ගොවියෝ දැන් සතුටින් ඉන්නවා - ඇමති වසන්ත


වී මිලදී ගැනීමේ කටයුතු සඳහා රජය රුපියල් මිලියන 26,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 10,000ක කැපී පෙනෙන වැඩිවීමක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පෞද්ගලික අංශය ද වී මිලදී ගැනීමේ මිල ගණන් ඉහළ නංවා ඇති බැවින් ගොවීන් මේ වන විට ඉතා සතුටින් පසුවන බවයි.

පසුගිය දින කිහිපය තුළ පෞද්ගලික අංශය වී කිලෝවක් රුපියල් 112ක් වැනි ඉහළ මිලකට මිලදී ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

එසේම, ඉදිරියේදී ඇති විය හැකි 'එල් නිනෝ' කාලගුණික තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවත්, ඕනෑම අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දීමට සූදානම් බවත් අමාත්‍යවරයා වධාරණය කළේය.

නොවැම්බර් මාසයේදී වර්ෂාපතනය ඉහළ යා හැකි බවට පවතින පුරෝකථනයන් සැලකිල්ලට ගනිමින්, ගංවතුර තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි වන පරිදි වගා කටයුතු කල්තියා ආරම්භ කිරීමට ගොවීන් උනන්දු කරවන බව ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Government Allocates Rs. 26 Billion for Rice Procurement Amid Price Surge

The Government has allocated Rs. 26 billion for rice procurement, as confirmed by Minister of Trade, Commerce, Food Security, and Cooperative Development, Wasantha Samarasinghe. This significant allocation marks an increase of Rs. 10 billion compared to the previous year.

In remarks to the media, he highlighted that with the private sector also raising rice prices, farmers are currently experiencing a favorable situation. Recently, private buyers have been purchasing rice at elevated prices, around Rs. 112 per kilogram.

Furthermore, Samarasinghe emphasized that the government is closely monitoring the potential impact of the 'El Niño' weather conditions and is prepared to face any challenging situations that may arise.

He also noted that forecasts suggest an increase in rainfall in November, prompting farmers to begin preparations for planting activities to mitigate flooding risks.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. ගොවියෝ සතුටින්ද ඉන්නේ බලන්න පලයන්කෝ ගමකට පකෝ

    ReplyDelete
    Replies
    1. ක්‍රිප්ටෝ මුදලාලි කසිප්පු ගහලා දොඩවත්

      Delete
  2. සැට් එකම ගංජා ගහන්නෙ එකට වගේ…… ගංජා වල එක ඉපෙක්ට එකක් තමයි ඒවා ගහන කෙනාගෙ හිතේ තියෙන ඒවා ඇත්ත වගෙ පේන එක…. ආතල්😂😂😂😂

    ReplyDelete
  3. අනුන්ගේ දියුණුව දැකලා ඇරියස් ගොඩාක් එක්ක කුපාඩි ජීවිතයක් ගත කරපු සුනඛයින්ට බලය ලැබුනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? කොහෙත්ම බෑ, බොරු කොණ්ඩයක් දාගෙන මේකා තක්කඩියෙක්.

    ReplyDelete
  4. වපර ඇහෙන් බලපුවාම පෙනෙන විදිහද?

    ReplyDelete
  5. මැටි මෝල් කප්පං වස්සා 🤮😡 ජේ.වී.පී. ගොං, තකතීරු, පාහර බල්ලා 😡🤮🤮🤮

    ReplyDelete
Previous Post Next Post