ඉරානයට එරෙහිව ඇමරිකාවෙන් යළිත් දැවැන්ත ප්‍රහාර: සටන් විරාමය අවසන් බව ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දෙයි


 හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීම සහ වෙළඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු මධ්‍යම බලකාය විසින් ඉරානයේ ඉලක්ක වෙත යළිත් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

 ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත මෙම ප්‍රහාර ක්‍රියාත්මක වූ බව ඇමරිකානු බලධාරීහු තහවුරු කරති.

ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, එරට න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි බුෂෙහර් නගරයට මෙන්ම බන්ඩර් අබ්බාස්  සහ සිරික්  යන වරාය නගර වෙත ද මෙම ප්‍රහාර එල්ල වී ඇත. අන්තර්ජාතික මුහුදු මාර්ගවල සිවිල් නෞකාවලට සහ කාර්ය මණ්ඩලවලට එරෙහිව ඉරානය සිදු කරන අසාධාරණ ආක්‍රමණශීලී ක්‍රියා සම්බන්ධයෙන් එම රට වගකිව යුතු බව ඇමරිකානු මධ්‍යම බලකාය සිය නිල ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

තුර්කියේ පැවති නේටෝ  සමුළුව නිමවා යළි පැමිණෙමින් සිටින ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ, ඉරානය තවදුරටත් නෞකාවලට ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකානු ප්‍රහාර මීට වඩා බොහෝ සෙයින් දරුණු වනු ඇති බවයි. දෙරට අතර පැවති සටන් විරාමය දැන් අවසන් බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මේ අතර, ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ඇති ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධකරුවෙකු"ලෙස හඳුන්වා දී තිබේ.

මෙම නව ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ සාමය යළිත් බරපතළ අර්බුදයකට ලක්ව ඇති අතර, එය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් මතුව ඇත.





US Launches New Strikes Against Iran Following Maritime Threats

In a significant escalation of tensions in the Hormuz Strait, the US Central Command has initiated a series of targeted strikes against Iran in response to recent threats aimed at disrupting maritime navigation and attacks on commercial vessels.

American officials have confirmed that these operations were carried out under the direct orders of President Donald Trump.

According to reports from Iranian state media, the strikes have targeted several key locations within Iran, including the city of Bushehr, known for its nuclear facilities, as well as the ports of Bandar Abbas and Sirik. The US Central Command stated that Iran must be held accountable for its unwarranted aggressive actions against civilian vessels and personnel in international waterways.

Returning from a NATO summit in Turkey, President Trump issued a warning on social media, asserting that should Iran continue its assaults on vessels, American strikes would become significantly more severe. He emphasized that the truce previously existing between the two nations has now come to an end.

The Iranian Deputy Foreign Minister condemned Trump's military initiatives, branding him a "criminal." This new outbreak of hostilities threatens to plunge the Middle East region into deeper turmoil, raising the specter of a larger regional conflict.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post