍රීතුමා මේ කොට්ඨාසය අපි පොඩි ගාණකින් පරාජය වුණා නේද? ප්‍රාදේශීය සභා ඡන්දෙ. ඡන්ද 29කින්. ඡන්ද 29කින් අපි පරාජය වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අද ශක්තිමත්ව ඔබ කොට්ඨාසය ගොඩනඟලා තියෙනවා. මේ ශක්තිය අපි ඉස්සරහට අරගෙන යමු.
අපි පැහැදිලිවම ආණ්ඩුවට කියන්නේ, ආණ්ඩුවේ මර්දනයට, ආණ්ඩුවේ භීෂණයට, ආණ්ඩුවේ තර්ජනයට මේ ගම්වල මගේ ආදරණීය අම්මලා, තාත්තලා, සහෝදරයා, සහෝදරිය, මිත්‍රවරුන් මුහුණ දෙන්න සූදානම් කියන පණිවිඩයත් අපි ආණ්ඩුවට දෙන ගමන්, අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා දැන්වත් ඔබ ජනතාවට දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. කරුණාකරලා දීපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න. තවදුරටත් මේ රටේ ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. තවදුරටත් මේ රටේ ජනතාව මුලාවේ දාන්න ලෑස්ති වෙන්න එපා.
අපි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන බලවේගයක් විදියට, ඔබේ දරුවාගේ, මේ පුංචි නංගිලා මල්ලිලා, මේ පුංචි දුවා දරුවන්ගේ අනාගතය ගොඩනඟන්න පුළුවන් නූතනත්වය කරා ගෙනියන්න පුළුවන්, නූතන දැක්මක් එක්ක ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, ඔබ විශ්වාස කරන දියුණු රටක් හදන්න පුළුවන්, මේ මාතෘ භූමියේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න පුළුවන් දේශපාලන බලවේගයක් ගොඩනඟන්න අපි එකතු වෙමු,
Namhal Rajapaksa Highlights Crisis Beyond Life and Death in Sri Lanka
In a striking address, National Organizer of the Sri Lanka Podujana Peramuna party and Member of Parliament, Namal Rajapaksa, asserted that the ongoing period is the most critical time for personal safety and human life in the country. He pointed out that some individuals who have responded to government actions have faced severe threats to their lives, highlighting a growing atmosphere of fear.
Rajapaksa made these remarks during a divisional meeting held in the Dediagama electorate in the Kegalle District. He lamented the current state of affairs, stating that for those who engage with the governing powers, life is becoming increasingly precarious.
Speaking to a diverse audience, he noted that these local meetings attract supporters across various political factions, accommodating voters who had previously backed different parties. He emphasized that many are deeply dissatisfied with the government's performance, which he claims has faltered in improving living standards and has systematically dismantled the public service.
Rajapaksa expressed concern that the judicial system is being politically manipulated in ways not seen before, calling attention to the struggles of legal entities striving to maintain judicial independence in the face of government pressure. He insisted that the rights of public servants are currently under siege, making it increasingly difficult for them to serve citizens while upholding their integrity.
He underscored the dire situation facing various sectors, particularly farmers who are forced to import rice during harvest times, exacerbated by exorbitant fertilizer prices that hinder effective agricultural management. The plight of tea growers was also highlighted, as they face financial instability due to skyrocketing input costs.
Rajapaksa criticized the government's economic policies, which he claims have led to a substantial loss of confidence among both domestic and international investors. He labeled the current administration as the most tax-heavy in Sri Lanka's history, explaining how recent hikes threaten to cripple local businesses and lead to greater unemployment.
He articulated the detrimental impact that excessive taxation and rising operational costs—such as increasing energy prices—are having on small and medium enterprises, forcing many into precarious positions.
Asserting that the local entrepreneurial spirit is being stifled by government intervention, Rajapaksa drew attention to the urgency of addressing issues such as business closures and the growing fear among business owners regarding prosecution under vague legal frameworks. This, he argued, is contributing to a climate of fear that further destabilizes the economy.
Touching on accountability, he questioned the integrity of government-led initiatives, especially considering the reports of corruption within the Ministry of Finance and the Central Bank. He demanded clarity on the missing funds that should benefit the populace, suggesting that the actions taken by the government to recover lost money are inconsistent with their stated visions.
Rajapaksa's address ended on a rallying note, urging citizens to stand united against oppression and for the future of their communities. He called for a reinstatement of faith in governance that prioritizes the collective needs of the people, urging fellow citizens to mobilize for meaningful change.
Reflecting on previous electoral outcomes, he acknowledged the political disconnect between leadership and the grassroots, but expressed hope that recently disenfranchised voters are beginning to join forces with his party to explore viable political avenues for change.
In closing, he implored the government to honor its commitments to the people and cautioned against any further attempts to manipulate or marginalize the citizenry, reminding all present that the strength of the nation lies in its unified resolve to reclaim their rights and shape a new future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ගල්කටස් තිරිසන් ජෙප්පෝ හෑම ආන්ඩුවට විරුද්ද සාක්කිකාරයවම මරනවා සියදිවිනසාගෑනීමක් විදියට පෙන්නලා........මේක තමා ජෙප්පෝ කරන්න දන්න එකම දේ.....................
ReplyDelete