ඉරාන ප‍්‍රහාරයෙන් ලෝක තෙල් මිල වේගයෙන් ඉහලට.. හෝමුස් යලි අවදානමක..

 


ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව යළිත් ප්‍රහාර දියත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බ්‍රහස්පතින්දා දිනයේදී ඉහළ ගොස් තිබේ. දෙරට අතර පැවති සාම එකඟතාව බිඳ වැටීම සහ ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති අවිනිශ්චිතතාව මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1කින් හෙවත් ශත 78කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 78.8ක් ලෙස සටහන් විය. එමෙන්ම ඇමරිකානු ඩොලර් 74.26ක් දක්වා ඉහළ ගිය ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් මිල ද සියයට 1.01ක වර්ධනයක් පෙන්නුම් කළේය.

ඉරානය සමඟ පැවති අන්තර්කාලීන සාම ගිවිසුම අවසන් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඇමරිකානු හමුදාව මෙම නව ප්‍රහාර මාලාව දියත් කළේය.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහස තහවුරු කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බව ඇමරිකාව පවසයි. පසුගිය අඟහරුවාදා වෙළඳ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව එල්ල කළ මෙම ප්‍රහාර හේතුවෙන් ඉරානයේ දකුණුදිග වෙරළබඩ නගර කිහිපයක විදුලි සැපයුම ද අඩාල වී ඇති බව වාර්තා වේ.

මීට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද බහරේනය සහ කුවේටයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

පවතින යුදමය තත්ත්වය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය තාවකාලිකව නතර කරන ලෙස රක්ෂණ සමාගම් විසින් නාවික සමාගම් වෙත උපදෙස් දී ඇත.

නාවික ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නෞකා හිමියන් මේ වන විට දැඩි අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දී සිටින බැවින් ඉදිරි දිනවලදී තෙල් ප්‍රවාහන කටයුතු තවදුරටත් සීමා විය හැකි බවයි. මෙය ලෝක බලශක්ති වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.






Global Oil Prices Surge Amid Renewed US-Iran Tensions

Oil prices have surged significantly on Thursday following the United States' renewed military actions against Iran. The collapse of a previous peace agreement between the two nations and the uncertainties surrounding shipping safety in the strategically important Strait of Hormuz have primarily driven this hike in global oil markets.

The price of Brent crude oil rose by 1% or $0.78, reaching $78.80 per barrel. Similarly, American WTI crude oil prices saw an increase of 1.01%, climbing to $74.26 per barrel.

The escalation comes in the wake of President Donald Trump's announcement signaling the end of a temporary peace accord with Iran, prompting the US military to initiate a new wave of attacks.

The United States has stated that the objective of these military actions is to ensure maritime freedom in the Strait of Hormuz. Reports indicate that these retaliatory strikes occurred after attacks on three merchant vessels last Tuesday and have led to power disruptions in several coastal towns in southern Iran.

In retaliation, Iranian forces have launched attacks against American military bases located in Bahrain and Kuwait.

In light of the escalating military situation, insurance companies have advised shipping firms to temporarily suspend vessel movements through the Strait of Hormuz.

An analysis from naval experts warns that shipowners are now facing significant risks, suggesting that oil transportation activities may become further restricted in the coming days. This situation is expected to have a profound impact on the global energy market.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post