මීගමුව බන්ධනාගාරයේ පසුගිය දින දෙක පුරා පැවති දරුණු ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව, එහි ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කණ්ඩායම් ද බන්ධනාගාර පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ වන විට යොදවා ඇත.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බන්ධනාගාර බස් රථ මගින් රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේ කටයුතු රාත්‍රී කාලයේදීත් අඛණ්ඩව සිදු කෙරේ.
මේ අතර, සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් රාත්‍රී කාලයේදීත් බන්ධනාගාර පරිශ්‍රය අසල රැඳී සිටින අයුරු දක්නට ලැබිණි.
මෙම දරුණු ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු වී ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 100 ඉක්මවා ඇත.
තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් සහ ආරක්ෂක කටයුතු සිදු කරමින් සිටියි.
Security Heightened at Mahingama Prison Following Violent Clashes
In the wake of severe unrest that erupted over the past two days at Mahingama Prison, authorities have moved swiftly to bolster security measures throughout the facility. The aggressive incidents prompted an immediate response, leading to an increased presence of law enforcement and military personnel in the vicinity.
In addition to routine police security, specialized police units and Army teams have been deployed to ensure the safety of both the prison grounds and the surrounding areas. This step recognizes the ongoing volatile atmosphere that remains a concern for both inmates and the general public.
Evaluating the situation, arrangements are being made for the transfer of detainees to other prisons via transport buses, continuing even during nighttime hours to maintain operational security.
During the night, a significant number of family members and friends of inmates have been observed gathering near the prison, presumably awaiting information about their loved ones.
The violent clashes have tragically resulted in the deaths of 26 individuals, with confirmed injuries exceeding 100. Many of the wounded require hospitalization for medical treatment as security forces carry out ongoing operations within the prison to maintain order and restore calm.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පෝහොට්ටුවේ වැඩත් වගේ. නාමල්ගේ ‘ කුඩු බිස්නස් පැත්තත් එක්ක සම්බන්ධතා තියෙන අයත් ඇතුළත් කරගෙන ‘අලුත් දේශපාලන ප්‍රතිසංස්කරණ’ කරගෙන යනවා වගේ තමයි පේන්නේ
ReplyDeleteහැම මගුලකටම පොහොට්ටුවයි රාජපක්කලයි ගාවන්න එපා ඕයි. තොපි වගේ දාර නූගත් ජෙප්පො කියන ඒවා සතේකට විශ්වාස කරන්නෙ නැත්තෙ ඒකයි මිනිස්සු. බන්ධනාගාර මිනීමැරුම්වලට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන විධායකය.
Delete