මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වී ඇති අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදල නැවත සොයා ගැනීමට නොහැකි වුවහොත්, එම පාඩුව පියවා ගැනීම සඳහා මහජන බදු මුදල් භාවිතා කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා අනාවරණය කළේය.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.
මෙහිදී හෙළි වූ විශේෂ කරුණක් වූයේ, මහා භාණ්ඩාගාරය වැනි අතිශය රහස්‍ය තොරතුරු හුවමාරු වන ආයතනයක්, 2019 වසරේදී භාවිතයෙන් ඉවත් කළ යුතු යල් පැන ගිය ඊමේල් සර්වර් පද්ධතියක් 2026 වසර දක්වාම භාවිතා කර තිබීමයි.
මෙම පද්ධතිය යාවත්කාලීන කර නොතිබීම හේතුවෙන් එය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට ද සැක පළ කෙරේ.
පසුගිය නොවැම්බර් මාසයේදී අදාළ ගෙවීම් තුන් වතාවක්ම ප්‍රතික්ෂේප වී ඇති අතර, ඒ පිළිබඳව මහ බැංකුව විසින් භාණ්ඩාගාරය දැනුවත් කර තිබේ.
එසේම අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව මඟින් ද මුදල් විශුද්ධිකරණය සම්බන්ධ ගැටලුවක් පවතින බවට අනතුරු ඇඟවීම් කර තිබියදීත්, ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කිරීමට භාණ්ඩාගාර නිලධාරීන් අපොහොසත් වී ඇති බව කාරක සභාවේදී විවේචනයට ලක් විය.
භාණ්ඩාගාරය සතු තොරතුරු පද්ධති සම්බන්ධයෙන් වාර්ෂික විගණනයක් සිදු කර නොමැති බව ද මෙහිදී අනාවරණය විය.
ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු වූ මෙම මුදල වංචනික ලෙස වෙනත් ගිණුමකට බැර වී ඇති අතර, එම මුදල නැවත ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව ලේකම්වරයා පැවසීය.
කෙසේ වෙතත්, එම මුදල අයකර ගැනීමට නොහැකි වුවහොත් අයවැය ප්‍රතිපාදන මඟින් එනම් මහජන මුදලින් එම ණය පියවීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.
Two Million US Dollars Missing from Treasury, Public Funds at Risk
The Secretary to the Ministry of Finance, Harshana Sooriyapalam, has revealed that if the $2.5 million missing from the national treasury cannot be recovered, the government may have to resort to using public tax money to cover the loss.
This alarming information was disclosed during a meeting of the Committee on Public Finance (COPF), chaired by Dr. Harsha de Silva.
A particularly concerning point raised during the session was that the treasury has continued using an outdated email server system, originally scheduled for decommissioning in 2019, until 2026. This failure to modernize the system has raised suspicions of potential hacking vulnerabilities.
Furthermore, it was reported that payments related to this issue have been rejected three times in the past November, with the Central Bank having notified the treasury regarding these complications.
Warnings from the American Federal Reserve regarding issues related to fund purification have also been ignored, prompting criticism that treasury officials have failed to conduct proper investigations into the matter.
The meeting also revealed that the treasury has not conducted an annual assessment of its information systems, further highlighting a lack of oversight.
It was noted that the funds intended for payment to Australia had been fraudulently redirected to a different account. The Secretary confirmed that discussions are ongoing with Australian authorities to recover the amount.
However, if recovery fails, he reiterated that public funds sourced from the national budget would have to bear the burden of the loss.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔව්, වෙන කරන්ඩ දෙයක් නෑ, නමුත් හිතා මතා කරපු හොරකමක් නෙවේ නේ, ආයේ ඔය වගේ දේවල් වෙන්ඩ ඉඩ තියන්ඩ එපා, හොඳින් හොයලා බලලා කටයුතු කරන්න, ජනතාවට ඔබලා විශ්වාසයි.
ReplyDeleteඈ බූරුවෝ හිතාමතා නෙවෙයි නම් මේක වගකීම් පැහැර හැරීමක් නෙවෙයිද? උඹ වගේ මෝඩ ඩෝබි හැත්තට ඕවා තේරෙන්නේ නෑ.
Delete"පසුගිය නොවැම්බර් මාසයේදී අදාළ ගෙවීම් තුන් වතාවක්ම ප්‍රතික්ෂේප වී ඇති අතර, ඒ පිළිබඳව මහ බැංකුව විසින් භාණ්ඩාගාරය දැනුවත් කර තිබේ.
එසේම අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව මඟින් ද මුදල් විශුද්ධිකරණය සම්බන්ධ ගැටලුවක් පවතින බවට අනතුරු ඇඟවීම් කර තිබියදීත්, ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කිරීමට භාණ්ඩාගාර නිලධාරීන් අපොහොසත් වී ඇති බව කාරක සභාවේදී විවේචනයට ලක් විය."
ජයලත් දුරයගේ චමින්ද ජයලත් කියන්නෙත් අපේ පතිරණ ගලප්පත්ති සහෝදරයටම බව කරුණාවෙන් සලකන්න.
Deleteආරියතිලක
Delete"අතුරුදන් ඩොලර් මිලියන දෙකහමාර හොයාගන්න බැරිවුනොත් නැවත භාණ්ඩාගාරයෙන් ගෙවන්න වෙනවා..- මුදල් ලේකම්"
1987/88/89 ජවිපෙ කැරැල්ලෙදී මහජනතාවගෙන් කොල්ලකන ලද දේපොළ මුදල් කොතෙක් නම් තව ම සොයා ගන්න බැරි වී තිබේ ද? ජවිපෙට හා ජවිපෙ සාමාජිකයන්ට ඔය ක්‍රමය හොඳට පුරුදු යි. මොකෝ තමන් හරි හම්බ කර ගෙන ජීවිත් වූ පිරිසක් යැ.
The wrong out dated email is not an excuse. Harshana says the email is old as 2019, but Ranils governmmet used it with no problem?
ReplyDelete
ReplyDeleteආරියතිලක
"අතුරුදන් ඩොලර් මිලියන දෙකහමාර හොයාගන්න බැරිවුනොත් නැවත භාණ්ඩාගාරයෙන් ගෙවන්න වෙනවා..- මුදල් ලේකම්"
1987/88/89 ජවිපෙ කැරැල්ලෙදී මහජනතාවගෙන් කොල්ලකන ලද දේපොළ මුදල් කොතෙක් නම් තව ම සොයා ගන්න බැරි වී තිබේ ද? ජවිපෙට හා ජවිපෙ සාමාජිකයන්ට ඔය ක්‍රමය හොඳට පුරුදු යි. මොකෝ තමන් හරි හම්බ කර ගෙන ජීවිත් වූ පිරිසක් යැ.
තෝ එහෙම කියන්නේ කොහොමද පාහර බල්ලෝ 😡🤮 හොර තක්කඩියා 😡🤮 අපේ රටේ ජනතා රීරි මාංශ හූරාගෙන කාලා, මහජන මුදල් මංකොල්ල කාලා තව බබා හුකුං වෙන්න එනවාද? 😡🤮 තොපිට පරම්පරා ගාණක් අවීචි මහා නිරයේ පැහෙන්න සිදුවෙන දවස ඉතාම ආසන්නබව දැනගෙන හිටු, කාලකණ්නි පකයා 😡🤮🤮🤮
ReplyDelete