එක එක ආයතවලට මුදල් දීලා සමීක්ෂණ වාර්තා කරගන්නේ නැතුව පළාත් සභා මැතිවරණය තියන්න...


​එක පැත්තකින් ආණ්ඩුව ඡන්දයක් තියන්න සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මතය උරගා බලන්න ඕනේ නම්, ඔය එක එක ආයතන වලට මුදල් දීලා සමීක්ෂණ වාර්තා කරන්නේ නැතුව පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. ඉතින් ඒ තුළ තමන්ගේ පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. ​ඉතින් ආයතන වලට මුදල් දිදී සමීක්ෂණ කර කර ඉන්න වෙලාවේ පළාත් සභා ඡන්දය තිබ්බා නම්, ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් සියයට කීයක් කැමතිද නැද්ද කියලා ජනාධිපතිතුමාට හොයාගන්න පුළුවන්. ​හැබැයි ඉතින් අනිත් පැත්තෙන්, ආණ්ඩුව මේ රටේ ජනතාව බඩගින්නේ තියෙනවා. ඒ සමීක්ෂණ වාර්තාවලම සඳහන් වෙනවනේ ජනතාවගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් බඩගින්නේ ඉන්නවා කියලා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ  නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

​ආණ්ඩුව අද තමන් කරපු පොරොන්දු ඉටු කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඉතින් අපි පක්ෂයක් විදිහට ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම් වෙනවා.

​ආණ්ඩුව හිතනවා නම් ජනතාවගේ මතයට විරුද්ධව, මේ රටේ වෘත්තිකයන්ගෙන් සහ මේ රටේ විශේෂයෙන්ම නීතිපති, මේ රටේ නීති වෘත්තියේ ඉන්න අයගෙන් විශේෂයෙන්ම නීතිඥ සංගමය, ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ නීතිඥ සංගමය සහ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන්ගේ සහ සමස්තයක් ලෙස මේ රටේ ජනතාවගේ මතයට විරුද්ධව ගිහිල්ලා, ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථා සංශෝධන ගෙනැල්ලා මේ රටේ බලය තහවුරු කරගන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා.

​ඉතිහාසයේ එවැනි සිදුවීම් වෙච්ච වෙලාවල් වල ඒ කාලයේ තිබිච්ච ආණ්ඩුවලට අත් වෙච්ච තීරණයන් පිළිබඳවත් ආණ්ඩුව අවබෝධය, අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ආණ්ඩුව වැඩ කරන්නේ නැති කොට, තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැති කොට, ආණ්ඩුව උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න.

​නෑ, අද ඒක වෙන්නේ නෑ. හැබැයි ඉතින් ඔබට මතක ඇති අපි ඉතිහාසයේ කතරගම පෙරහැරටත් බෝම්බ ගැහුවා. ජීවිත හයක් නැති වුණා. අදටත් වාසනා ඇත් රජාගේ ඇඟේ ඒ බෝම්බ පාරවල් තියෙනවා.

​හැබැයි එදා පෙරහැරට එවකට තිබිච්ච ආණ්ඩුව ආරක්ෂාව දීලා කතරගම දෙවි හාමුදුරුවන්ගේ පෙරහැර පවත්වාගෙන ගියා. ඒ වගේම තමයි දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. එකෙනුත් බෝම්බ ගැහුවා, ජේ.වී.පී. එකෙනුත් ගැහුවා. හැබැයි දළදා පෙරහැර පැවැත්වුවා.

​ඉතින් රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කාලානුරූපව නොයෙක් අභියෝග එනවා. හැබැයි ඉතින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙහෙයවීම මත නම් පෙරහැරේ පැවැත්ම තීන්දු කරන්නේ, ඉතින් එහෙම නම් ආණ්ඩුවක් ඕනේ නැහැනේ. නේද? ඉතින් එහෙම නම් ආණ්ඩුවක් ඕනේ නැහැ.

​ඒ හින්දා ආණ්ඩුව පෙරහැරට සම්බන්ධ වන කාවඩි වෙන්න පුළුවන්, නර්තනකරුවන් වෙන්න පුළුවන්, අලි ඇතුන් වෙන්න පුළුවන්, නිලමේතුමා වෙන්න පුළුවන්, බලන්න එන වන්දනාකරුවන් වෙන්න පුළුවන් මේ අයගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි.

දැන් මැතිවරණයක් නැහැනේ තවම සහ දේශපාලනයේ අපි හංගලා ගහන්නේ නැහැ. අපි විපක්ෂෙ එක්ක සාකච්ඡා කරනවා නම් අපි එළිපිට සාකච්ඡා කරන්නේ. මොකද අපි ඔය දේශපාලනයේ කොළය වහලා ගහපු දේශපාලනයෙන් බැටකාපු අය. අපේ පක්ෂය කැඩිලා විනාශ වෙලා ගියේ ඔය කොළේ වහලා දේශපාලනය කරන්න ගිහිල්ලා.

​ඒ හින්දා අපි පැහැදිලියෙන්ම අපි කියන්නේ, අපි සාකච්ඡා කරනවා නම් අපි ඒක එළිපිට සාකච්ඡා කරනවා මිසක් හැංගි හොරා සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අපි අවසානයේ හැංගි හොරා මොන සාකච්ඡාව කරත් අපි ජනතාව ඉදිරියට යන්න ඕනේ. ඉතින් ජනතාවගේ අවශ්‍යතාවය මත අපි සන්ධාන හදනවා මිසක්, රටේ අවශ්‍යතාවය මත සන්ධාන හදනවා මිසක්, පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මත අපි සන්ධාන හදන්නේ නැහැ.

​නෑ ඉතින් අපිට සාකච්ඡා කරන්න දෙයක් නැහැ. අපේ මතවාදය එක්ක එකඟ වන, අපේ මතවාදය විශ්වාස කරන සහ මේ රටට ගැලපෙන දේශපාලන වැඩපිළිවෙලක් තියෙනවා කියලා විශ්වාස කරන ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.

​ඒ වගේම තමයි පහුගිය කාලයේ නොයෙක් හේතු හින්දා අපේ අය ඈත් වුණා. ඒ වගේම කණ්ඩායමක් ඈත් වෙනකොට තව කණ්ඩායමක් ළං වුණා. ඉතින් මේ දෙපාර්ශ්වයම ආරක්ෂා කරගෙන අපි ශක්තිමත් බලවේගයක් හදන එක තමයි මට තියෙන වගකීම.

​නාමල් රාජපක්ෂට යන මග හොඳ වුණත්, රටේ ජනතාව මේ මුහුණ දෙන අභියෝගයට හොඳ නැත්නම්, මේ එන කාලසීමාවේ මුහුණ දෙන මග හොඳ නැත්නම්, ඒ මග සුබ කිරීම තමයි නාමල් රාජපක්ෂගේ පළවෙනි අභියෝගය. ඒ හින්දා මේ ආණ්ඩුව ලව්වා තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන එක තමයි අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ.





Government's Credibility in Question as Local Elections Loom

The impending question surrounding whether the government is truly prepared for an election is gaining traction. Critics argue that if the government genuinely seeks to gauge public opinion, it should conduct local elections rather than relying on funded surveys from various institutions. Such local elections would provide invaluable insight into the electorate's mood and preferences, serving as a barometer for the President to assess overall public sentiment.

Reflecting on the political landscape, Namal Rajapaksa, the national organizer of the Sri Lanka Podujana Peramuna (SLPP) and a prominent Member of Parliament, underscored that recent survey reports indicate a significant portion of the populace—over 50%—are dissatisfied with the current administration.

Speaking at a media briefing in the SLPP headquarters, Rajapaksa indicated that the government is currently failing to fulfill its commitments. "As a party, we are always ready to participate in any election at any time," he remarked, stressing the importance of transparency and responsiveness in governance.

He warned that the government is misreading the public sentiment by assuming they can impose constitutional amendments against the will of professionals, including lawyers and associations that represent legal practitioners. Rajapaksa highlighted that such actions would only lead to public disapproval and potential unrest.

Drawing parallels with historical events, he reminded that past governments faced severe challenges when they ignored public sentiment, situating their authority through force rather than proper governance. "Such actions have historically led to unrest—today’s scenario must not reflect those past mistakes," he cautioned.

Rajapaksa further illustrated the importance of national security, noting the complex challenges the country faces. He emphasized that any attempts to undermine security for the sake of political agendas would not be tolerated. The government must ensure that public events, like processions and rituals, are adequately protected, engaging with various stakeholders such as performers and traditional groups to enhance security measures.

Amidst ongoing political deliberations, Rajapaksa maintains that discussions with the opposition are necessary and will be conducted openly. He stressed the need for a political discourse that focuses on the country's genuine requirements rather than individual or party-specific interests.

Expressing a firm stance, he stated, “If we are to engage in discussions, they should be transparent and public. We need to prioritize the people’s demands and form alliances based on their needs, not on personal agendas.”

Looking ahead, Rajapaksa made it clear that unity among like-minded individuals is essential for overcoming the prevailing challenges. He noted that the absence of some party members has allowed others to step forward, and it remains his responsibility to strengthen and unify their support base. He recognized the road ahead as formidable but articulated that navigating these challenges is critical for the welfare of the people.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

16 Comments

  1. එතකොට ආපහු 3%යි කියලා ඔප්පු වෙනවනේ. එහෙම කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. Uba oya kiyanne Pohottuwa gana wenna athi..Un 3% thama dan hamadama

      Delete
    2. හරි ඉතින් පොහොට්‍ටුවට 3%යි නම් භය වෙන්න දෙයක් නෑනේ බං. ඡන්දෙ තියපන්කො.
      උඹලත් දන්නවා හොඳටම කෙලවෙලා තියෙන්නෙ කියලා. ඒකනේ අර ඇඟිල්ල පාට කරන එකත් නැති කරේ.

      Delete
    3. බෝන් ඉගෙන් ලක්ෂ්මන් ලංකට් එක දාලද දන්නෑ ඉන්නේ?

      Delete
    4. තුනයි නෙමෙයි මචං. දෙකයි දශම පහයි. දැන් ඒකත් නෑ. ඉන්නේ අර වඩේ බඩාගේ සෙට් එක විතරයි

      Delete
  2. ඉන්නකෝ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කරනකන්.
    ඊට පස්සේ විපක්ශේ කතා කරන්න පුලුවන් ඔක්කොම හිරේ දාලා මාසයකින් පස්සේ ඡන්දෙ තියනවා.
    එතකොට නිකන්ම උඹලා පරාදයි.

    ReplyDelete
    Replies
    1. නීතිය බල්ලට දාපු උන්ට කෙල වුන කෙලවීම ගැන තේරෙන්නේ තමන්ට ආන්ඩුව නැති උනදාට.

      Delete
    2. අනුරාධපුර, පොලොන්නරුව, අම්පාර, මඩකලපුව 3%ත් නෑ ජෙප්පොන්ට.
      මීගමුව, පුත්තලම ඡන්ද ටික හම්බෙයි ක‍තෝලික ගොන්නු ටිකට තාම තේරෙන්නෙ නැති නිසා. අගරදගුරත් බෝම්බෙ ගහපු සීන් එකට සම්බන්ධ බව උන්ට තේරෙන්න ගත්තම මාලු කපන මන්න අරන් උන් රදගුරාගේ පල්ලිය වටලනවා ලඟදිම. අන්න එදාට ඒ ඡන්ද ටිකත් ඉවරයි.

      Delete
    3. නඩුකාර උන්නාන්සේ වැඩිපුර වැඩ කරාම නීතියට කෙලවෙන්නේ කොහොමද? කුණුහරප කියන්න ඔට්ටු නෑ දන්නැති නිසයි අහන්නේ

      Delete
  3. නිවට ඒකාධිපති ආණ්ඩුවක් අතේ දුරින්.

    ReplyDelete
  4. උඹලාට එහෙම කරන්න ආයතනයක් නැති වුන එක ගැන ජනතාව ඉන්නේ සංතෝෂයෙන්

    ReplyDelete
    Replies
    1. ජනතාව කිව්වේ සිංහල කතා කරන්න දන්න කොටි නේ. උන් ඉන්නේ 5%යි.

      Delete
  5. මේ ආන්ඩුව පලාත් පාලන ඡන්දෙ තියන්නේ නැහැ.
    තියන්න බැහැ. ඒ නිසා ව්‍යවස්ථාව වෙනස් කරලා කොටින්ටයි, මුස්ලිම් උන්ටයි රට බෙදලා, කෙලින්ම අවුරුදු 5 ඉවර උනාම ජනාධිපතිවරණය තියනවා.
    එදාට නාමලයයි, සජියගේ කථිකයො ඔක්කොම ටිකයි, තව විපක්ශෙන් පොදු අපේක්ශකයෙක් දැම්මොත් ඌවයි ඔක්කොම හිරේ දානවා. සජියව හිරේ දාන්නේ නැහැ. ඊට පස්සේ අනුරයා නිකන්ම් ජනාධිපති. මොකද ක‍තෝලික ක්‍රිස්තියානි, දෙමළ , මුස්ලිම් ඡන්ද එකතුව ලක්ශ 40ක්. ඕක තමයි ටිල්වින්ගේ ගණන් හැදිල්ල. හැබැයි ලෝක පාලක දෙවිවරු මේ අමන ‍රැල ගැන ඊට කලින් බලාගන්නවා.

    ReplyDelete
  6. කාවඩි රිවස් විශ්‍රාම එකත් රිවස් නාමල්❤

    ReplyDelete
Previous Post Next Post