රුසියාව සහ ඉරානය අතර යුද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ඉරාන නෞකාවකට කැස්පියන් මුහුදේදී ප්‍රහාරයක් එල්ල කළ බව යුක්රේන ආරක්ෂක අංශ (SBU) නිවේදනය කරයි. ජූලි 25 වනදා අලුයම එල්ල වූ මෙම ප්‍රහාරය මගින් රුසියානු යුද මෙහෙයුම් සඳහා අවශ්‍ය සැපයුම් අඩාල කිරීමට හැකි වූ බව යුක්රේනය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ, කැස්පියන් මුහුදේ සිදුකළ දුරදිග විහිදෙන ප්‍රහාර මගින් සිය හමුදාව ඉතා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත් බවයි. ඉරානය සමඟ සහයෝගයෙන් යුද උපකරණ ප්‍රවාහනය කළ නෞකා කිහිපයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
යුක්රේන ආරක්ෂක අංශ තහවුරු කරන පරිදි, අදාළ නෞකාව ජාත්‍යන්තර සම්බාධක මගහරිමින් රුසියාව සහ ඉරානය අතර යුදමය සැපයුම් සිදුකිරීමේ නිරතව සිට ඇත. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ මෙය සාමාන්‍ය වෙළඳ නෞකාවක් බවයි. ප්‍රහාරයෙන් එක් නාවිකයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවත් ඉරානය පවසන නමුත්, එම තොරතුරු ස්වාධීනව තහවුරු වී නොමැත.
මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දුටු ටෙහෙරානය, මෙය යුද්ධය තවදුරටත් ව්‍යාප්ත කරන "ආක්‍රමණශීලී ක්‍රියාවක්" ලෙස හඳුන්වා දී ඇත. සිය විරෝධය පළ කිරීම සඳහා ඉරානයේ සිටින යුක්රේන තානාපති නිලධාරියා ද එරට විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා තිබේ.
රුසියාව සහ ඉරානය මෑත වසරවලදී සිය යුද සහයෝගීතාව දැඩි කර ඇති අතර, යුක්රේන නගර ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කරන ප්‍රහාර සඳහා අවශ්‍ය 'ෂහීඩ්' (Shahed) වර්ගයේ ඩ්‍රෝන යානා ඇතුළු යුද උපකරණ රැසක් ඉරානය විසින් සපයනු ලබයි.
මේ අතර, රුසියාව විසින් ඇමරිකානු සහ ගල්ෆ් කලාපයේ යුද මධ්‍යස්ථානවල චන්ද්‍රිකා ඡායාරූප ඉරානය වෙත ලබා දෙන බවට ද ජනාධිපති සෙලෙන්ස්කි බරපතල චෝදනාවක් එල්ල කළේය.
ජූලි මස මුල සිට රුසියානු චන්ද්‍රිකා මගින් බහරේනය, ජෝර්දානය සහ කුවේට් යන රටවල පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරු නිරීක්ෂණය කර ඇති බවත්, එම දත්ත ඉරානය විසින් ප්‍රහාර සැලසුම් කිරීම සඳහා යොදා ගන්නා බවත් ඔහු අනාවරණය කළේය.
Ukrainian Forces Target Iranian Vessel Transporting Military Supplies in Caspian Sea
Ukrainian security officials have confirmed a strike against an Iranian vessel suspected of transporting military equipment between Russia and Iran in the Caspian Sea. This assault, which occurred early on July 25, aims to disrupt the delivery of critical supplies for Russian military operations.
In a statement shared via social media, Ukrainian President Volodymyr Zelensky highlighted the success of the long-range strike, emphasizing that multiple vessels involved in the transportation of military supplies alongside Iran were targeted.
According to the Ukrainian security service, the vessel has been persistently engaged in facilitating military supplies between Russia and Iran while circumventing international restrictions. However, Iran's Foreign Ministry has rejected these allegations, asserting that the ship is merely a commercial vessel. Reports suggest that the strike resulted in the death of one crew member and injuries to another; though these claims have not been independently verified.
The Iranian government has condemned the attack, labeling it a "hostile act" that could further escalate the ongoing war. In protest, the Ukrainian diplomatic representative in Iran has reportedly been summoned to the country's Foreign Ministry.
In recent years, Russia and Iran have intensified military cooperation, with Iran supplying a variety of military equipment, including Shahed drones, which have been instrumental in Russia's strikes targeting Ukrainian cities.
Additionally, President Zelensky leveled serious accusations against Russia, suggesting that Russian forces are providing Iran with satellite imagery of American and Gulf military installations. He indicated that the data is likely being utilized by Iran to plan attacks.
Since early July, there have been reports of Russian drones monitoring American air bases in Bahrain, Jordan, and Kuwait, with evidence suggesting that this information is being used to inform Iranian military strategies.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඇමරි කාණු පකයො නම් ලෝකෙටම වාත කරුමයක්. නැති යුද්ධ හදල අපි වගේ රටවල් විනාශ කොරන්නයි උන්ගෙ වෑයම.
ReplyDeleteයුක්රේන් කාරයෝ ඉල්ලන් කන්න ආසාවක් දක්වනවා වගේ.
ReplyDelete