බංග්ලාදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හටගත් දරුණු ගංවතුර සහ නායයෑම්වලින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. මෙම ආපදාව හේතුවෙන් පුද්ගලයන් දස ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.
අගනුවර වන ඩකා ඇතුළු රටේ ප්‍රදේශ රැසකට බලපා ඇති මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට තම නිවාස අහිමි වී ඇත. වාර්තා වන මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් පුද්ගලයන් 28 දෙනෙකුම මියගොස් ඇත්තේ රෝහින්ග්‍යා සරණාගතයන් බහුලව වෙසෙන 'කොක්ස් බසාර්' දිස්ත්‍රික්කයෙනි.
බංග්ලාදේශය සාමාන්‍යයෙන් වාර්ෂික මෝසම් වැසි සමයේදී ගංවතුර තත්ත්වයන්ට මුහුණ දෙන පහත් බිම් සහිත රටක් වුවද, දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතනයේ තීව්‍රතාවය සහ වාර ගණන ඉහළ ගොස් ඇති බව පරිසර විශේෂඥයෝ පෙන්වා දෙති.
අධික වර්ෂාවත් සමඟ නායයෑම් අවදානම පවතින ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, පාසල් විභාග ද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. දැනට දහස් සංඛ්‍යාත පිරිසක් රජයේ සහන කඳවුරුවල රැඳී සිටිති.
අගනුවර වන ඩකා නුවර වීදි බොහොමයක් දණහිස දක්වා ජලයෙන් යටවී ඇති අතර, මේ හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. නගරයේ පවතින දුර්වල කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම සම්බන්ධයෙන් එරට මාධ්‍ය රජයට චෝදනා එල්ල කර ඇත.
බංග්ලාදේශ ගංවතුර පුරෝකථන සහ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ රටේ ගිනිකොනදිග ප්‍රදේශයේ තත්ත්වය ඉදිරි දිනවලදී යහපත් අතට හැරෙනු ඇති බවයි.
උතුරු සහ ඊසානදිග ප්‍රදේශවලට තවදුරටත් මෝසම් වැසි බලපෑ හැකි බැවින් එම ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.
Severe Flooding in Bangladesh Claims 51 Lives
Intense rainfall sweeping across Bangladesh has resulted in devastating floods, confirming the loss of 51 lives, according to local authorities. The disaster has affected over ten million people, plunging them into distress.
The capital city, Dhaka, along with several other regions, has been severely impacted by this sudden flooding, leaving thousands homeless. A significant portion of the reported fatalities, 28 individuals, occurred in the Cox's Bazar district, a region heavily populated by Rohingya refugees.
Bangladesh, typically prone to flooding during its annual monsoon season, is experiencing heightened rainfall intensity and frequency, attributed to climate change, according to environmental experts.
Authorities are taking measures to evacuate residents from high-risk areas threatened by both flooding and landslides. Additionally, school examinations have been postponed indefinitely as thousands remain sheltering in government relief camps.
Many streets in Dhaka are submerged, with water levels reaching head height, causing significant disruptions to transportation. The government has faced criticism from local media over inadequate maintenance of the city’s drainage systems.
The Bangladesh Flood Forecasting and Warning Centre has indicated that conditions may improve in the coming days, particularly in the hilly regions of the country.
However, the meteorological department has warned that continued rainfall is likely in northern and northeastern areas, raising the risk of further flooding in those regions.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
