ප්‍රදේශ රැසකට තද සුළං... තද රතු නිවේදයක්...


 දිවයින හරහා දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් 'ඇම්බර්' වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම තත්ත්වය විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලටත්, මාතලේ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලටත් බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.

තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාසවල වහලවල්වලට හානි සිදුවිය හැකි අතර, විදුලි සහ දුරකථන රැහැන් මතට ගස් කඩා වැටීමෙන් සන්නිවේදන හා විදුලි බිඳවැටීම් ඇති විය හැක. මීට අමතරව, වී වගාව, කෙසෙල් සහ පැපොල් වැනි වගාවන්ට මෙන්ම වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. වරාය ආශ්‍රිතව නතර කර ඇති කුඩා යාත්‍රාවලට ද මෙයින් හානි සිදුවිය හැකිය.

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බවත්, කඩා වැටිය හැකි ගස් හෝ විදුලි රැහැන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් උපදෙස් දෙනු ලැබේ. යම් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත





Severe Winds Expected Across Sri Lanka Due to Active Weather Conditions

An active weather system sweeping across the island may lead to severe winds reaching speeds of 40 to 50 kilometers per hour in certain regions. The Department of Meteorology has issued an advisory regarding these conditions, categorized under 'Amber' alert status.

The forecast indicates that the northern, north-central, and western provinces, along with districts such as Matale, Hambantota, and Trincomalee, are likely to be most affected by the strong winds.

Authorities warn that these severe winds could damage rooftops of homes and facilitate falling trees, potentially compromising communication and power lines. Furthermore, significant risk exists for crops such as paddy, banana, and papaya, particularly in coastal areas prone to inundation from rising sea levels. Smaller vessels in port may also be at risk because of these adverse weather conditions.

Given the ongoing threat, the public is urged to remain vigilant and exercise caution, particularly with regard to potential hazards from unstable trees and electrical lines. In the event of an emergency, residents are advised to seek assistance from local disaster management officials, while staying updated on further announcements from the Department of Meteorology.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post