බලපත්‍ර නොමැතිව ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන සහ අලෙවි කරන වෙළදසැල් සොයා ජාතික සහ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ඇහැලියගොඩ ශාඛාවේ නිළධාරින් (24) දින හැටන් නගරයේ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.
ස්වර්ණාභරණ නිශ්පාදනයට සහ අලෙවි කිරිමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්ෂිකව බලපත්‍රයක් ලබා ගත යුතු බවත්, හැටන් නගරයේ ඇතැම් සවර්ණාභරණ අලෙවි කරන සහ නිෂ්පාදනය කරන වෙළදසැල්වලින් බලපත්‍ර ලබා නොගෙන වෙළදාම් සිදු කරගෙන ගොස් ඇති අතර, ඇතැම් ව්‍යාපාරිකයන් ලබා ගත් බලපත්‍ර වසර ගණනාවක් අලුත් කර නොමැති බවටද මෙම මෙහෙයුමේදි අණාවරණය විය.
බලපත්‍ර ලබා ගෙන නොමැති ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන්ට බලපත්‍රයක් නිකුත් කිරිමටත්, බලපත්‍රය දීර්ඝ කර නොමැති ස්වර්ණාභරණ වෙළදුන්ගේ බලපත්‍රය දීර්ඝ කිරිමටත්, එම මෙහෙයුමට එක් වූ ජාතික සහ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ඇහැලියගොඩ ශාඛාවේ නිළධාරින් පියවර ගැණින.
තම වෙළදසැල වෙත පැමිණ මෙසේ ස්වර්ණාභරණ නිෂ්පාදනය සහ අලෙවි කිරිමට බලපත්‍රයක් ලබා දීමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කිරිම පැසසිය යුතු කරුණක් බවයි හැටන් නගරයේ ස්වර්ණාභරණ අලෙවිකරුවන් සහ නිෂ්පාදකයන් කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ
Crackdown on Illegal Gold Manufacturing and Sales in Hatton
Officials from the National Gems and Jewelry Authority have launched a significant operation in Hatton focused on identifying businesses that produce and sell gold jewelry without the necessary licenses. This initiative highlights the strict requirements for obtaining annual permits from the authority for gold production and sales.
Many shops in Hatton have been operating without the required licenses, while others have failed to update their permits for several years. During the recent operation, authorities found that some businesses had not renewed their licenses, violating industry regulations.
Additionally, the authorities are gearing up to issue licenses to those gold producers and sellers who are currently unlicensed. There are plans to extend the renewal period for those holding outdated permits. The involvement of the National Gems and Jewelry Authority underscores the seriousness of compliance within the gold industry.
Industry stakeholders, including gold retailers and manufacturers in Hatton, have stressed the importance of the authority’s role in facilitating legal operations within the sector, emphasizing that having a valid license is crucial to conducting business legitimately.
- Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මුන්ට චන්දෙ ගහලා දැන් සැපද?
ReplyDeleteKochchara ariyath sapayi kiyana ponnayo හැත්ත
ReplyDelete