ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය තුළ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය දූෂණ, වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
දූෂණ විරෝධී පනත යටතේ ක්‍රියාත්මක මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන දනිෂ් අලි මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවය.
මෙම විමර්ශනයට අදාළව, 2023 සැප්තැම්බර් 11 වැනි දින නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් විස්තරාත්මක ප්‍රකාශයක් ලබා දීම සඳහා දනිෂ් අලි මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
ඒ අනුව, එළඹෙන ජූලි 31 වැනිදා අදාළ ලේඛන ද සහිතව එම කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණෙන ලෙස ඔහුට දැනුම් දී ඇත.
හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ප්රමුඛ පරිපාලනය යටතේ සිදු වූ බව කියන දූෂණ මෙන්ම, තිලංග සුමතිපාල මහතාගේ පාලන සමයේ සිදු වූ බව පැවසෙන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව ද මෙම පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.
විශේෂයෙන්ම, එවකට ක්‍රිකට් පාලන අධිකාරිය සහ ඔට්ටුකරුවන් අතර පැවති බව කියන අනීතික සබඳතා, තරග පාවාදීමේ චෝදනා සහ ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් දනිෂ් අලි මහතා විසින් කොමිෂන් සභාව හමුවේ කරුණු දැක්වීමට නියමිතය.
Commission Launches Investigation into Financial Misconduct in Sri Lanka Cricket Administration
The Commission to Investigate Allegations of Bribery or Corruption has commenced a comprehensive inquiry into alleged financial misconduct, fraud, and various irregularities within the administration of Sri Lanka Cricket. This investigation follows a complaint lodged by social activist Danish Ali.
Operating under the Anti-Corruption Act, this probe was initiated in response to concerns outlined in a special report issued on September 11, 2023. Danish Ali has been summoned to provide a detailed statement regarding the claims contained within this report.
He has been instructed to present himself to the Commission on July 31, along with relevant documentation to support his assertions.
The allegations not only involve various corrupt practices that purportedly took place under the leadership of former chairman Shammika Silva but also refer to financial frauds and irregularities during Thilanga Sumathipala's tenure.
Specifically, Danish Ali is expected to shed light on purported illicit connections between cricket administration and bookmakers, accusations of match-fixing, and instances of financial mismanagement within the cricketing institution.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අල්ලස් කොමිසමේ එවුන් නැට්ට පුපේ ගහගන ආපහු යනවා යනවාමයි.
ReplyDeleteමුන්ගෙ ලොකුම වැඩේ හොරු ඇල්ලීම. හැබැයි ආර්තිකේ බල්ලට.
ReplyDeleteමේවට රැවටෙන ගොන් රැලකුත් ඉන්නව....වහල්ලු.
අපි චන්දෙ දුන්නේ හොරු අල්ලන්න බන්. අවුරුදු 76ක් නොකරපු සංවර්ධනයක් කරන්න නෙමෙයි. හොරු අල්ලලා උන් හොරාකාපු රටේ සල්ලි ගත්තම නිකම්ම ආර්ථිකේ හැදෙනවා. දැනට බිලියන ගණනක් සල්ලි රාජසන්තක කරලා තියෙනවා. උඹත් හොරෙක් වගේ. පොඩ්ඩක් ඉවසගෙන හිටපන්. මිනිමරුමකට ස්ත්‍රී දුෂණයකට තීන්දුව ගන්න අවුරුදු 24ක් යන රටේ අරලියගහ මන්දිරේ කැලා නිතිය යටතේ නඩු අහලා ශිරානි බණ්ඩාරනායක ගෙදර යැව්වා වගේවත් සරත්ෆොන්සේකා හිරේ දැම්මා වගේවත් කරන්න ගියොත් බංකොලොත් වෙච්ච රටේ අයෙත් IMF තියා සුද්දෙක්වත් එන එකක් නැහැ. එහෙම වුනොත් උඹලා ආයේ වැල් පාලමේ නෙමෙයි යන්න වෙන්නේ ටාසන්ලා වගේ වැල් වල එල්ලිලා. අනෙක මුන්ට ජාත්‍යන්තරේ හොඳ තැනක් තියෙනවා. නැත්නම් ඔහම උදව් කරන්නේ නැහැනේ. ඔය බල්ලෝ බිරුවට හඬ පාත්වෙන්නේ නැහැ බන්.
Delete