‘සර් පිස්තෝලය ඉල්ලුවා මම දුන්නා’ හිටපු පොලිස්පති මරණය ගැන ආරක්‍ෂකයා පාපොච්චාරණයක..


“සර් උදේ ව්‍යායාම වලට යන්න ලෑස්තිවෙලා කාමරෙන් එළියට ඇවිත් මගෙන් ඇහුවා ඔයා මොකක්ද පාවිච්චි කරන වෙපන් එක කියලා. මම මගේ පිස්තෝලයේ මැගසින් එක ගලවලා ඒක සර්ට දුන්නා. මැගසින් එකත් සර් මගෙන් ඉල්ල ගත්තා. මම ඒකත් දුන්නා. ඊට පස්සෙ සර් මට කිව්වා වතුර බෝතලයක් අරන් එන්න කියලා. මම ඒක ගේන්න කුස්සිය පැත්තට ගිය වෙලාවෙ ඩෝං ගාලා සද්ධයක් ඇහුණා. මම දුවගෙන ඇවිත් බලද්දී සර් ආලින්දයේ වෙඩි වැදිලා බිම වැටිලා සිටියා යැයි හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියා පාපොච්චාරණය කළේය. හිටපු පොලිස්පතිවරයාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනකු අනුයුක්ත කර සිට ඇති අතර එදින රාජකාරි කරමින් සිට ඇත්තේ ඉන් එක් නිලධාරියෙකි.

වික්‍රමරත්න මහතා වෙඩි තබා ගැනීම සඳහා පාවිච්චි කළ පිස්තෝලය පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාගේ ආරක්‍ෂකයන් සඳහා ලබාදී තිබූ එකකි.

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ශරීර අභ්‍යාස ව්‍යායාම්වල නිරත වීම සඳහා මාලබේ තලාහේනේ පිහිටි නිවසේ සිය කාමරයෙන් පිටතට පැමිණ ඇත්තේ (17 වැනිදා) උදෑසන 7.00ට පමණය.

වික්‍රමරත්න මහතා කාමරයෙන් පිටතට පැමිණ නිවසේ සාලයේ සිටි සිය ආරක්‍ෂක නිලධාරියාගේ පිස්තෝලය ඉල්ලාගෙන ඇත.

පසුව ඔහු සිය ආරක්‍ෂක නිලධාරියාට වතුර වීදුරුවක් රැගෙන එන ලෙස දන්වා එම ස්ථානයෙන් පිටතට යවා පිස්තෝලයෙන් පපුව ප්‍රදේශයට වෙඩි තබාගෙන තිබේ.

වෙඩි හඬ ඇසීමත් සමගම සාලය වෙත දිව ආ ආරක්‍ෂක නිලධාරියා දැක ඇත්තේ වික්‍රමරත්න මහතා වෙඩි තබාගෙන බිම වැටී සිටින ආකාරයයි. ඒ අවස්ථාවේ වික්‍රමරත්න මහතාගේ බිරිඳ සහ බාල පුත්‍රයා ද නිවසේ සිට ඇති අතර ඔවුන් එක්ව ඒ මහතා මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

හිටපු පොලිස්පතිවරයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම සිද්ධිය සැලවීමත් සමගම මාලබේ තලාහේනේ පිහිටි නිවස වෙත ගිය බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ.

සී. ඩී. වික්‍රමරත්න මහතා වෙඩි තබාගෙන සිය දිවි හානිකරගත් පිස්තෝලය නිවසේ සාලයේ වැටී තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

සී. ඩී. වික්‍රමරත්න මහතාගේ පුත්‍රයකුගේ විවාහය දෙදරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතා දැඩි චිත්ත පීඩාවකට ලක්වෙමින් සිටි බව මේ වනවිට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබිණ.

එමෙන්ම පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මීට මාස කීපයකට උඩදී සී. ඩී. වික්‍රමරත්න මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණේය.

සී. ඩී. වික්‍රමරත්න මහතා මේ ආකාරයට වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගැනීමට හේතුව ඊයේ සවස් වන තුරුත් අනාවරණය වී නොතිබිණි.

පාස්කු ප්‍රහාරයේදී සාරා ජෙස්මින් මියගිය බවට නැවත නැවත ඩී. එන්. ඒ. පරීක්‍ෂණ සිදුකර තහවුරු කරන ලෙස තමන්ට පසුගිය රජයේ හිටපු ප්‍රබලයකු බලපෑම් කළ බවට සී. ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් සාක්‍ෂියේ සඳහන්ව තිබූ බව පැවසෙයි.

සාරා ජෙස්මින් සයින්දමරදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරා ගෙන මියගිය බව මුල් පරීක්‍ෂණවලින් තහවුරු වී නොතිබියදී මේ සම්බන්ධයෙන් සිදු කළ තුන්වැනි ඩී. එන්. ඒ. පරීක්‍ෂාවේදී ඇය මියගිය බව තහවුරු කෙරිණි. එම තුන්වැනි ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සිදු කරනු ලැබුවේ සී. ඩී. වික්‍රමරත්න පොලිස්පතිවරයාව සිටි කාලසීමාවේදීය.

එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ප්‍රසාද් රණසිංහය. ඉකුත් 2019 පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි පූජිත් ජයසුන්දර මහතා වැඩ තහනමට ලක් කිරීමෙන් පසු වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුවේ චන්දන වික්‍රමරත්න මහතාය.

2020 වර්ෂයේ නොවැම්බර් 25 වැනිදා පොලිස්පති තනතුරේ ස්ථිර කරනු ලැබීමෙන් පසු 2023 වර්ෂයේ නොවැම්බර් 25 වැනිදා දක්වා එම තනතුරේ රාජකාරි කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි කාලසීමාවේදී අවස්ථා 3කදී සේවා දීර්ඝ කිරීම් ලබාදී තිබිණි.

පොලිස් ඉතිහාසයේ වැඩ බලන පොලිස්පති ධුරයේ 13 වතාවක් රාජකාරි කරනු ලැබුවේ සී. ඩී. වික්‍රමරත්න මහතාය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ චන්දන වික්‍රමරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතීක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. ඒ මහතා 1986 වර්ෂයේ ජුනි මස 16 වැනිදා පොලිස් සේවයට එක්වන්නේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසය.

සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස මුල්ම පත්වීම රාජ්‍ය බුද්ධි සේවය වෙත වාර්තා කළ වික්‍රමරත්න මහතා එතැන් සිට ත්‍රිකුණාමලය, ත්‍රස්තවාදී විමර්ශන ඒකකය, මොනරාගල, මාතර කොට්ඨාසය, ආදියේහි ද රාජකාරි කළේය. ඔහු නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කළේය.

පසුව උතුරු මැද පළාත, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළ ඒ මහතා කලක් පොලිස් මූලස්ථානය ද භාරව කටයුතු කළේය.

පොලිස් පරිපාලන අංශය භාරව කටයුතු කරද්දී පාස්කු ප්‍රහාරය සිදුවූ අතර එතැන් සිට ඒ මහතා වසරකට ආසන්න කාලයක් වැඩ බලන පොලිස්පති ලෙස රාජකාරි කළේය.

මියගිය සී. ඩී. වික්‍රමරත්න මහතා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු වන අතර රුසියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, බ්‍රසීලය, මියන්මාරය ඇතුළු රටවල් ගණනාවක විශ්වවිද්‍යාලවල උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඇති දක්‍ෂ නිලධාරියෙකි.

හේමන්ත රන්දුණු

Divaina





Tragic Incident Claims the Life of Former Sri Lankan Police Chief

In a shocking turn of events, former Sri Lankan Police Chief C.D. Wickramaratne was found deceased in his home early Wednesday morning while preparing for a workout. The incident unfolded when Wickramaratne, who stepped out of his room around 7:00 AM, asked one of his security personnel about the weapon they were using. In a tragic moment, he took the firearm from the officer and shortly thereafter, a series of gunshots were heard.

Witness accounts indicate that when the security officer rushed into the house after hearing the shots, they discovered Wickramaratne lying on the floor in the living room, having sustained serious injuries. At the time, both his wife and young son were present in the home. Despite immediate efforts to rush him to the Molalleeriya Hospital, reports indicate that he had already succumbed to his injuries before reaching medical attention.

The handgun used in this tragic incident was reportedly issued by the Police Department for the protection of Wickramaratne, who had been under the watch of two security officers. Investigations are underway led by senior police officials, including Western Province South Deputy Inspector General Samanta Wijesekera, to ascertain the circumstances surrounding the shooting.

Initial findings suggest that Wickramaratne had been under considerable emotional distress, particularly relating to his son’s impending marriage, a situation revealed during ongoing investigations. This was compounded by the fact that he had previously provided testimony to the Criminal Investigations Department concerning the Easter Sunday bombings, where he was involved during his tenure as police chief.

As news of the incident broke, a poignant narrative began to emerge about Wickramaratne's distinguished career. He joined the police force on June 16, 1986, as a probationary Assistant Superintendent and rose through the ranks to become the acting Inspector General in 2019, following the resignation of former Inspector General Pujith Jayasundara in the aftermath of the Easter attacks.

Wickramaratne was a graduate of the University of Colombo with advanced qualifications, having studied in numerous countries including Russia, India, and the United Kingdom. His expertise and leadership in the police force had spanned several high-profile roles across the nation, including serving as Deputy Police Chief in Nuwara Eliya and overseeing critical operations during his lengthy career, especially during times of national crisis.

This tragic incident marks the end of an era for Sri Lanka's law enforcement, drawing attention not just to the personal tragedies affecting those within the police force, but also highlighting the broader need for mental health support within high-pressure professions. The police continue to investigate the circumstances leading up to this sorrowful event.

Hemanta Randunu

Divaina



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ඔහොම කියන්න එපා

    මෙහෙම කියමු

    පාස්කු ප්‍රහාරය සැලසුම් කරන්න කියලා ගෝඨා සලේට කියපු වෙලේ අපේ සර් ඒක අහගෙන ඉඳලා තියෙනවා

    ඒ කතාව අපේ සර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් කියන්න ලෑස්ති වෙවී ඉන්න කොට තමයි දේශබන්දු තෙන්නකෝන් ඇවිල්ලා ජනේලෙන් වෙඩි තියලා ගියේ

    ReplyDelete
  2. කිසිදු අසාමාන්‍යතාවයකින් තොරව සියදිවි නසාගන්න දවසෙ, ආරක්ෂක නිලධාරීන් සමඟ ශාරීරික ව්‍යායාමවල නිරත වෙන්න හදන්නෙ ඊළඟ ආත්මෙදිත් ෆිට් එකේ ඉන්න ඕනෙ කියල එතුමා කල්පනා කල නිසා කියලද එතකොට දැන් අපි හිතන්න ඕනෙ?
    පුත්‍රයකුගේ විවාහය දෙදරා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි චිත්ත පීඩාවකට ලක්වීමට තරම් සියුමැළි හදවතක් ලංකාවේ හිටපු පොලිස්පති තුමාට තිබුණා කියලත් අපි හිතන්න ඕනෙද?

    ReplyDelete
  3. ගෙදර ප්‍රශ්ණයක් තියෙන වෙලාවේ ෂොට් එක දීල වෙන්න බැරිද?
    ඊළඟට ඉතිං ගෙදර උන් උන් මරාගනීවී.
    මිනීමරුවා නිදැල්ලේ.

    ReplyDelete
  4. මයිනත් එහෙම ඉල්ල ගත්තා නම් ගොඩ

    ReplyDelete
  5. දේශපාලකයො අනුන්ගේ පිටින් යන්න මිනීමරණ හැටිත්, ඒනිසා අහිංසක පවුල් විනාස වෙන හැටිත්, බන්ධනාගාර සිදුවීමුත් "තත්පරයක් දෙන්න" ටෙලි ඩ්‍රාමා එකේ ලස්සණට පෙන්වනවා. බැලුවට පාඩු නැහැ.

    ReplyDelete
Previous Post Next Post