රතු මුහුදේ යාත්‍රා කරන සෞදි නෞකාවලට හවුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය යේමනයේ හොඩෙයිඩා වරායට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
ඉරානයේ සහය ලබන හවුති සටන්කාමීන් පසුගිය සතියේදී සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරතාවයක් ප්‍රකාශයට පත් කළේය. එයට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ සෞදිය විසින් යේමනයට පනවා ඇති "අසාධාරණ වැටලීමයි".
මෙම තත්ත්වය හමුවේ සෞදි සන්ධානයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල්-මලිකි සඳහන් කළේ, වාණිජ නෞකාවලට තර්ජනයක් වන හවුති හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
හවුති පාර්ශවයට සම්බන්ධ 'අල් මසීරා' රූපවාහිනිය වාර්තා කළේ මෙම ප්‍රහාරවලින් සන්නිවේදන මධ්‍යස්ථානවලට හානි සිදුව ඇති බවයි. තවද, රතු මුහුදේ පිහිටි කමරන් දූපතට එල්ල වූ ප්‍රහාරයකින් කාන්තාවක තුවාල ලබා ඇති බව ද එම වාර්තාවල සඳහන් වේ. හවුති දේශපාලන අංශය මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ද ප්‍රහාරවලට ප්‍රහාරයෙන්ම පිළිතුරු දෙන බවයි.
හොඩෙයිඩා වරායට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස හවුති සටන්කාමීන් සෞදි අරාබියේ ජාසාන් කාර්මික නගරයට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ. එහිදී සෞදි රජයට අයත් 'අරාම්කෝ' (Aramco) තෙල් සමාගමේ මධ්‍යස්ථානයක විශාල ගින්නක් හටගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය පවසයි. හවුති සටන්කාමීන් පවසන්නේ මෙම සතිය තුළ සෞදියට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකක් ද තමන්ගේ ඉලක්ක බවට පත් වූ බවයි.
මේ අතර, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ හවුති සටන්කාමීන් යනු ඉරානයේ නියෝජිත පිරිසක් බවත්, ඔවුන්ට එරෙහිව දැඩි හමුදාමය දඬුවම් පමුණුවන බවත්ය.
2014 වසරේ සිට යේමනයේ පවතින මෙම සිවිල් යුද්ධය හේතුවෙන් එරට තුළ දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, නවතම ප්‍රහාර මාලාව එම තත්ත්වය තවදුරටත් දරුණු කරනු ඇත.
Escalation of Conflict in Yemen: Saudi Arabia Responds with Airstrikes
In response to attacks on its vessels by allied militants in the Red Sea, Saudi Arabia launched a series of intense airstrikes targeting the port city of Hodeidah in Yemen. This marks a significant escalation in the ongoing conflict in the region.
Militants receiving support from Iran had previously declared a naval blockade against Saudi Arabia last week, citing what they described as "unjust attacks" imposed by the Kingdom on Yemen.
Major General Turki al-Maliki, spokesperson for the Saudi coalition, emphasized that the strikes were aimed at military hubs exhibiting threats to commercial shipping vessels. This assertion underlines the coalition's commitment to securing maritime routes against potential threats.
The Iranian-backed news channel 'Al Masirah' reported damages to communication centers due to these attacks. Additionally, there are reports of a woman suffering injuries from an attack on Kamaran Island, located in the Red Sea. The militant faction has vowed to respond decisively to these strikes, reiterating their intent to escalate military actions.
In retaliation for the airstrikes on Hodeidah, ground forces affiliated with the militants reportedly targeted the industrial city of Jazan in Saudi Arabia. Foreign media outlets stated that a large fire erupted at a facility belonging to Aramco, the Saudi state oil company, as a result of these assaults. Militants also claimed to have targeted two Saudi oil tankers this week, marking a significant threat to the Kingdom's oil transport operations.
Meanwhile, U.S. President Donald Trump expressed that the militant forces represent a proxy group for Iran, promising severe military repercussions against them.
The civil war in Yemen, ongoing since 2014, has led to a severe humanitarian crisis in the country, and the recent series of attacks is expected to exacerbate the already dire situation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඒක අල්ලගේ කැමැත්ත ලු බොලා කලබල වෙන්න දෙයක් නෑ.
ReplyDeleteයේමනයේ හූති ත්‍රස්ථවාදී සටන් කාමීන්ට පහරදීමට සෞදි අරාබිය ගත් තීරණයට අපගේ ප්‍රණාමය.
ReplyDelete